
(යොහාන් භාසුර)
ඇල්ල ඔඩෙසි දුම්රියේ ප්‍රවේශපත් පෞද්ගලික ආයතනයක් අන්තර්ජාලය හරහා අළෙවි කරන බවට එල්ල වන චෝදනාව සහ ‘සීතාවක ඔඩිසි’ දුම්රිය නියමිත වේලාවට පිටත් නොවීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව වාහාම පරීක්‍ෂණයක් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.
‘ඇල්ල ඔඩෙසි’ දුම්රියෙන් ගමන් ගන්න මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් 99.99 ක් හෙවත් රුපියල් 36,000 ක් අයකර අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍රයක් අළෙවි කිරීමට උත්සහ කරන බවත් තොරතුරු ලැබී තිබේ.
එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.00 ට ධාවනය ආරම්භ කිරීමට නියමිත ‘සීතාවක ඔඩිසි’ දුම්රියේ ආසන වෙන්කරවාගත් මගීන් සම්පූර්ණයෙන්ම පිරී සිටිය ද නියමිත වේලාවට ධාවනය නොවීම ඇතුළු කඩාකප්පල්කාරී, අදෘශ්‍යමාන කිසියම් වැඩ පිළිවෙලක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දුම්රියේ යද්දී දැක්ක එක දෙයක් තමයි , දුම්රිය ප්‍රවේශ පත්‍ර කපන්නේ නැහැ. අපි ආපහු ඒ දුම්රිය ප්‍රවේශ පත්‍ර පෙට්ටියකට දාල එනවා ,චුට්ටක් නමිච්චි දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුලුවෙන්ම නිකුත් වෙනවා. මෙහෙම වෙන්න බැහැ අනික දුම්රිය ප්‍රවේශ පත්‍ර වලමෙච්චර ඝකකමක් මොකට ද? බස් ටිකට් වගේ නිකුත් කරන්න බැරි මොකද ? දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න හොරු ටික අල්ලන්න ඕනේ, මේ ආයතන විනාශ වෙන්න මේවත් විශාල ප්‍රමාණයෙන් බලපානවා
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය පුද්ගලීකරණය කරන එක තමයි හොඳම විසඳුම. යූනියන්වලට බාරදුන්නත් කමක් නැහැ..
ලංකාවේ දුම්රිය කවද්ද වෙලාවට ගියේ...?
අනිවාර්යයෙන් කඩාකප්පල්කාරී වෑයමක් වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. ජජබ සහ සජබ වෘත්තීය සමිතිත් ඕක ඇතුළේ අඩු නැතුව තියෙනවානේ...
පුළුවන් නම් ඕක කරලා පෙන්නන්න. රේල්ලුවේ මාෆියා නවත්වන්න කියන්නේ ඉතින් හීනයක් විතරයි... ඒකට මේවගේ වැනෙන දේශපාලන අධිකාරියක් හරියන්නේ නැහැ.
ජෙප්පන් තමයි...!
මේ රට කාගෙ ද? මේ රටේ පුරවැසියන් ගෙද නැත් නම් ඇමතිතුමාලගෙද? සුද්දන්ට ඔඩිසි යන්න කෝ ච්චිත් තියනෙව ඩ්‍රයිවර්ලත් ඉන්නව. මඩකලපුව උදය දේවි දින නියමයක් නැතිව අවලංගුයි ඩ්‍රයිවර්ල නැතුව. මේ සිරීපාද වාරේ උඩරට සියළු දුම්රියයන් කටටම පිරිල යන්නෙ දුමිරිය බලධාරීන් ට වගේ වගක් නැහැ. එක විශේ ෂ දුමිරියක්වත් නෑ සිරීපා වන්දනා කරැවන්ට. දුම්රිය ආරක්ෂක සේනාව අතරමග දුම්රිය ස්ථාධිප.තිවරැ පුද්ගලික බස් කොන්දොස්තරවරු මෙ න් කෑ ගසමින් සෙනෙග පටවනව.
මේක දුම්රිය වෙන්කරවා ගැනීමේ කාර්ය මණ්ඩලයේ සහ සංචාරක නියෝජිත ආයතනවල අනුදැනුම ඇතිව සිදුවන ජාවාරමක් බවටයි මම කියන්නෙ. මේ ඔඩෙසි සංකල්පය වෙනුවට ආදේශ කළ යුතු කදිම දුම්රිය වනුයේ දෙනුවර මැණිකේ ය.