(සුජිත් හේවාජුලිගේ )
කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේදී ජන ජීවිතයට හා මහජනතාවගේ සමායට බාධා ඇති කළහොත් සුදුසු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පැවසීය.
ජන ජීවිතයට මහජන සාමයට බාධා නොවන අයුරින් කටයුතු කරන්නැයි උද්ඝෝෂක සංවිධායකයින්ගෙන් තමා ඉල්ලීමක් කරන බවද පොලිස්පතිවරයා කීවේය.
උද්ඝෝෂණය පැවැත්වෙන 05 වැනිදා කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවන බව කී ජයසුන්දර මහතා පිට පළාත් වලින්ද පොලිස් කණ්ඩායම් කිහිපයක්ම කැඳවන බවද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව ඇතුළු නගරයේ වැදගත්ම ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාව යොදවන බවත් අමතර බුද්ධි අංශ කණ්ඩායම්, කැරලි මර්ධන කණ්ඩායම්, රථ වාහන පොලිස් නිලධාරීන් ද සීරුවෙන් තබන බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කැඳවා මේ සම්බන්ධයෙන් උපදෙස ලබා දුන් බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට, දකුණට, නැගෙනහිරට සහ බටහිරට එකම නීතියක් ද ? හරි සන්තෝසයි.
අනිවාර්යෙන්ම පාලනය කල යුතු අවස්ථාවක්.., ගඩොල්..බාග වලින් පොලිසියට සහ මහජනයාට පහර දීමත් රජයේ දෙපලට අලාබ..හානි කිරීමටත් මෙයාලගේ ලොකු බලාපොරොත්තු සහ හපන්කම් බවත් අපි දන්නවනේ ..
කැම්පස් ළමයින්ගෙ ඔලු පලනවා, භාවනා නොකරන විදුලි සෝපාන ක්‍රියාකරුවන්ගේ කන පලනවා වගේද කරන්න යන්නේ?
රටේ කිසිම ප්‍රශ්නයක් නැති අවස්ථාවක මෙවැනි පහත් උද්ඝෝෂණයන් හොඳින් හෝ නරකින් අනිවාර්යෙන්ම නැවැත්විය යුතුයි. ලෝකේ ගොඩක් රටවල හිටපු නායකයෝ පැරදි හෝ තමන්ගේ වාර ගණන ඉකුත්වූ පසු රටට අවශ්‍ය ගුරුහරුකම් දෙමින් රට ගොඩනැගීමට උදවු කරයි. අපේ රටේ නායකයින් පැරදිලා හොම්බෙන් ගිහිනුත් රට ගිනි තියමින් රට අරාජික කරන්නම දතකයි..
මෙයා මොකාටද මේ එන්න හදන්නේ.
නඩු වලින් ගැලවෙන්න විදියක් හොයනවා.
මේවා රටට ආදරේට කරන දේවල් නොවේ. රට අස්ථාවර කරන්නට ගන්නා උත්සාහ. නියපොත්තෙන් කඩන්න තිබුන දේ දැන් රූස්ස ගස් වෙනකල් බකන් නිලාගෙන හිටිය තකතීරු පාලකයන්ට තමයි තලන්න ඕනෑ.
මේක නාමල් බේබිව උඩට ගන්න කරන වැඩක්නෙ. විශේෂ අධිකරණයත් පටන් ගත්ත නිසා 2020 වෙනකන් ඉවසන්න අමාරු ඇති.
හැබැයි...ප්‍රවේශමෙන් ..ඔබ " මාර පුජාව " පටන්ගත්තොත් එදාට ...ඔබගේ පිනට ලැබුණ " පොලිස්පති " පට්ටම ගලවෙන්නත් බැරි නැහැ...මොනවා වුනත් ඔබ එදාට වැඩ දැම්මොත් මීළඟට පත්වෙන රජයෙන් ඔබව තරු පටි ගලවලා ගෙදර යවන එකනම් ෂුවර්..
අන්න හරි රාළහාමි දෙන්න ඕන පාරේ යන අයටත් එක්කලා.
සර්ලා ෆෝන් එකෙන් කියාවි කොරන්න ඕන දේවල්. එතකොට කුළු පොලු අරගෙන වැඩ පටන් ගන්නකො.
මේ රටේ මෙවැනි රැස්වීම් වලට ස්ථානය, වෙලාව සහ දල වශයෙන් පැමිණෙන පිරිස ගැන දන්වා පොලිසියෙන් අවසර ගත යුතු නැද්ද?
ඇයි මේ උද්ඝෝෂණ ඉරිදට දාන්න බැරි සෙනඟ පෙන්නන්න බැරි වෙයි කියලා බය ඇති, 5 වෙනිදා රජයේ, බැංකු, වෙළද නිවාඩුවක් දෙන්න ...ඇපත් නැතිවෙයි කට්ටියට...
ඌ මට ගහනවා මට ඌ ගහනවා දෙපත්තන්ම ගුටි කන්නේ මහජනතාවයි.
