IMG-LOGO

ඔබේ විවාහයට බාලගිරි දෝෂයද?

 


 


  මුතු  කියන්නෙ... අරමුණක් ඉලක්කයක් ඇතිව කලා ලෝකයට ආපු කෙනෙක් නෙමෙයි... දැන් ඉන්නෙත් එහෙමයි.
‘‘වැරදි චෝදනාවක්... මගේ ජීවිතයෙ හැම දවසකම හැම දෙයක් වෙනුවෙන්ම අරමුණක් ඉලක්කයක් තිබුණා. එහෙම නැතිව මම ඔහේ පාවෙලා යන කෙනෙක් නෙමෙයි. මම රඟපෑමට එක් වුණෙත් ඒ විදිහේ අරමුණකින්. රඟපාන්න එන්න කලින් මම නිරූපන ක්‍ෂේත‍්‍රයෙ හිටියෙ. එතන ඉද්දී තමයි රඟපෑමට කැමැත්ත  ඇති වුණේ. ඒත් මම කියන්නෙ නෑ අද වෙද්දී මගේ ඒ සියලූ අරමුණු ඉලක්ක මම සාර්ථක කරගෙන ඉන්නවා කියලා.  ඒ වගේම සතුටක් තියෙනවා, යම්තාක් දුරට හරි මගේ අරමුණු ඉලක්ක සාර්ථක වෙලා තියනවා කියලා’’

 


 මම අනිත් අය වගේ නෙමෙයි. මගේ පාඩුවෙ ඉන්න කෙනෙක් කියලා රටට පේන්න ගෙන ඉන්නවා 
‘‘මම මගේ ජීවිතයේ කවදාවත් මවා පෑම් පෙන්නගෙන ඉඳලා නෑ. මම එහෙම මානසිකත්වයක කෙනෙක් නෙමෙයි. මට මගේ දෙමව්පියන්ගෙන් ලැබුණු උරුමයක් වෙන්නැති තමන්ගේ පාඩුවෙ ජීවත්වෙන එක. මම හැමදාම හිටියෙත් ඉන්නෙත් එහෙමයි. මගේ ඒ විදිහ ගැන මම ගැන දන්න අය හොඳින්ම දන්නවා.’’

 


 ඕනම ක්‍ෂේත‍්‍රයක නියැලෙන අය අතරේ එකමුතුවක් තියෙන්න  ඕනෙ. ඒත් මේ මුතු ළඟ ඒ එකමුතුකම නෑ. කිසිම කෙනෙක් එක්ක ළඟ ඇසුරක් නෑ.
‘‘ඇත්ත, මම කාත් එක්කවත් ළඟ ඇසුරක් නෑ තමයි. ඒත්  ඕන කෙනෙක් එක්ක සුහදව ඉන්න මම දන්නවා. ළඟ ඇසුරු තියාගන්නවා කියලා. අදහස්වලින් ගැලපෙන්නෙ නැති අයත් එක්ක එකතුවෙලා ඒ තුළින් අනවශ්‍ය ප‍්‍රශ්න ඔළුවේ දාගන්න මම කැමති නෑ. මම දෙබඩි ජීවිත ගත කරන්න කැමති නෑ. මගේ ඒ විදිහ එදා ඉඳලම තියන දෙයක් ඒ නිසා ඒක චෝදනාවකට ලක් කිරීම ආසාධාරණයි කියලයි මට හිතෙන්නේ.’’

 


 නළුවෙකුට නිළියකට තමන් කරපු නිර්මාණ වල හොඳ සලකුණු..... හොඳ කඩඉම් තියනවා. ඒත් මුතුට එහෙම දේවල් නෑ.
‘‘මම රඟපාන්න චරිතයක් බාර ගනිද්දී ඒ හැම චරිතයක්ම වගේ කඩඉමක් විදිහට හිතාගෙන තමයි කටයුතු කරන්නෙ. තාම මට රංගනය වෙනුවෙන් සම්මාන ලැබිලා නෑ. ඒත් මගේ රඟපෑම් සම්මාන වෙනුවෙන් නිර්දේශිත වෙලා තියෙනවා. සම්මාන බලාගෙනම.... ඇගයීම් බලාගෙනම නෙමෙයි රඟපාන්නෙ. හොඳ දෙයක් ඒ චරිතය වෙනුවෙන් කරන අදහසිනුයි.’’

