සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා ගම්පහදී ලංකාදීපයට පැවසූයේ ඔහු රජයෙන් ඉවත් වෙතියි කටකතා පැතිරෙන බවයි.
සිළුමිණ උපදේශක කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතාගේ මළගමේදී මහින්ද රාජපක්ෂ ජනපතිගේ හා රජයේ ශෝකය පළ කරන්නට ඇමතිවරයා ගම්පහට පැමිණියේය.
ලංකාදීපය එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවේය.
ප්‍රශ්නය - ඔබතුමා රජයෙන් ඉවත්වන බවට පැතිරී යන කටකතා ඇත්තද ?
උත්තරය - කට කතා යනවා තමයි.
ප්‍රශ්නය - ඔබතුමා සෞඛ්‍ය ඇමතිකමින් යන බවට ආරංචි තිබෙනවා
ඇමති සිනාසෙයි.
ප්‍රශ්නය - නිල නිවසේ බඩු අස්කරන බවටත් ආරංචියක් පවතිනවා.
සිනාසෙයි.
ප්‍රශ්නය - ඇත්තටම ඔබතුමා පොදු අපේක්ෂකයෙක් වනු ඇතැයි තවත් කටකතාවක් පවතිනවා.
සිනා..
ප්‍රශ්නය- ඇමතිතුමනි ඔබ රජයෙන් ඉවත්වනවාද? නැද්ද ?
සිනා....
ප්‍රශ්නය - පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවාද ?
සිනා...
කටකතා නම් යනවා තමයි කියමින් ඇමති සිය නිල රථයට නැංගේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්න...... (අ)
කොන්ද කෙලින් තිබුනත් අපේ ඇමති තුමෝ ඔබහට සුදුසු අගමැති තනතුරට තුමෝ මෙය නොතේරද අපේ ජනපති උතුමෝ නිසි තැන දෙන්න අපි මැළි නොවෙනෙමු උතුමෝ (අ)
ඇත්තටම හොඳයි. පිරිසිදු ඡන්දයක් තිබුනොත් ලොකු වෙනසක් බලාගන්න පුළුවන් වෙයි. (නි)
අගමැතිකම ගන්න. (අ)
මෙතුමාට අගමැතිකම දෙන්න. (අ)
"පදවි ලැබෙන්නට, පදවි ලබන්නට ඉවතට යනු නම් නොපෙනා.... " (නි)
මාර වැඩේ මහින්ද මහත්තයව හැමෝම දල යනවනේ. (අ)
කෝ මේ බන්දුල පෙරේරා? මොකද කිරි මැටි ගිලපු අසවලා වගේ මේ පුවතේදී නිහඬ? (නි)
මෙතුමා පක්ෂය දාලා යන්නේ නැහැ. ඒක විශ්වාසයි. (නි)
මට හිතන හැටියට නම් ශිෂ්‍යත්ව ලකුණු අඩුකරනවා කියන්නේ රටට නුගතුන් රැසක් බිහිකිරීමක්.දේශපාලනය හා අධ්‍යාපනය කියන්නේ දෙකක්. (නි)
දැන්මම කියන්න එපා (නි)
මොන අඩුපාඩු තිබුනත් අපි මහින්ද මහත්තයා දිනවනවාමයි. (නි)
ඉතාමත් අවංක මහජන සේවකයෙකි. ඔබගේ පුතාගේ යම් ප්‍රශ්නයක් ඇතිවුන අවස්ථාවේ පවා ඔබ කිසිවෙකුගේ පැත්ත ගත්තේ නැත. පොලිසියට බලපෑම් කලේද නැත. මේ යහ ගුණ ලංකාවේ මිනිසුන් නිහඬව මතක තියා ගන්නවා. (ර)
