ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගී වි සිටින චීන දිය පිමි කී‍්‍රඩක කින් කායි තම පෙම්වතිය වන දිය පිමි කී‍්‍රඩිකා හේ ෂී ට විවාහ යෝජනාවක් කළේය.
හේ ෂී පෙරේදා දිය පිමි ඉසව්වට සහභාගිවෙමින් රිදී පදක්කම දිනාගැනීමට සමත්වූ අතර පදක්කම් පැළැඳ වූ විගස එම ස්ථානයට පැමිණි කින් කායි ඇයට මුදුවක් දික්කරමින් විවාහ යෝජනාවක් කළේය.
කින් කායි මීටර 3 පිරිමි දිය පිමි (ස්පි‍්‍රන්බෝඩ්) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.
කින් කායිගේ හා හේ ෂී ගේ ආදර කතාවට අවුරුදු හයක් වන අතර ඔහු තමා පදක්කම දිනූ දිනම මෙසේ යෝජනාවක් ගෙනෙනු ඇතැයි විශ්වාස නොකළ බව ඉන් අනතුරුව හේ ෂී පවසා තිබුණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උණුසුම් සුබ පැතුම්. දෙන්නටම.(හේ)
දෙන්නාටම රන් පදක්කමක් ලැබුනා වගේ ඇති. සුභ පැතුම්! (නි)
හදවතින්ම සුභ පතනවා (ම)
හරිම සංවේදී පුවතක් (නි)
මගේ ඇහැට කඳුළු ආවා (නි)
හදවතින්ම සුභ පතනවා (අ)