 


 ‘‘සුදු හංසි’’ චිත‍්‍රපටයෙන් සිනමාවේ හොඳ අවස්ථාවක් ලැබුණා. ඒ්ත් ඒ තුළින් මතුවෙලා පෙනෙන්න මුතුට උවමනාවක් තිබුනෙත් නෑ. වාසනාවක් ලැබුනෙත් නෑ.
‘‘චරිතයක් ලැබුනම මම ඒක රඟපානවා විතරයි. ඒකෙන් උවමනාවෙන් මතු වෙන්න මම උත්සාහ කරන්නේ නෑ. අනෙක ‘‘සුුුදු හංසි’’ චිත‍්‍රපටයෙ මම රඟපෑවෙ ප‍්‍රධාන චරිතයක් නෙමෙයි.
 මගේ ඒ චරිතය මගේ සීමාවන් තුළ මම රඟපෑවා. 
රඟපෑමක් තුළින් පමණක් නෙමෙයි, සාමාන්‍ය ජීවිතයේදීවත් මම කිසිම දේකින් අනවශ්‍ය විදිහට මතුවෙලා පෙනෙන්න උත්සාහ කරන්නේ නෑ.’’ 

 


 නිළියක් විදිහට ඒ ගමන යන්න උත්සාහ කරනවා වෙනුවට දැන් මුතුට  ඕනවෙලා තියෙන්නෙ ගායිකාවක් විදිහට සංදර්ශන වේදිකාවල ගීත ගායනා කරන්නයි.
‘‘අනේ නෑ මට එහෙම චෝදනා කරන්න එපා. හැබැයි පුංචි කාලෙ ඉඳලම මගේ හිත ඇතුළෙ ලොකු හීනයක් තිබුණා ගායිකාවක් වෙන්න. ඒ නිසාම මම සංගීතයත් ඉගෙන ගත්තා. ඒත් දෛවය මාව ගායිකාවක් කරනවා වෙනුවට නිළියක් කළා. නිළියක් හරහා ගායිකාවක් වෙන්න අද මගේ උත්සාහයක් නෑ. අනෙක කිසිම වෙලාවක මාව ගායිකාවක් විදිහට හඳුන්වන්නත් එපා. මොකක්දෝ වාසනාවකට යම් තරමකින් ගීත ගායනා කරන්න පුළුවන් කට හඬක් මට තියෙන නිසා ඒ කටහඬින් ප‍්‍රයෝජනයක් ගන්නයි මම උත්සාහ කරන්නේ.’’ 

 


 මුතු කියන්නෙ විවාහය ජනප‍්‍රියත්වයට බාධාවක් වෙයි කියලා හිතාගෙන, විවාහය දවසින් දවස කල්දාන ලිස්ට් එකේ ඉන්න තවත් කෙනෙක්.
‘‘නෑ....නෑ.... මම එහෙම කෙනෙක් නෙමෙයි. විවාහයක් සිද්ධවෙන්නත් වාසනාවක් වගේම ඒකට වෙලාවක් එන්න  ඕනෙ. මට හොඳ පෙම්වතෙක් ලබන්න වාසනාව ලැබුණත් විවාහ වෙන්න තාම හොඳ වෙලාව ඇවිත් නෑ.... හැබැයි තාමත් මට ඉන්නෙ එදා හිටපු පෙම්වතාම තමයි.. මගේ විවාහය සිද්ධවෙන්නෙත් එයා එක්කම තමයි. මම ජනප‍්‍රියත්වය ගැන හිතලා විවාහය කල්දාන කෙනෙක් නම් නෙමෙයි.’’