හොඳ දේශපාලඥයෙක්. (ර)
හෙට වෙද්දි බලාගන්න පුළුවන් මොකද වෙන්නෙ කියලා. (ර)
මෙතුමා හොඳ නිහතමානී මහත්මයෙක්. (ර)
හිනාවෙන් කියන්නේ "ඔව්" කියන එකද? බන්දුල මත්තය මොනාහරි දන්නවා ඇති. (ර)
පොදු අපේක්ෂක හැටියට මොන පැත්තෙන් ඉල්ලුවත් අපි නම් කැමතියි. (ර)
මොහු හොඳ මහත්මයෙක්. පොදු අපේක්සකයට සුදුසුම පුද්ගලයා මොහුයි. (ර)
මමත් කැමතියි. මුල අමතක නොකරන, තමන්ට නැති ප්‍රභූ පවුල් පසුබිමක් බොරුවෙන් මවාගෙන ජනතාවට විහිළුවක් නොවෙන කෙනෙක්. (ර)
ඒ පැත්තට එනවා නම් ඕනෑ දෙයක් හොඳයි කියන විපක්‍ෂ කණ්ඩායමක්නෙ දැන් අපිට ඉන්නෙ. (නි)
ඒ වෙනසත් නරකම නැහැ. ඉදිරියට එන්නකෝ ඔබතුමා (නි)
මහත්මා දේශපාලනය ගැන කතා කරද්දී ඔබතුමා පරමාදර්ශී චරිතයක්. (ර)
ඔබට ජය නියතයි. (ර)
කවුරු ආවත් මහින්ද මහත්තයා තෙවෙනි වරටත් ජනාධිපති වෙන එක අනිවාර්යයි. (නි)
හොඳ මිනිස්සු ගණනාවක් දේශපාලන භුමිය මත සිටියා. ගියා. නමුත් පාලකයෙක් විදියට තිබිය යුත්තේ ධීර වීර භාවයක්. ලොකු මිනිහෙක් වෙනවාට වඩා හොඳ මිනිසෙකු ලෙස ඔය ඉන්න විදියටම ඉන්න. අපේ ආචාරය ඔබතුමාට පිරිනමමු. (නි)
අනේද කියන්නේ සේනක. අර කවදෝ කිව්වේ සුමානයෙන් ඉතිහාසය අමතක වෙනවා කියලා. මේකේ තියෙන අදහස් දිහා බැලුවම තව මොන කතාද? මේක පුටුව පිළිබඳ ප්‍රශ්නයක් මිස පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. (නි)
මම නම් දන්නවා එත් දැන්මම කල් වැඩියි. (අ)
හෙට උදේ වෙනකොට වැඩේ බලාගන්න පුළුවන්. ටිකක් ඉවසන්න. හොද මනුස්සය. (අ)
මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපතිකමට ඉතාමත් සුදුසුයි කිව්වා විතරක් නොවෙයි ඔහුට එතනට ඒ මට පුංචි අපිත් අත දුන්න. ඔහු එහි හිටිය කාලය හොඳටම ඇතියි කියල කියන්නේ ඔහුගේ හතුරෝ නොවෙයි හොඳම මිතුරෝ. දැන් අපට වැදගත් වන්නේ මහින්දව එළවීම නොවෙයි, ගෞරවනීය අන්දමට දේශපාලනයෙන් සමුගන්වා දේශපාලන අගාධයෙන් රට මුදවා ගන්න පුළුවන් අයෝමය පුරුෂයෙක් ඔය තැනට ගෙන ඒ මයි. (අ)
කටකතා නෙවේනෙ මෙවාට යන්නේ හිනා......... හා හා..(අ).
