ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න කලක සිටම ඡන්ද භාරව කටයුතු කරයි.
අගෝස්තු 17 වැනි දා ඡන්දයේ ආරක්ෂාව ඇතුළු පොලිස් රාජකාරි ඔහු අතේය.
පළපුරුද්ද අතින් ඔහු මුල්තැනක සිටී. වසරකට සේවා දිගුවක් ද මෑත දී ඔහුට ලැබුණේය. යහ පාලන රජයේ ඇමැති මණ්ඩලය ඒ සේවා දිගුව දුන්නේය.
ගුරුන්ටත් අකුරු වරදින න්‍යාය ඔහුටත් අදාලය. සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුනට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා පොලිස් අධිකාරීවරුන්ට, දිසා භාර නිලධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුනට ඔහු හදිසි චක්‍රලේඛයක් යැවීය.
එහි පිටු පහකි. අංකය අටයි. නිල ඡන්ද දැන්වීම්පත් බෙදා හැරීම සඳහා තැපැල් ඡන්ද දායකයනට රක්ෂණ පැකැට්ටු බෙදා හැරීම සම්බන්ධයෙන් ඔහු මේ චක්‍රලේඛය යවයි. බැලූ බැල්මට එය අගෝස්තු 17 වැනි දා ඡන්දයේ නිල ඡන්ද පත්‍රිකා සම්බන්ධ චක්‍රලේඛයක් බව පෙනේ.
එහෙත් චක්‍රලේඛයේ මාතෘකාව යොදා ඇත්තේ ‘ජනාධිපතිවරණය - 2015.01.08‘ යනුවෙනි.
සිරත්සලය එසේ යොදනා ඔහු ඔහුගේ උපදෙස අනුව රක්ෂණ පැකට්ටු ආදිය 2015.07.24 වැනි දා පෙරවරු 8.30ට සිදු කිරීමට නියමිත බව දක්වා ඇත. ඒ අනුව කොතැනක හෝ ලොකු වැරැද්දක් වී ඇති බව පෙනී.
නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් ප්‍රධානීන් කිහිප දෙනකුම පැවසුවේ එය පරණ චක්‍රලේඛයක් බවයි. ජනපතිවරණයේ චක්‍රලේඛ දැන් එවන්නේ කුමටදැයි කොස්තාපල්වරයකු ඇසූ ඇසූ ප්‍රශ්නයෙන් තමා උඩ ගොස් බිම වැටුණු බව එක් පොලිස් ප්‍රධානියෙක් කියයි.
මෙහි පිටපත් ඡන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද යවා ඇත.
ගාමිණී නවතරන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන හා මැතිවරණ) යනුවෙන් නවරත්න මහතා එහි අත්සන් තබා ඇත. ඔහුගේ නිල මුද්‍රාව ද එහි ඇත.
මෙය සුළු වැරදීමක් හෝ අතපසුවීමක් සේ සැලකිය නොහැක.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතනයක හෝ ආයතනයක අංශ ප්‍රධානියෙක් ලිපියකට අත්සන යෙදීමට පෙර එය කියවා බැලීම ඔහුගේ අනිවාර්ය වගකීමක්. මෙම චක්‍රලේඛය එසේ මෙසේ එකක් නොවෙයි. එය 2015 මැතිවරණයට අදාළ උපදෙස් අඩංගු චක්‍රලේඛයක්. වචන ගැලපීමේ හෝ දාතම සම්බන්ධයෙන් වරදක් සිදු වුණොත් මැතිවරණ නීති කඩ කිරිමේ වරදකට කෙනෙකුට චෝදනා පත්‍රයක් සකස් කිරීමේදී තමයි ප්‍රශ්න මතුවෙන්නේ. (ම)
ඕක එච්චර ගණන් ගත යුතු දෙයක් නෙමෙයි .. සියලුම අමාත්‍යංශ සහ රජයේ ආයතනවල වැඩ කටයුතු වෙන්නේ ඔහොම තමයි .. මින් ඉස්සරහට කවුරු හරි , හරි විදියට වැඩක් කලොත් පමණක් පුවතක් ලෙස පලකලොත් හොඳයි කියා සිතමි ..දැන් දැක්කනේ ඊයේ පෙරේද අර ලොකු නිලදාරියෙක් හොර නොම්බර ගහපු වැන් එකක් එක්ක දාපු සෙල්ලම .. ඒ වගේ ඉස්සර ඉඳලම අද වෙනකම්ම රජයේ නිලදාරීන් , සේවකයන් , බලදාරින් ඔක්කොම සෙල්ලම තමයි දාන්නේ .. ඒ නිසා ඕවා එච්චර ලොකු දේවල් නෙමෙයි . (ස)
කින් බෙනට් මල්ලී, බයවෙන්න එපා (නදී)
ඕක එච්චර ගණන් ගත යුතු දෙයක් නෙමෙයි(නදී)
මෙවැනි අතපසුවිමකට හෝ වැරැද්දකට දඩුවමක් තියනවද (බ)
මේවගේ දේවල් ඕන තරම් වෙනවා සම්පුර්ණ ලිපිය කියව නිවැරදි අර්ථකතනයක් ගත යුතුයි (බ)