"මේවා රටට ආදරේට කරන දේවල් නොවේ. රට අස්ථාවර කරන්නට ගන්නා උත්සාහ... නියපොත්තෙන් කඩන්න තිබුණු දේ දැන් රූස්ස ගස් වෙනකල් බකන් නිලාගෙන හිටියා තකතීරු පාලකයන්ට තමයි තලන්න ඕනෑ." ඔව් ඔව් සහෝදරයා 2020දී අපි දෙන්නම් දුවන්න. එලෝ එලෝ දෙන්නම් හිටිය තකතීරු පාලකයන්ට. රටේ මොනවද හලෝ තව අස්ථාවර වෙන්න තිබෙන්නේ...? පිටරට ඩ්‍රයිවර් වැඩ කරන අය දන්නේ නැහැ ලංකාවේ වෙන්නේ මොනවද කියලා... රට අස්ථාවර කලේ අර මැට්ටෝ 62 ක. ද්‍රවිඩයෝ බලය ඉල්ලුවෙත් නැහැ පළාත් සබාකාරයෝ ලක්ෂ හයා මාරේ පුටු ඉල්ලුවෙත් නැහැ.
බමුනා, අර විමලේ නි. පොලිස්පතිගේ තොප්පිය ගලවලා, හිටපු ලේකම්ට කතා කරන්න ෆෝන් එක දුන්නේ ඇයි? ඔයා කියන්නෙ ඒවගේ කරන්න කියලද? ඔයාගෙ ඔලුව බිත්තියෙ වැදුණු පාරට අතීතේ අමතක වෙලා...
ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යවස්ථා සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන්ලාගේ ඡන්දයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලිස්පති පුජිත් ජයසුන්දර මතිදුනි ඔබතුමාගේ මතයට මම ද එකග වෙමි .නමුත් සියලු ශ්‍රී ලාංකික ජනතාවට දේශපාලන පක්ෂ වලට පොදු ජනයාට අවහිර බාදා නොවනසේ විරෝධතා පැවැත්වීමේ පුර්ණ අයිතියක් ඇති බව කරුණාවෙන් මතක්කරන්න කැමැත්තෙමු ස්තුතියි .
"දන්සැල්" මත්පැන් සහ මත්ද්‍රව්‍ය දන්සැල් ගැනත් ඉතා කරුණාවෙන් සැලකිලිමත් වන්න..!!!
පොලිස්පතිතුමාගේ අදහසට අපි එකඟයි.
පොලිස්පතිතුමනි, නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.
පොලිස්පති පුජිත් මහත්තයෙ රැලියේ කලබල ඇතිකලොත් දැඩි දඩුවම් දෙන්න පසුව අධිකරණය වෙත යොමුකරන්න .
දැගලුවොත් කලබල කලොත් ... බැටන් ,රබර් බුලට් , ජාල ,ප්‍රහාරයෙන් හොදට සලකන්න .
කලබල ඇති කලොත් අඩු කඩන්න ...
කලබල කලොත් නීතිය නවල ඇට කුඩු කරන්න ...
පොලිස්පති තුමනි රටේ ජනතාව ඔබතුමා සමගයි. ඔබතුමා, නීති ගරුක, උතුම්, නිහතමානි, අවංක , උගත් , බුද්ධිමත්, පළපුරුදු , බුද්ධාගමට, ජාතියට, රටට ලෙන්ගතු තදින්ම ආදරය කරන, පන්සිල් රකින භාවනාකරන උත්තමයෙක්. රටේ සිවිල් ජනයා ඔබ තුමාට බාරයි 5 වෙනිදා වෙන්න යන සුනාමියෙන් රට බේරා ගන්න. ඔබතුමාට දළදා සමිදු පිහිටයි.!
ගරු පොලිස්පති තුමාට දළදා සමිදු පිහිටයි.!
රට විනාශ කරන ඒකාබද්ද සුනාමියක් ද මේ.?
කරුණාපාල, කමලානි, ජයනාත් වෙත. ඔබලාගේ නියෝග යමපාලකයෝ දැනටමත් කදිමෙට ක්‍රියාත්මක කරනවා. ඒ ගැන ඔබලා අමුතුවෙන් නියෝග කිරීමට අවශ්‍ය නෑ..
5 වෙනිදා මහින්දගේ එකාබද්දේ දෙවෙනි සුනාමිය. 2004 දෙසැම්බර් 26 සුනාමියෙන් වාසි උනෙත් මහින්දටයි . රට ජනතාවට හෙන ගැහුවත් කමක් නෑ බලයට එන්න ඇත්නම් අපේ මිනිස්සුන්ට කවදා ඇස් ඇරේවිද මන්දා.
පොලිස්පති තුමනි නීති කඩකළොත්.... දනිස්සෙන් පල්ලහෙයාට නෙමෙයි ඔලුවට තියන්න මැතිවරණ කොමසාරිස් තුමා ගේ නීතිය වගේ.
පොලිස්පතිතුමනි, රට ආරක්ෂා කරගන්න.