මගේ අදහ වලට ඉඩක් නැති වුනාට මගේ ඩුප්ලිකේට් එකට ගොඩක් ඉඩ ලැබෙනවනේ..මම මේකට දෙතුන් වතාවක් අදහස් දාල ඇත ඇරලා දැම්ම..මමනම් ඔය උඩින් තියෙන දේවල් කිව්වේ නැහැ.මම කිව්වේ .."අනේ දසුනි ..එහෙම හරි පොදු අපේක්ෂකයෙක් හොයා ගන්නවානම් ලොකු දෙයක්..හැබැයි පොල්පිත්තක් අතට ගත්තනම් දැනට ඔය යෝජනාවෙලා තියෙන ඔක්කොටම වඩා හොද දෙතුන් දෙනෙක්ම කපා ගන්න තිබුන අඩු පාඩු නැතුවම.".කියල. (අ)
හැබැයි දිගටම යන කටකතා අැත්ත වීමටත් පුළුවන්. (නි)
මෙයත් ඉතින් දේශපාලනය කරන කෙනෙක් නෙ.බොරු පාට් දානවා. (අ)
මෙවැනි අවස්තාවකදී මෙවන් මාතෘකාවක් ගැන ප්‍රශ්න ඇසීම කෙතරම් දුරට සදාචාරාත්මකද? (අ)
ඔහු ආවොත් මහින්ද දෙදරනවා............ ඒ ගැන මහින්ද දන්නවා (අ)
අසිත තව්සා මතක් උනා නැන්දේ...අන්දනවා හිනා වෙනවා කට කතා බන්.(අ)
අනේ දසුනි,.එහෙමහරි පොදු අපේක්ෂකයෙක් හොයාගන්නවා නම් ලොකු දෙයක්. (නි)
එන්න මහත්තයෝ එළියට. අපි ඔබ රජකරවන්නම්. (නි)
වෙලාව ආවහම අපිට බලාගන්න පුළුවන් වෙයි (නි)
අනේ පවු එතුමාට ලැජ්ජා හිතෙන්න ඇති. ඒක වෙන්න ඇති එහෙම හිනාවුණේ (නි)
කව්රුත් හොඳම කියල තියෙද්දී මම සමහරවිට මේ දෙබරයකට ද දන්නේ නැහැ ගල් ගහන්නේ .නමුත් මේ මට හිතෙන දේ .මේ රටේ සුව සේවාව බාර ඇමතිතුමා විදියට මෙතුමාට ඒක වත් හරියට කරගන්න බැරි එකේ කොහොමද රටක් කරන්නේ කියන එක ප්‍රශ්නයක් !(මෙතුමා සමහරවිට පුද්ගලයෙක් විදියට හොඳ ඇති) (ස)
අපි යූඑන්පි . හැබැයි අවංකව කියන්න ඕනෙ ආණ්ඩුවේ ඉන්න බූරු හැතිකරේ අතරෙ ඉන්න හොඳම දේශපාලකයා ඔහුයි. මම පුද්ගලිකව ගොඩක් ගරු කරනව. මෛත්‍රිපාල සිරිසේන ඔබතුමා ඉදිරිපත් වෙනවනම් අපිත් ඔබ සමගයි. (ස)
ඔබතුමා මේ වෙනකොට ආණ්ඩු පක්ෂයේ මීට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. මේ දෙවතාවකට වඩා ඉල්ලන්න පුළුවන් කිරීමෙන් මෙතුමා වගේ අයටනම් අසාධාරණයක් වෙලා තියෙනවා. (ස)
සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා..... (නි)
අපි ඔබ සමඟයි. ජයවේවා!!! (නි)
හිනාවුණේ ඇයි? කෙළින්ම උත්තරය කියලා දැම්මා නම් ඉවරනේ මහත්තයෝ (නි)
අනේ මහත්තයෝ පරිස්සමින්. අතීතය අපිට තාම මතකයි. (නි)
ගුණවර්ණනා නම් එමටයි. (නි)
රට ගැන සිතා හොඳ තීරණයක් ගන්න මැතිතුමා.ජය වේවා!! (නි)
එතුමා ආවොත් රටේ වාසනාව.(හේ)
අසීමිත බලතල ලැබුනාම මොන හොඳ මනුස්සයාත් නරක් වෙනවා. ඊට පසුව බල තණ්හාව මතුවෙනවා. මේ අසීමිත බලය රැකගන්න නොයෙක් දේ කරන්න පටන්ගන්නවා. මේ බලය දිගටම රැකගන්න බලනවා. එහෙම වෙන නිසා තමයි කවුරු මේ පුටුවට ආවත් පසුව වෙනස් වෙන්නේ (නි)
දැන් අාණ්ඩුවේ ඉන්න හොදම ඇමැතිතුමා. අපිත් ඔහු සමගයි.හොද දේශපාලන මහත්මයෙක්. වැදගත් චරිතයක්. ජය ශ්‍රි (බ)
මොකද එතුමා පිළිතුරක් නොදී සිනා වුණේ? (නි)
අපිට දැන් සහන ගොඩයි. බයිසිකල් ලැබෙනවා, ශිෂ්‍යත්ව ලකුණු මට්ටම අඩුකර දෙනවා, විදුලි බිල බස්සනවා.... හරි හොඳයි (නි)