මාතර කොටවිල නව සුරාබදු කාර්යාලය විවෘත කළ මෛත්‍රිපාල සිරිසේන ජනපති එහි සිර මැදිරියට පිරිසක් මුලින්ම ඇතුළු කළේය.
ජනපති සමග උත්සවයට සහභාගීවූ මැති ඇමැතිවරු එසේ සිරකූඩුවට දමා වැසූ ජනපති ‘මේගොල්ලෝ තමා ඉස්සෙල්ලාම ගන්න ඕනෑ‘ යනුවෙන් විහිළුවක් ද කළේය.
වැලිගම නගර ශාලාවේ පැවැති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමද අද (4) පැවැති අතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයද ජනපති අතින් විවෘත විය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය






COMMENTS
එතුමත් දන්නවා එහෙනම් කාවද ඇතුළට දාන්න ඕනෑ කියලා. හොඳ පෙරහුරුවක් (නි)
ඕවා කර කර ඉඳලා හරියන්නේ නැහැ මහත්තයෝ (නි)
හිටපු ජනපතිතුමා හොරකමට උදවු දුන්නා කිව්වට අවුරුදු ගණනක් මේ රටේ ජනතාව විඳවිය යුතු ලොකුම හොරකම ගැන විගණකාධිපති වාර්තාව එළිදක්වලා තියෙනවනේ. මේවා නිකන් විහිලු. (නි)
මෙවන් විහිලු වැඩ
මුළු රටම විහිළුවක් බවට පත්කරලයි තියෙන්නේ. අමුතු විහිලු අවශ්‍ය නැහැ. විහිලු කෙරිල්ල පැත්තක තියො රට වැටීතිබෙන ආර්ථික අගාධයෙන් ගොඩගන්න බලන්න. (නි)
විහිළු සපයන්න එපා මැතිතුමනි (නි)
මෙතන දාන අදහස් දැක්කහම ලංකාවේ අය ගැන දුකත් හිතෙනවා. මාතෘකාවට අදාළව එක්කෙනෙක් කතාකරලා නැහැ. අර මැක්කගේ මාතෘකාව වගේ (නි)
පිත්තල තහඩු කැල්ලක් අතේ තියාගෙන මිනිස්සු හිනස්සනව වෙනුවට. මේ වගේ දේවල් හරිම. අගෙයි අදහස් කියවපුවම. රටට ආදරේ. කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ අය. කැමති නැහැ කාලේ කනවට උඩ රැවුලට බය කට්ටිය (බ)
එකත් පස්ව ඉන්න අර ශාන්ත, දාන්ත, සිල්වත්, ගුණවත්, කිසිම දෙයක් හොරකම් නොකරන , කිසිම කෙනෙකුට හිංසා නොකරන, සල්ලි අතින්වත් අල්ලන්නේ නැති, පංච සීලය රකින, දසපනත දසදහස් පනත කරගෙන ඉන්න දේසපාලුවෝ ටික හිරකුඩුවට දාන්න හොද නැද්ද ජනාධිපති උතුමාණනි? (බ)
විහිලුවට කෙරුවත් ඕක. ඇර ගන්න බැරි වුනානම් කාටද ආඩම්බර. . (හේ)
ඊළඟ ආණ්ඩු පෙරළියකින් පසු , ඔය විදිහට ඉන්න නොවන ආකාරයට මේ "තාවකාලිකව" සිරගත වූ මැති ඇමතිවරු ක්‍රියා කරාවි යැයි අප සිතා සිතින් ප්‍රාර්ථනා කරනවා.(හේ)
ලක්ෂ ගණනක රට මත්පැන් හොරට විකුණපු දේශපාලන හෙන්චයියෙක්ව අල්ලපු නිලධාරීන්ව මාරු කරලා තියෙන බව ඔබ තුමා පත්තරෙන්වත් දන්නවද ? (බ)
හොඳ හිතක් තියන , ආඩම්බර නැති , චාම් මහත්මයෙක් ඔබ තුමා, ඔබට අපි සහ ජනතාව ගොඩක් කැමති අපේ ජනාධිපතිතුමනි (බ)
ඔය ගොඩනැගිල්ල හදන්න මුල් වුන හිටපු ජනපති තුමාටත් ආරාධනා කළානම් නේද හොද. අපි කුහක වෙන්න හොද නැහැ නේද. (බ)
"යහපාලන සෙල්ලම් ගෙදර" අද කතාව "හොරා පොලිස්" (නි)
අපිත් අපේ රාජකාරිය කරන්නම්කෝ (නි)
මමත් මේ ගමේ ඉපදුනේ. වෙල්යායකින් වටවුණ සුන්දර ගමක්. පන්සල හා බැඳුන, පාසල මුල් කරගත් සංස්කෘතියක් අපිට තිබුනා. සුරාබදු කාර්යාලයක් අපි දැකලාවත් තිබුනේ නැහැ. කිසිදාක රා අරක්කු පෙරන ගමක් නොවේ. ඉන්නේ පාරම්පරික ගොවියන් (නි)
