නාලක සංජීව දහනායක
මහජන උද්ඝෝෂණයක් පවත්වා කොළඹ වැටලීමෙන් ආණ්ඩුව පෙරළිය හැකි බවට ඒකාබද්ධ විපක්ෂය දවල් සිහින දකිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන උද්ඝෝෂණය මහජනතාවට හිංසාවක් බවත් එම උද්ඝෝෂණය මර්දනය කිරීමට ආණ්ඩුවට කිසිම වුවමනාවක් නොමැති බවද කීය.
මේ වනවිට රටතුළ ප්රජාතන්ත්රවාදය දොරේ ගලන බැවින් උද්ඝෝෂණ පැවැත්වීමට නිදහස තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා මහජන උද්ඝෝෂණ, පෙළපාළි මර්දනය කිරීමට ආණ්ඩුවට කිසිම අවශ්‍යතාවයක් නැති බවද වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ පෙබරවාරි ඡන්දෙන් ඔබලාට ලැබුණු ඡන්ද ප්‍රමාණය අනුව ඔබලා ගැනම ඔබ දකින සිහිනය මොකක්ද? ඔබලාට දැන් ඡන්ද ගණන වැඩියි කියා සිතෙනවාද? එහෙම හිතෙනවා නම් අන්න ඒක සිහිනයක්..
ඒකාබද්ධ විපක්ෂය පමණක් නොවේ යහාපාලන ආණ්ඩුවේ මෝඩ නායකයන්ද දවල් හීන දකිමින් ඉන්න බවයි පෙනෙන්නේ. රටට දුන් පොරොන්දු ඉටු නොකර අපි නිදහස දුන්නා රටේ ප්රජාතන්ත්රවාදය දෝරේ ගලන තොරුතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරලා තියනවා. අධිකරණයට ඇගිලි ගසන්නේ නැහැ යයි කයිවාරු ගහලා ඡන්ද දිනන්න පුලුවන් බවයි හිතාගෙන ඉන්නේ.
යන කාලය හරි නිසා මෙයා මරු කියවනවා.
ආණ්ඩුවනම් ඊලග ඡන්දෙ ගැන දවල් හීන දකිනවා.. මෙයා දකින හීනනම් කවදාවත්ම සැබෑ වෙන්නේ නෑ