තෙවැනි වතාවටත් තමා තරග කළොත් ජයග්‍රහණය කරන බව ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කියයි.
කෙසේ වුවද තමන් ඇමෙරිකා ව්‍යවස්ථාවට ගරු කර එම අදහසින් බැහැර වන බව ද ඔබාමා පවසයි.
ඇමෙරිකා ජනාධිපති මේ අදහස් පළ කළේ ඉතියෝපියාවේ සංචාරයකට නිරතවන අතරතුරදී ය.
‘මම ඇත්තටම හිතන්නේ මම හොඳ ජනාධිපතිවරයෙක්. මම හිතන්නේ මම තරග කොළොත් දිනන්න පුළුවන්. නමුත් මට බැහැ. අමෙරිකාවේ ඉදිරියට ගෙන යන්න ගොඩක් දේවල් කරන්න මම ආසයි. නමුත් නීතිය නීතියමයි. ඉතින් නීතියට උඩින් කවුරුත් නෑ. ජනාධිපති වුණත් නීතියට යටත්.‘
ඇමෙරිකා ජනාධිපතිවරයකුට බලයේ සිටිය හැකි උපරිම කාලය වසර අටක් ලෙස එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති පුටින් මුලින්ම පුළුවන් දෙපාරම සිය රටේ ජනාධිපති වශයෙන් සේවය කළා. ඉන් පසුව අගමැති වී,දැන් නැවතත් රුසියාවේ ජනාධිපතිලෙස සේවය කරනවා. එය එ් රටේ ජනතාවගේ කැමැත්ත.(නදී)
ඇමෙරිකාව සංවර්දිත රටක්. අපි එතෙනට එන්න දක්ෂ ශක්තිමත් නායකයෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ඔය ව්‍යවස්ථා වලට වැඩකරන්න. (නදී)
ඔබාමා ගාව සුමනදාස කෙනෙක් නැතුවා වගේ (නදී)
ඔබාමා ලොවටම ආදර්ශයක් (නි)
මහින්ද කියන්නේ කපටි කමින් පිනට ආව මිනිහෙක් නේ. ඔබාමා කියන්නේ උගත් බුද්ධිමත් මිනිහෙක්. (බ)
ඇමෙරිකාවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (බ)
ඉතින් ඒක හරි නීතියට යටත් ඇමරිකාවේ ජනාධිපති. මෙහේ අය නෙවෙයි (බ)
අනේ ඔබාමා ජනපති තුමනි, තව පාරක් ඉල්ලන්න එහෙම නොඋනොත් අපේ රටෙන් හොටු පෙරපෙර අඩන්න කට්ටිය අරන් එනවා. ඔබට තියෙන්නේ හෝටලයකට කියල කන්න ටිකක් හා බොන්න අරක්කු දෙන එක පමනයි (නදී)
ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .... අපේ කට්ටිය ගෙදර යන්නේ නැහැ ... ගෙදර ගිහින් නිකන් ඉන්න බැහැ ... (නි)
නියම මහත්තයෙක්, අලුත් කෙනෙකුට අවස්ථාවක් දීලා යන එක (නි)
බලන්න අපේ මහින්ද මහත්තයත් ඔය වගේනේ හිතුවේ. එ්කනේ ලේකම්ට රටබාර දුන්නේ. එ් විතරද දේශපාලනයෙනුත් විශ්‍රාම ගියානේ ! (නදී)
පියලාල් බූරුවෙක් වගේ කතා කරන්න එපා. කොහෙද සංවර්ධනය නැවතිලා තියෙන්නේ ? මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය / කොළඹ - නුවර අධිවේගී මාර්ගය / ත්‍රිකුණාමල වරාය සංවර්ධනය පටන් ගත්තේ නැද්ද ? ඒවා ලොකුවට උත්සව තියලා බොරු වියදම් කරලා කරපු නැති හින්දා ඔයා දන්නේ නැතුව ඇති. ආදර්ශෙට ගන්න ඕන කතාවක්. ඔබාමට පුළුවන්කම තියෙද්දී මිනිස්සු කැමති වෙලා ඉද්දි උනත් නීතියට පිටින් යන්නේ නෑ. ඇත්තටම ආඩම්බරයි ඔබාමා ගැන (නදී)
ඇමෙරිකාවට ඕනේ තරම් නායකයෝ ඉන්නවා, ඇමෙරිකාව ගැන හිතන. එ්ත් ලංකාවට එහෙම නැහැනේ. (නදී)
ජනාධිපති කෙනෙක් ඕන තරම් කාලයක් රට පාලනය කළාට කමක් නෑ, දුෂණය වංචාව, මැරකම්,කොමිස් ගැහිලි,වැනි අපරාධ කරන්නේ නැතුව. (බ)
ඔබාමා ඔබ එහම වුනාට, අපේ මහින්ද එහෙම නැහැ (බ)
කලින් සුමනදසගේ කීමට ඇනගත්තා, දැන් විමල්, ගම්මානපිල , වාසුගේ කීමට එන ගන්න හදන්නේ! (ම)
ඉල්ලන්නේ කොහොමද ඇමරිකානු සුදු-කළු ගැටුම දුර දිග ගිහින් (ම)
මහින්ද වගේද ඔබාමා (බ)
නීතියේ නිර්වචනය නොදැන ඉන්න තරම් ඔබාමා මෝඩද (බ)
ශිහ් ! විමලාවතී ඉන්න තිබුනේ අැමෙරිකාවෙනේ ? (බ)
ලෝකේ ඕනෑම ශිෂ්ඨ සම්පන්න ජන නායකයෙක්ගේ තමන්ගේ වාසියට රටක පොදු නීතිය වෙනස් කරන්නේ නැහැ.(නදී)
