
(අතුල බණ්ඩාර)
පොසොන් පුර පසළොස්වක පොහොයදාට පෙහෙවස් සමාදන්වූ දස දහස් සංඛ්‍යාත උවැසි උවැසියන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරීපවතින ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ වසන මහමෙව්නා උයන අද දින සැදැහැවතුන්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත්ව තිබුණි.
රටේ පැතිරෙන කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ අරමුණින් රජය පනවා තිබෙන සංචරණ සීමා නිසා මෙවර මේ තත්ත්වය ඇතිවී තිබුණත්,පොසොන් පොහොයදා ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩවසන උඩමළුව විහාරස්ථානය හා රුවන්වැලි මහා සෑය ඇතුළු අටමස්ථානයේ වෙහෙර විහාරස්ථාන වල සිදුකෙරෙන ආගමික වතාවත් ඒ අයුරින්ම පැවැත්වීමට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන යන නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි අටමස්ථානයේ විහාරාධිකාරී හිමිවරුන් පියවර ගෙන තිබුණි.
මේ සඳහා අවසරලත් සීමිත සැදැහැවතුන් පිරිසක් පමණක් සහභාගීවුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් අප විසින් කරන ලද අකුසලයක් මැයි. හැකි පමණින් පමා නොවී කුසල් වඩත්වා. පිං කෙත වැඩ වසන, සද්ධර්මය සංදිට්ඨිකව පවතින මේ කාලයේ බොහෝ පිං කළ හැකිමයි.
ඉතිහාසයේම මෙවැනි දේවල් සිදුවූවාදැයි ප්රහේලකාවකි. මට වයස අවු.56කි. මා දන්නා තරමින් නැත. මෙසේ දේවල් සිදුවීමෙන් මුළු රටටම අසුබයි. අාගම, ජාතිය, පක්ෂය, පාට කිසිවක් අදාල නොවේ. රට යථා තත්වයට පත්වෙන්නට නම් තම තමන් අදහන දෙවියන්ගෙන් ඉල්ලමු.. මෙම කොරෝනා වසංගතය සහමුලින්ම දුරු වේවා කියා යාඤා කරමු.
ඕකට තමයි ඔය හැමෝම මාධ්‍ය සංදර්ශන තියලා රට වහන්න කිව්වේ. කොරෝනා හින්දා නෙවෙයි අපේ සංස්කෘතිය විනාශ වෙන්නේ...
අරඤ්ඤ ගතෝවා රුක්ඛමූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා යැයි සදහන් වන්නේද මෙයයි. මෙම ස්ථාන ජනාකීර්ණ විය යුතු නැත. එම ස්ථාන නිශ්ශබ්ද සාමකාමී තැන් වීමෙන් කෙනෙකුට ශ්‍රද්ධාවෙන් වැදගත හැකිය. එසේම එම ස්ථානවල සංසුන් මනසක් පවත්වා ගෙන මනස සාමකාමී කරගත හැකිය. විහාරස්ථානයක් පාලු ජනතාව අඩු තැනක් විය යුතුය. එවියි නියම භාවනාමය සිතක් ඇති කරගත හැකි වන්නේ. තෙරුවන් සරණයි.