IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඔයේ තිබූ සිරුරෙන් තොරතුරු එළියට

(තිලකරත්න දිසානායක)

අත්තනගලු ඔයෙහි දාරළුව ප්‍රදේශයේ තිබී ඉකුත් 5 වෙනි දින සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ගම්පහ මූලස්ථාන පොලීසිය මගින් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට ඇතිවූ සැකය මත බැලුම්මහර ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි.

ඔයෙහි තිබී හමුව ඇති මළ සිරුර බැලුම්මහර ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංග ද සිල්වා නමැති 40 හැවිරිදි විවාහක පුද්ගලයකුගේ බවට පොලීසිය හදුනාගෙන ඇති අතර මළ සිරුර සම්බන්ධයෙන් සිදු කළ මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දුන්නේය.

අනතුරුව මෙය ඝාතනයක් ලෙස සලකා සිදු කළ වැඩි දුර විමර්ශනයට අනුව බැලුම්මහර සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස 39 සහ 46 අතර වයසේ පසුවන පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.

මොවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයට ලක්වූ අය තැනැත්තාට අයත් යතුරු පැදියද අත්තනගලු ඔයට දැමූ බවට අනාවරණයවීම මත අද (9) සවස නාවික හමුදා කිමිදුම් කරුවන් කැදවා එම යතුරු පැදිය ගොඩ ගැනීමට පියවර ගෙන තිබිණි.

 



අදහස් (0)

ඔයේ තිබූ සිරුරෙන් තොරතුරු එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site