IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඔලිම්පික් ගිනි සිළුව එංගලන්තයට බාරදෙයි

ජූලි මස 27 වැනිදා ලන්ඩන් නුවරදී ආරම්භ වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ගිනිසිළුව ඊයේ (17 වැනිදා) ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සංවිධායකවරුන්ට බාර දෙන ලදි. වර්ෂ 1896 දී නූතන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල පළමු වරට පැවැති ගී‍්‍රසියේ පැනතීනියා කී‍්‍රඩාංගණයේදී ඔලිම්පික් ගිනිසිළුව බාර ගැනීමට පැමිණ සිටි එංගලන්ත දුත පිරිසේ නායිකාව වූයේ එළිසබෙත් මහරැජිනගේ දියණියක වන ඈන් කුමරියයි. ලන්ඩන් ඔලිම්පික් සංවිධාන කමිටුවේ සභාපතිවරයා වන හිටපු ඔලිම්පික් කී‍්‍රඩක සෙබස්තියන් කෝ, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයකු සහ ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් යන මහත්වරුද මෙම දුත පිරිසට ඇතුළත් වූහ. ඈන් කුමරිය, එංගලන්ත ඔලිම්පික් සංගමයේ සභාපතිනියයි. කි‍්‍රස්තු පූර්ව 330 දී ඉදිකරන ලද පැනතීනියා කී‍්‍රඩාංගණය පළමු වැනි නූතන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා 1896 දී නවීකරණය කරන ලදි. බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේදී ඇතෑන්ස්හි බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයේ පහන් දැල්වීම සඳහා යොදා ගන්නා ඔලිම්පික් ගිනි සිළුව, සිකුරාදා බි‍්‍රතාන්‍ය       ගු-වන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් නිරිත දිග එංගලන්තයේ නාවික කඳවුරක් කරා රැගෙන යනු ඇත. එතැන් සිට මහා බි‍්‍රතාන්‍යයේ ගමන් අරඹන ඔලිම්පික් ගිනි සිළුව, මාස දෙකක කාලයක් පුරා ධාවකයන් 8000 ක් අතිනතින්, සැතපුම් 8000 ක (කිලෝ මීටර 12,874 ක්) දුරක් ගමන් කිරීමෙන් අනතුරුව ඔලිම්පික් කී‍්‍රඩාංගණය කරා පිවිසෙනු ඇත.



අදහස් (0)

ඔලිම්පික් ගිනි සිළුව එංගලන්තයට බාරදෙයි

මතුර්චාන් Friday, 18 May 2012 05:10 PM

කූල්......

:       0       0

මතුර්චාන් Friday, 18 May 2012 05:14 PM

නියම සුපර් අයිඩියා එකක්

:       0       0

මතුර්චාන් Friday, 18 May 2012 05:16 PM

හැම රටකම ඉන්න අපේ පරණ යාළුවෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site