අනේ යන්න එපා. ව්‍යවස්තාව වෙනස් කරලා ඉන්න. ගියත් අපි එනවා ගෙදරට හොයාගෙන අපිට ඔයාව ඕනි කියල ඉල්ලන්න. එතකොට එන්නම ඕනි. (නදී)
ඒකටත් එක්ක ලංකාවේ හිටපු අය බලයට හරිම කෑදරයි (නදී)
අගමැති කමට වත් බැලුවොත් හොඳ නැද්ද ? අර අහවල් රටේ කෙනා වගේ (නදී)
මේවා දැකලා වත් මොලේ පෑදෙන්න ඕනේ මේ මනුස්සයාගේ (නදී)
මහින්ද උන්නැහේගෙන් ඔබාමා කෙනෙක් බලාපොරොත්තුවෙන්න බැහැ. මේ දෙන්න මොන අතින් බැලුවත් හාත්පසින්ම වෙනස් දෙන්නෙක්. මොනවා වුනත් මේ වටිනා කතාව අහල මහින්ද උන්නැහේට එයා දැන් වලිකන පාර්ලිමේන්තු මැතිවරණයෙන් අයින්වෙන්න නම් තවමත් පුළුවන් (නදී)
අයියෝ වෙනස් කරන්නකෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මහින්ද හිටිය නම් කෙලින්ම ඕක කරනවා. මහින්ද වගේ හොරෙක් නෙමෙයි ඔබ තුමා නියම නායකයෙක්. (නදී)
ඒකට අපේ ගොයියා (නදී)
පිස්සු තමයි (නදී)
මහින්ද ව්‍යවස්ථාව වෙනස් කරලයි තුන්වන වර තරඟ කළේ. එනිසා ඒක නීතියට අනුකුලයි. ඇමෙරිකාව දියුණු රටක් නිසා එකම ජනපති වරයෙක් දිගටම සිටිය යුතු නැහැ. නමුත් ලංකාව දියුණු වේගෙන යන රටක් නිසා එක ක්‍රමයක් යම් කාලයක් පැවතිය යුතුයි. දැන් බලන්න කලින් කරපු සංවර්ධන වැඩ නැවතිලා. ඉතින් කොහොමද දියුණු වෙන්නේ. සිංගප්පුරුවේ හිටපු ජනපති ලික් උවාන් යු දැඩි නීති රෙගුලාසි පනවා අවුරුදු 35 දිගටම පාලනයක් ගෙන ගොස් රට දියුණු කලා. (නදී)
හලෝ ඔබාමා , ඔයා ගිය සැරේ දිනුවෙත් යන්තමට. සෙනට් එකේ බලයත් දැන් නෑ. තව සැරයක් දිනයි කියල තමයි බය. (නදී)
ඔබාමාටත් කලින් කියන්න තිබුනනේ. එහෙම උනානං අපේ ලොක්කත් වැදගත් විදියට නම්බුව තියාගෙන ගෙදර ඉන්නවනේ. මෙහෙම චාටර් වෙන්නේ අපරාදෙනේ. මේක ඔබාමාගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඕන. (නදී)
සමහර විට දේශපාලන අනාථයෝ සමඟ දුෂිත චෝදනාවලට ලක් වුවන්ගේ ඉල්ලීමක් ලැබුනොත් කියාවි, අපේ රටේ වගේ ජනතා ඉල්ලීමට රට බේරා ගැනීමට නැවත පැමිණෙන බවට. මෑත කාලීනව ශ්‍රි ලංකාවේ ජනප්‍රියම දේශපාලකයා රටේම ජනතාවගේ ගෞරවය ලැබීමට වාසනාව තිබියදී එය නැති කර ගැනීම කණගාටුවට කරුණකි. (නදී)
මොහු ඉතා හොඳ ජනාධිපතිවරයෙක්. 3 වර නොයිල්ලන එක ගැන මටත් කණගාටුයි. නමුත් නීතිය නීතියමයි. (නදී)
මහින්දට ඇතිවු ලැජ්ජාව ඔබාමා දකින්න ඇති (නදී)
"අටට" මෙහෙමනම් තව හිටියොත් ලෝකෙට මොකක් වෙයිද ? අපිට ? (බ)
මෙතුමාගේ ප්‍රකාශය තමන්ට වසන් කිරීමට කිසිවක් නැති නිදහස් පුද්ගලයකු බවට අපට තේරුම් ගත හැකිය. (බ)
ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (නි)
ඔබාමාට සල්ලි නැතුව ඇති. නැත්නම් මන්ත්‍රීලා ටිකක් සල්ලි වලට අරගෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න වුණත් තිබුනා. (නි)
මේ අදහස් දාපු එක්‌කෙනෙක් හරි කියන්න, මහින්ද නැතුව වෙන කව්ද රට හැදුවේ කියලා... තමන්ගේ හිතට අවංක වෙන්න (නි)
හඳුනාගත්ත ද "ඔබ මා"... නැත ....නැත. ඔබාමාට හඳුනාගන්න ලැබෙන්නේ නැත. (නි)
අපේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ ලොක්කාට එහෙයි කියන ඇම්බැට්ටයින්. ඒක රාජපක්ෂගේ වැරැද්දක් නොවෙයි රටේ මිනිසුන්ගේ වැරැද්ද. (නි)
ඔබාමා තාමත් ඇමෙරිකාවේ ජනප්‍රියයි.තුන්වන වතාවට තරඟ කරන්න පුළුවන්කම තිබුනා නම් එයත් තරඟ කරනවා. (නි)