(නිමල කොඩිතුවක්කු)
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසි ලෙසකින් දෙකඩ නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී ඒකනායක මහතා අද (13) පැවසීය.
දෙකඩ වී තරඟ කිරීමට අවශ්‍යව ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන අත්දැකීම් අඩු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ පිරිසටද කරුණු අවබෝධ කර දී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකට තරඟ කරන බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හීනෙන් නගිටලද? දැක්කද අනුරාධපුර ?
ඊයේ මහින්දගේ කතාව පත්තරෙන්වත් මෙය දැකල නැති හැඩයි....
තව දුරටත් රැවටිමට අප සූදානමි නැත.මේකා කෙරෙහි විස්වාසය නොතබන්න.දවල් වැටුන වලේ රෑත්. වැටේමුද?
බල්ලෝ බුරති. තවලම ඉදිරියටම යයි
මේ දේශපාලුවන්ගේ කෙලින් වැඩ නැති නිසා ලංකාවට ඉතින් සොරිම තමයි මේ විදිහට. බලය ගන්න ඕනෑම දෙයක් කරන, රට ගැන පළමුව නොහිතන දේශපාලන පක්ෂ.
එකට ආවොත් ඒකාබද්දේ අවසානය ඒකයි. අපි ඡන්දෙ දෙන්නේ නැ.
සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා - සිතේ ඇති දේ කවුද දන්නේ බලන්නට විමසා
චන්දය දිනන්න දූෂිතයන් අරගෙන රටට වෙන සෙතය කුමක්ද ? එතකොට ආයේ කවදාවක්වත් මේ රට යහපත් වෙන්නේ නැහැ.
හොඳ වැඩේ. හොරුන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි මේ විකාර ආණ්ඩුවට ගන්න එක.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන අත්දැකීම් අඩු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්.... නම්වලින්ම කියමුකෝ... උදය ගෙම්බන්පිල, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නාමල් රාජපක්ස ....
ඒකනායක මහත්තයෝ,ඔය ගිලෙන නැවකට පැනපු මීයෙක්නේ.හිතන්න එපා එකබද්දය දෙපාරක් ගිලෙන නැවකට පනියි කියා.
මතක් කරලා අර සුදු සපත්තු දෙකට හොඳ අඩියක් ගහගන්න ඇමතිතුමා, ඉදිරියේ පා ගමන් බොහොමයි.
අර පරණ සපත්තු කුට්ටම දාගෙනද ඔයකියන්නේ.
මේ වසර දෙක ඇතුලත, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිසා, පක්ෂයෙන් ඉවත්කරපු ජ්‍යෙෂ්ඨයෝ අත්දැකීම් අඩු උදවියද ? පසුගිය කාලයේ පුද්ගලයට නෙමෙයි පක්ෂයට චන්ද ලැබෙන්නේ කියපු මහා ලොකු වීරයෝ දැන් කොහෙද ? ආසන මට්ටමෙන් තරග කලොත් SLFP එකට ආසන 10 ක් දිනන්න බැහැ. ඒ නිසා තමයි අද මහින්ද පාර්ශ්වය සමග එකට එකතුවෙන්න මේ තරම් දත කන්නේ.
ඔය මොනවා කියෙවත් මහින්දට ජනාධිපතිතුමාගේ කකුල් දෙක ලගට යනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය 2015 මහා මැතිවරණයේදී කරපු කරපු මෝඩකම (එනම් මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනපති /චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනි ප්රමුඛ ශ්‍රී.ල.නි.ප. ය විශ්වාස කර එකට මැතිවරණයට ඉදිරිපත්වීම) මේ සැරෙත් කරයි කියලා හිතන්න එපා ඇමතිතුමෝ. ඔබතුමන්ලා බල තන්හාවට ආණ්ඩුවට හේත්තුවෙලා හිටියට නියම ජන බලය සහ ජනතාවගේ බලාපොරොත්තු තියෙන්නේ මහින්ද මහත්තයා ළඟ බව හැමෝම දන්නවා.
ඊළඟ පාර මේ අය කුජීත වෙනවා. මහින්ද උඩින්ම දිනනවා.
ආණ්ඩුවේ ඉන්නකොට මහින්ද හොරා ..ඡන්දය කිට්ටු වෙනකොට මහින්දගේ පිහිටෙන් ගොඩ ගියාට පස්සෙ ආපහු මහින්ද හොරා ..ලැජ්ජාව කියලා අහලකවත් නැහැ
ගියපාරත් මහසේනගක් එක්ක ඔතනින්ම පටන් ගත්තනේ......
පිංගුත්තර නිවට ජඩපාලකයින්ට ලැජ්ජාවක් තියෙනවාද?මේ හොරිකඩයින්ට ප්‍රතිපත්තියක් තියෙනවාද?චන්දය ගන්න ඕනෑම පහත්,අසමජ්ජාති කුමන්ත්‍රණයක් කරයි.ආප්ප කාල එලියට ගිය අයට ,පාවා දීපු අයට සදාචාරයක් තියෙනවාද?