IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


ඔඩපණ ණයට කැබිනට් සහය

(අංජුල මහික වීරරත්න)

2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023/24 මහ කන්නය සහ 2024 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු මඟින් ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2024- 01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

ඒ යටතේ 2024 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් අනෙකුත් අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. 

එම සාකච්ඡාවේදී එළඹ ඇති එකඟතාවන්ට අනුව 2024 යල කන්නයේදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස්  කරන්නන් වෙත සහභාගිත්ව බැංකු ආයතන හරහා රුපියල් මිලියන 6,000ක ඔඩපණ ණය සහනදායී පොලී අනුපාතයක් මත නිකුත් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ

යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (1)

ඔඩපණ ණයට කැබිනට් සහය

ගොවිරාළ Friday, 21 June 2024 12:38 PM

ඔඩපණ කියන වචනය මෙයට පෙර අහල නැහැ එහි තේරුම පැහැදිලි කරන්න ඒක මොන භාෂාවෙ වචනයක්ද කියලා තෝරා දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 1789 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 183 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 173 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site