ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලාංකා දූත පිරිස පිළිගන්නට ඉන්දියා රජයත්, ජනතාවත් සතුටින් බලා සිටින බව ඉන්දීයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද උදේ දුරකතන ඇමතුමක් දෙමින් ජනපතිට පැවසීයැයි ජනපති මාධ්‍ය අංශය කියයි.
ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතන බවත්, 1996 වසරේදී මෙන්ම ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවේවායිද ප්‍රාර්ථනා කරන බවත් ඉන්දියා අගමැති පැවසීය.
සිරිසේන මහතා ලබන 15 වැනි දා සිට 18 වැනි දා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
එම සංචාරයේ දී ඉන්දියා ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි හා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩින් හකුරු යටින් කතුරු ,සිරිසේන මහත්තයෝ බලගනයි , උතුර දීපන් කියල ,ඔවු කිව්වොත් ඔබ කුජීතයි , අපි මෙහෙ සන්තොසයන් ඉදල ඉවරයි (ස)
ජනාධිපති තුමෝ, හැබයි එයාලා කියන කියන එකට; එහෙයි එහෙයි කියනවා හෙම නොවෙයි. (ස)
රටට හොඳක් වෙනවා නම් ඒ ඇති (නි)
නඩරාජා පිස්සුවෙන් වගේ කියවනවා කියලයි මට හිතෙන්නේ (නි)
මෛත්‍රී මැතිතුමා ඉන්දියාවේ යනවා කිවුවහම මෙතැන කී දෙනෙකු කලබල වෙලාද? ඒ වෙනුවට වෙන කෙනෙක් තිරුපති යනවා කිව්වා නම් මෙහෙ ඉඳලා හොඳට ආවඩනවා (නි)
අනේ නඩරාජා, තමුන්නැහේට ඕනෑ නම් පස්සෙන් ගිහිල්ලා ඔත්තු බලාගන්න එකයි ඇත්තේ. මොකටද මගේ කට? (නි)
මහින්ද මහතා කොහේ සංචාරයකට ගියත් ඒකට කමක් නැහැ. මෙතුමා ගෙදර අවශ්‍යතාවයකට එළියට බැස්සත් ඒකත් සමහරුන්ට වැරදියි. (නි)
නඩරාජා(බන්දුල යහපාල), තව කාලයක් ගියා නම් සමහරුන්ගේ ගුවන් ගමන් වල වියදම් නිසා මුළු රටම විනාශ වෙනවා. බලාගෙන! (නි)
එතකොට අවන්කවම ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට එතුමා ප්‍රර්ථනා කරන්නේ නැද්ද?(හේ)
මහින්ද මහත්තයා එද්දි විරෝධතා කරන්නයි, මෛත්‍රී එද්දි මල් මාලා දාලා පිලිගන්නයි. හරි ශෝක්. (නදී)
ප්‍රසාද් මටත් ඒ්කම හිතුනා. ඉන්දියාවට ලෝක කුසලානය ඒපා වෙලාද?(හේ)
දෙරටේම ගෞරවය ඉහලින්ම ආරක්ෂා කරගතහැකි,ආර්ථික දේශපාලනික ආරක්ෂක හා සංස්කෘතික කරුණු ගැන මිත්‍රශීලී සබඳතාවක් ඇතිකර ගැනීමට හැකිවේවා යනු මගේ පතුමයි (නදී)
මේ මෝඩ කතා ඉස්සර ජනපති මාධ්‍ය අංශයෙනුත් කිව්වා. (නදී)
ගියපාර ලෝක කුසලානේ දිනුවේ කොහොමද කියලා එතුමා දන්නවා ඇති. (නදී)
