(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඔන්ලයින් ණය ජාවාරම් වැනි ප්‍රශ්න වලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබාගන්නට නොහැකි බවද සේමසිංහ මහතා කීය.
ඔන්ලයින් ණය ජාවාරම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
මෙය බරපතළ අවදානම් සහගත තත්ත්වයක් බව රජය හඳුනාගෙන තිබෙන්නේ යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්ලයින් ණය දෙන අය ගිනි පොලී කාරයෝ අල්ලන්න අලුත් නීති ගෙන්න ඕන
මේක බරපතළ තත්වයක් නම් නොපමාව රූපවාහිනී මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න එහි බරපතළ කම පහදා දෙන්න ඒවා මර්ධනය සදහා නීති හදනවා නම් වර්තමානයේ මුදල් සදහා ප්‍රමාණවත් දඩයක් හා වාර්ෂිකව 10% ක් වත් වැඩිවෙන ආකාරයට දඩ මුදල් නියම කරන්න බලන්න අතීතයේ අනුමත කල දඩ මුදල් ඉතාමත් අඩුනිසා මිනිස්සු බයක් නැතුව වංචා දූෂණ හා හොරවැඩ බොහෝ කරනවා
ඔන්ලයින් ණයදී පාරිභෝගිකයින්ට යනඑන මං නැතිකරන ජාවාරම්කරවන්ට තහනම් නීති පැනවීමේ කාලය එලඹඇත.
අපේ ගමේ සිටින ඩේලිපේමන්ට් කාරයෝ, සියලු දෙනාම පොහොට්ටුවට සම්බන්ධ මිනිස්සු, ආණ්ඩුව බරපතල තත්වය හඳුනා ගත්තත් ක්‍රියාත්මක නොවෙන්නේ මේ නිසා...
අද රෑ ඉඳන් බැරිද? මොකද හැම දේකටම කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිටනේ...!