 


 මුතු මාධ්‍ය තුළින් කතා බහට ලක්වෙන්න කැමති කෙනෙක්. ඒ නිසා තමයි පසුගිය කාලෙ ජගත් චමිලත් එක්ක කතාබහක් ඇති කරගන මාධ්‍ය තුළින් මතුවෙලා පෙනෙන්න හැදුවෙ.
‘‘ අනේ නෑ. මම ජගත් චමිල අයියත් එක්ක ප‍්‍රශ්නයක් ඇති කරගත්තෙ නෑ. මට සිද්ධවුන අහඹු සිදුවීමක් මාධ්‍යයට කිව්වා විතරයි. ඒකට අනවශ්‍ය ප‍්‍රචාරයක් ලැබිලා තිබුණා. මම කලා ලෝකයට ආවෙ ඒ තුළින් අනවශ්‍ය ජනප‍්‍රියත්වයක් ලබාගන්න අදහසින් නෙමෙයි. ඒ විදිහට ජනප‍්‍රියත්වයක් ලබන්න මේනියාවක් මට ඇත්තෙම නෑ.’’

 


 මුතු කියන්නෙ අනුන්ගෙ ගීත තමන්ගෙ වගේ ගායනා කරන්න හදන කෙනෙක්.
‘‘....අනේ නෑ.. මම කාගෙවත් ගීත මගේ වගේ කරගන කතා කරන්නෙ නෑ. ගායනයට තියෙන ආශාව නිසා. මට ලෝභ හිතෙන කාගෙ හරි ගායිකාවකගෙ ගීතයක් ගායනා කරන්න පුංචි උත්සාහයක් කරන එක විතරයි මම කරන්නේ.’’

 


 මුතු හොඳයි, හැබැයි ආඩම්බරයි.
‘‘බොරු බොරු .... කොහෙත්ම නෑ.”

 

 

.



අදහස් (0)

ඔබේ විවාහයට බාලගිරි දෝෂයද?

රත්නායක Monday, 24 February 2014 04:13 PM

මොකද නිකන් ගහගන්න වගේ. මහවැලි ගඟේ නාන කොට හොදට හිටිය ගම්පොල මතකද දන්නේ නැහැ.(නදී)

:       0       0

රම්සි Sunday, 06 April 2014 08:51 PM

නැහැ නැහැ. වෙන දෝෂයක් (නි)

:       0       0

නිම්මි Saturday, 15 March 2014 02:52 PM

අදහස් වලින් ගැලෙපන්නේ නැති අය ආශ්‍රයට නම් සුදුසු නෑ තමයි.මමත් ඔයාෙග් අදහසට ගරු කරනවා..... (දී)

:       0       0

චන්දු Thursday, 06 March 2014 09:19 AM

අාදර්ශවත් නිළියක්(දිල්)

:       0       0

එම්.සී. Thursday, 27 March 2014 01:04 AM

මොකද නිකන් තරහෙන් වගේ? (නි)

:       0       0

කුමාර Friday, 28 March 2014 10:19 PM

ඇත්තටම හොඳ නිලියක් (දී)

:       0       0

තුෂාරි Thursday, 03 April 2014 10:07 AM

ගොඩක් ලස්සන ඔයා තරහින් ඉන්න කොට. (ස)

:       0       0

සරා Thursday, 20 February 2014 09:00 PM

මොකද නිකන් ගහගන්න වගේ? (අ)

:       0       0

චන්දි Saturday, 22 February 2014 01:39 AM

මෙහෙත් ෂෝ එහෙකට ඇවිත් සින්දු කිව,අයියෝ මෙලෝ රහක් නෑනේ, (අ)

:       0       0

ආරියසේන Saturday, 01 March 2014 12:16 AM

හරියට නිකන් රණ්ඩුවට ලැස්තිවෙලා වගේ. (අ)

:       0       0

ඉන්දික Thursday, 03 April 2014 01:13 PM

මුතු හොඳයි. ඒත් කට ටිකක් විතර සද්දයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1677 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site