
( ටී.කේ.ජී.කපිල )
ප්‍රංශයේ පැරිස් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයට , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , ශ්‍රී ලංකා ධජ රැගෙන එහි පෙළපාලියේ ගමන් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා , හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ අද(13) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් දෙදෙනා අලුයම 03.30 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-658 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ , ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රීඩා අංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔලිම්පික් සමාප්තියට ධජ රැගෙන ගිය දෙදෙනා කටුනායකට