උගුර, කන, නාසය පිළිබඳ දකුණු ආසියා කලාපීය විශේෂඥ සමුළුව 09 වැනි වරට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාෙවි දී පැවැත්විණි.
.
1998 දී බංගලිදේශ මහාචාර්ය අලවිදීන් මහතා මෙම සම්මේලනය මූලිකව වශයෙන් ආරම්භ කළේය.
මෙවර සමුළුව සඳහා ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, භූතානය හා මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වු අතර, මෙම සැසිය සඳහා වෛද්‍යවරු 100 කට අධික පිරිසක් ද සහභාගීව සිටියහ.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ප්‍රධාන ආරාධිතයා විය.
මෙහිදී මහාචාර්ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් රචිත ඔෙබ් පැනයට පිළිතුරු” කෘතියේ මුල් පිටපත සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා වෙත පිළිගැන්විණි
දකුණු ආසියානු කලාපීය උගුර, කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සම්මේලනයේ සභාපති මහාචාර්ය තාරික් රාපී මහතා සහ විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරා මහතා ද මෙහි වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් සතුටුයි මහාචාර්ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය ගැන අනිත් විශේෂඥ වෛද්‍යවරුන්ට වෙලාවක් නැහැ නිදියන්නවත්. ඉතින් කොහොමද පොත් ලියන්නෙ. (හේ)
මෙම ක්ෂේත්‍රයයේ ප්‍රවීනයෙක් වන මෙම වෛද්‍යය වරියට මෙවැනි ග්‍රන්ථයක් "සිංහලෙන් "පළකිරීම ගැන අපගේ උත්තමාචාරය !(හේ)