යටි හිත ඉස්මතු වුන අවස්ථාවක්වත්ද? (බ)
ජනාධිපතිවරණය නොතිබෙන්න තවමත් මෙයාලා රජකරනවා (නි)
විහිළුවක් වුණත් මෙහි ගැඹුරු සත්‍යයක් තිබෙනවා (බ)
කට්ටිය එතුමා ඉදිරියේ එකත්පසව ඉන්න හැටි දැක්කාම අනේ අනිච්චං කියලා හිතෙනවා.(හේ)
මේ අය තමයි මුලින්ම යන්න ඕනේ.(හේ)
හරි රාජකාරිය කළ එක ගැන සතුටුයි.(හේ)
ඕකට නොවෙයි දාන්න ඕනෑ, නොනිමෙන ගින්නට! (නි)
රජින්ද වගේම රටේ බහුතරයක් තේරුම් ගතයුතු දෙයක් තියෙනවා. මෙම ඉදිකිරීම් වෙන්නේ ජනතා මුදලින්. එ්ක විවෘත කිරීම කරන්නේ පවතින ආණ්ඩුවයි. ඒ මොන ආණ්ඩුවක් වුණත් එහෙමයි. කවුරුවත් තමන්ගේ ගෙදරින් ගෙනවිත් රට වෙනුවෙන් කරන්නේ නැහැ. ජනතා මුදල් වලින් කරන දේවල් වලිනුත් තමන්ගේ සාක්කුවට දා ගන්නවා ඇරෙන්න. (නි)
එක හොරෙක්වවත් තවම ඇතුලට දැම්මේ නැහැනේ. අර ඒ දවස්වල හොරු ගැන කියපු කතා බොරු නේද? (ර)
විහිළුවට කිව්වත් කතාව ඇත්ත. (නි)
ජනාධිපති සමාව දෙන්න ජනාධිපතිතුමනි (නි)
ලෝකයේ මැති ඇමතිවරු වැඩිම රට බවට ලංකාව පත් කරපු යහපාලනයේ ජනාධිපති තුමාට මගේ උපහාරය. (බ)
බදු ගැහිල්ලනම් සුපිරියටම තිබෙනවා. (බ)
මට පේනහැටිද මන්දා . මටනම් පේන්නේ විහිළුවක් වගෙයි (බ)
ඔවු ඔවු වැඩිහරියක් දේශපාලුවෝ, කුඩු කසිප්පු වගේ දහ ජරා වැඩ කරපු අය තමා. (බ)
රට පෙනෙනතෙක් මානයකට ගොඩඒමක් නැති පාටයි (නි)
මොකද මේ?රෝමය ගිනි ගනිද්දී නීරෝ නමැති පාලකයා වීණාව වාදනය කළා වගේනේ. (නි)
විහිලුවට හරි ජනපති සත්‍ය පෙන්වා දී තිබේ. (නි)
ඒ පැත්තේ මත්පැන් බොන අය ගොඩක් ඉන්නවද? (නි)
හොඳ වැඩේ පස්සෙන් ගියාට (නි)
රටේ ජනාධිපති මීට වඩා ගෞරවාන්විතව හැසිරිය යුතුයි. රටේ ජනාධිපති නිතරම වෛරයෙන් කතා කරන කෙනෙක් නොවිය යුතුයි. මේ වගේ විහිලු සපයන්නෙකු නොවිය යුතුයි. (බ)
සම්පුර්ණ නාට්‍යය පෙන්වන්න කලින් අවසාන ඩ්‍රෙස් රිහර්සල් පුහුණු වීම් තියෙනවානේ. මේක එහෙම එකක් කියල හිතන්න බෑ නේද? (බ)
ඇත්තටම ඔය ඉන්නෙ, ඇතුළේ ඉන්න ඕනෑ කට්ටියගෙන් ටික දෙනෙක් තමයි. (නි)
දැන් විහිළු කළා ඇති (නි)
රටේ ජනතාවගේ ප්‍රශ්න පත්තරෙන් කියනතුරු දන්නේ නැහැ. මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් අමාරුයි එක අතකට. (නි)
වෛරී දේශපාලනය කරගන්න නව පාලකයෙක් එනතුරු කීදෙනෙක් පෙරුම් පුර පුරා ඉන්නවද? අනේ මෙහෙමත් ජාතියක්! (නි)
ඔබතුමාත් ඇතුළට ගිහින් වහගත්තා නම් මේ විහිළුව තවත් රසවත් වෙනවා (නි)
මෙතුමාත් ඉඳලා ඉඳලා නියම විහිළු තමයි කරන්නේ (නි)
නැවත බලයට එන කට්ටිය ඔබතුමාගේ විහිළුව ඇත්ත කරයිද දන්නෙ නැහැ කවදාහරි (නි)
මේවට හිනාවෙන්නද? අඬන්නද? (නි)
අහිංසක මිනිසුන් ගස් බැඳීම සහ ඇදගෙන ගොස් හිරකූඩුවල දැමීම පටන්ගත්තේ ජනාධිපතිතුමාගේ පැත්තෙම අය තමා. මේවා අලුත් දේවල් නෙමෙයි. (නි)