ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය වෙනුවෙන් ‘ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු‘ පක්ෂයේ එම් බී කැමිණිමුල්ල මහතා ද රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී සිය ඇප මුදල තැන්පත් කළේය.
බත්තරමුල්ලේ සීලරතන හිමි මුලින් ඇප බැන්දේය.
මේ අනුව ලබන ජනවාරි අට වැනි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් සංඛ්‍යාව දෙකකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම නම් හොඳයි. වැඩ ගැන මොනවද හිතන්නේ ? (නදී)
ඇත්තටම හොඳයි. අලුත් වෙනසක් බලාපොරොත්තු වෙනවා (නදී)
මේ මිනිස්සු කොච්චර සැහැල්ලුවෙන් සිතන පතන අයද කියල හිතෙනවා මේ වගේ නම් දාගෙන ජනාධිපතිවරණයකට එන්න හදන්නේ හිනහත් යනවා (නදී)
මෑත කාලයේ වේගයෙන්ම ජනප්‍රිය වේගෙන යන පක්ෂය මේ අයගේ පක්ෂයයි. රටේ අස්සක් මුල්ලක් නෑර මේ අයගේ පක්ෂයට අලුතින් සාමාජිකයන් එක්වෙනවා. ඔවුන්ට මෙය මැතිවරණ දින දක්වා දිගටම කරගෙන යාමට හැකි වුණොත් අනිවාර්යයෙන්ම ජයගැනීමට හැකියි . අතිගරු ජනාධිපතිතුමන්ගේ හොඳ වැඩපිළිවෙළ මේ අය නිතරම අගයනවා. ජයවේවා!! (නි)
පක්ෂේ නම දැක්කම මට හිනත් ගියා.සමාවෙන්න ඕනේ මම එය හැල්ලුවට ලක් කළා නම්!(හේ)
මේ පක්ෂය 2010 ජනාධිපති මැතිවරණයටත් ඉල්ලුවා නේද? (නි)
මොකක්ද පක්ෂයේ නම කිවිවෙ.? (ර)
මේක කොහෙද තිබුනේ ? (අ)
මේ අයගේ පවුල්වල අයවත් ඡන්දෙ දෙනවද දන්නේ නැහැ මේ පක්ෂ වලට (නදී)
ඔක්කොම රඡවරුනම් ආයේ ඡන්දේ දෙන්නෙ මොකටද. අදම රඡ පුටුවට යන්න තියෛන්නේ (දිල්)
ඒ කියන්නේ "තුන් සිංහලයම නෑදෑයෝ" ද? (නි)
මේ පක්ෂයේ ඔක්කොම කීදෙනෙක් ඉන්නවද? (නි)
එහෙනම් මමත් නාම යෝජනා දෙන්න යන්න ඕනේ, අපි ඔක්කොම....// (නදී)
එහෙනම් මමත් නාම යෝජනා දෙන්න යන්න ඕනේ, අපි ඔක්කොම..(හේ)