එන්න කියන්නේ ආදරේටද උතුර දෙන්න කියයි පොරොන්දු උන විදියට. එච්චර තමයි. (නදී)
පුදුම හදිස්සියක් තියෙන්නේ.මොකද දන්නෙ නැහැ ..... (නි)
වැඩි ආදරේ දබරෙටයි කිව්වලු. කලබල නොවී ඔහොම ටිකක් බලාඉඳිමු. (නි)
තමිල්නාඩුවත් එක්කද. දැන් හොඳ අවස්ථාවක් තියනවා වැරදුන තැන හදන්න (නදී)
ආදරෙන් පිලි ගන්නද පළි ගන්නද කියල සැකයි . (ස)
මට පෙන්නේ මේකේ වෙන දෙයක්, මෝඩි ආසියාවේ ලොක්ක කියල හිතන් ඉන්නවා වගේ ආසියාවට කුසලානේ ගේන්න කියන්න....(ස)
මට පේන විදියට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව මොන විදියටවත් කියන්නේ නෑ උතුරේ වෙනම පාලනයක් දෙන්න කියලා. මොකද එහෙම උනොත් වැඩිකල් යන්න ඉස්සර තමිල්නාඩුව වෙනම ස්වාදීන වෙන්න ඉල්ලනවා.(නදී)
මට නම් මොකුත්ම හිතාගන්න බැහැ (නි)
ඇසළ, මෝඩ කතා කියන්න එපා (නි)
ප්‍රියමාල් ඊර්ෂ්‍යාවේ පැලෙනවා. බලාගෙන බ්ලඩ් ප්‍රෙෂර් එහෙම තියනවා නම් පරිස්සම් වෙන්න. (නි)
ඇසළ සතුටු වෙන්නේ අසවලා ඉන්දියාවට ගොහින් තිරුපති වඳින්න ගියාම තමයි. එයාව සංතෝෂ කරන්න පුළුවන් වෙන ජනාධිපති කෙනෙක් මේ ලෝකේ නැහැ. තුන් ලෝකෙම ඉන්න නායකයන්ට බැන ගත්ත ගමන්මයි. කවදා මේ අසහනය නැති වේවිද මන්දා ! (අ)
මෛත්‍රී මෝඩි ළඟ හිස නවනවා.මහින්ද එහෙම නැහැ .ඒකනිසා තමයි මේ වෙනස .අපේ රට ඉන්දියාව ඉදිරියේ බාල්දු වුනා.අපි ලාංකිකයෝ බව මෛත්‍රී අමතක කළා. (අ)
මින් පෙර UNPය මහින්දගෙන් ඇසුවාසේ,දැන් අපටත් අසන්න සිදුවනවා,මෛත්‍රී සිංහලෙන්ද මෝදි එක්ක කථා කලේ.මෙවන් අපහාස කලේ UNPයයි.අපට මතකයි පසුගිය ආසියාතික නීතිවරුන්ගේ සංගමයේ කථාව කලෙත් මෛත්‍රී නොව රනිලුයි.(අ)
හැමෙද්ම සැකේන් බල්නන හොඳ නැහැ විවෘතභාවය සහ අවංකකම ඉතා වැදගත් අපි බලමු (අ)
අපේ මාළු ටික ගන්නයි , දහතුන ඉල්ලන්නයි, මරුටි කාර් ටික පටවන්නයි , සීපා ගිවිසුම ගැන කතා කරන්නයි වෙන්න ඇති. (නදී)
පොඩ්ඩක් ඉවසලා ඉන්න. මම ඉක්මනට එනවා! (නි)
මෙම ක්‍රිකට් කතාව ඉන්දියාවේ පත්තරවල පළ උනොත් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් මොනවා කරයිද දන්නේ නැහැ (නදී)
ඇසල...කුහක වෙන්න එපා.සත්‍යට මුහුණ දෙන්න .
මේක බොහොම යහපත් ප්‍රවේශයක්. අපේ පුංචි රට ලෝකයේ හැම රටක් සමගම හොද සබද තාවයක් ගොඩ නගාගත යුතුයි. එහෙම නැතුව හිටපු ජනාධිපතිතුමා වගේ ඇමරිකාවට පට්ට බැනුම් බැනල අසනීප වලට බෙහෙත් ගන්න ඇමරිකාවට යන ප්‍රතිපත්ති තවදුරටත් අපට අවශ්‍ය නැහැ (නදී)