(නිමල කොඩිතුවක්කු)
‘ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ඇතැම් මාධ්‍ය දැගලූව ද ආණ්ඩුවේ මයිල් ගහක්වත් හෙළවීමට නොහැකි’ යැයි මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
රාජපක්ෂ රජය හොරකම් කළ මුදලින් අහිංසක මිනිස්සුන්ට කන්න බොන්න දී කොළඹ ගෙන්නුවට ආණ්ඩුවට කිසිදු ගැටලූවක් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වත්මන් රජය ලබාදී ඇති නිදහස අවභාවිතා කිරිමට කටයුතු කළහොත් පමණක් නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරිමට සිදුවන බවද ඒ මහතා පැවසීය.
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කර 2025 වසර දක්වා ඒකාන්ත ලෙසම වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවද මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව දිනන වෙලාවේ කොහෙද දන්නේ නැහැ මුන්නැහේ හිටියේ.....???
බෙල්ල මුලින්ම ගහලා දාන්න පුළුවන් තැනට කටයුතු ලකලෑස්ති කරලා අතටම දීලා තියෙද්දී මයිල් ගස් හොලවන්න කාටද ඕනෑ?
හොලවන්න මයිල් ගහක්වත් තියෙනවද දන්නේ නැහැ..
හොලවන්න මයිල් තිබෙන්න එපාය. එහෙනම් මොන මගුලකටද විශේෂ සේවා බස් තහනම් කොරන්නේ, නිලදාරීන්ගේ නිවාඩු අවලංගු කොරන්නේ? තියනවාකෝ ඡන්දයක් මයිල් හෙලවෙන හැටි බලන්න. 2020 දී මයිල් විතරක් නොවෙයි නැට්ටත් කකුල් දෙක අස්සේ ගහගෙන යන්න වෙන්නේ.
එහෙමනම් මේක පිරිමි ඉන්න ආණ්ඩුවක් වෙන්න ඕනෙනේ. එ්ත් මේකේ ඉන්නේ මොකකටවත් නැති අයනේ...
අම්මපා..... කුරුදු පොලු මලයත් දැන් හබරල පෙති මලය වෙලා හෙන විහිළු කාරය නේද.?.... ම්ම්... ම්ම් ම්ම්ම් ..
ලිප ගිණි මොලවන තෙක් දිය සැළියේ සැපයක් යයි කකුලුවා දිය කෙළියේ