ජූලි මස 27 වැනිදා ලන්ඩන් නුවරදී ආරම්භ වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ගිනිසිළුව ඊයේ (17 වැනිදා) ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සංවිධායකවරුන්ට බාර දෙන ලදි. වර්ෂ 1896 දී නූතන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පළමු වරට පැවැති ගී‍්‍රසියේ පැනතීනියා කී‍්‍රඩාංගණයේදී ඔලිම්පික් ගිනිසිළුව බාර ගැනීමට පැමිණ සිටි එංගලන්ත දුත පිරිසේ නායිකාව වූයේ එළිසබෙත් මහරැජිනගේ දියණියක වන ඈන් කුමරියයි. ලන්ඩන් ඔලිම්පික් සංවිධාන කමිටුවේ සභාපතිවරයා වන හිටපු ඔලිම්පික් කී‍්‍රඩක සෙබස්තියන් කෝ, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයකු සහ ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් යන මහත්වරුද මෙම දුත පිරිසට ඇතුළත් වූහ. ඈන් කුමරිය, එංගලන්ත ඔලිම්පික් සංගමයේ සභාපතිනියයි. කි‍්‍රස්තු පූර්ව 330 දී ඉදිකරන ලද පැනතීනියා කී‍්‍රඩාංගණය පළමු වැනි නූතන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා 1896 දී නවීකරණය කරන ලදි. බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේදී ඇතෑන්ස්හි බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයේ පහන් දැල්වීම සඳහා යොදා ගන්නා ඔලිම්පික් ගිනි සිළුව, සිකුරාදා බි‍්‍රතාන්‍ය ගු-වන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් නිරිත දිග එංගලන්තයේ නාවික කඳවුරක් කරා රැගෙන යනු ඇත. එතැන් සිට මහා බි‍්‍රතාන්‍යයේ ගමන් අරඹන ඔලිම්පික් ගිනි සිළුව, මාස දෙකක කාලයක් පුරා ධාවකයන් 8000 ක් අතිනතින්, සැතපුම් 8000 ක (කිලෝ මීටර 12,874 ක්) දුරක් ගමන් කිරීමෙන් අනතුරුව ඔලිම්පික් කී‍්‍රඩාංගණය කරා පිවිසෙනු ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කූල්......
නියම සුපර් අයිඩියා එකක්
හැම රටකම ඉන්න අපේ පරණ යාළුවෝ