(සුජිත් හේවාජූලිගේ)
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය අහිංසක එකක් බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය.
‘උද්ඝෝෂණයට කොළඹට කැඳවන ජනතාව සුරක්ෂිතව ගමට ගෙනයාමේ වගකීම අපට තියෙනවා’ යැයිද මන්ත්‍රීවරයා කීවේය.
‘අප කරන්නේ ආණ්ඩුවට එරෙහි සාමකාමී උද්ඝෝෂණයක්. කොළඹට එන්නේ ගහ මරා ගන්න නෙවෙයි. තැන් පහක ඉඳගෙන සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීම අපේ අරමුණයි.
සාමකාමීව උද්ඝෝෂණය කරන ජනතාවට ආරක්ෂාව දීම පොලිස්පතිවරයාගේ වගකීමක්. සාමකාමීව උද්ඝෝෂණ කටයුතුවල යෙදෙන්නැයි ජනතාවට දැනටමත් උපදෙස් දීලා තියෙනවා’ යි හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔය "සැප්තැම්බර් 5 වෙනිදා උද්ඝෝෂණය අතරතුර දී පොලීසියෙන් වෙඩි තැබුවා සේ හැඟවෙන පරිදි වෙඩි තැබීමක් සිදුකර ජනප්‍රිය තරුණ මන්ත්‍රීවරයෙකු සමඟ උද්ඝෝෂණයේ යෙදෙන කිහිපදෙනෙකු මරා දැමීමට රුසියාවෙන් ගෙන්නපු ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ සේවය ලබාගැනීමට යන බවටත් වෙඩි වදින පුද්ගලයින්ට වදින උණ්ඩය සොරකම් කිරීමට තවත් පිරිසක් යොදවා ඇති බවටත් ඝාතන පිළිබඳ පසුව සිදුකෙරෙන පරීක්ෂණවලදී උණ්ඩය සොයා ගැනීමට නොහැකි වීමේ අර්බුදය පාවිච්චි කර, ආණ්ඩුව මිනිසුන් මරා පරීක්ෂන යට ගහනවා කියා රට පුරා දැඩි විරෝධයක් නිර්මාණය කිරීමටත් කුමන්ත්‍රණයක් සිදුකරන බවට" ලෝකය පුරා ප්‍රචාරයක් දියත්ව ඇත්තේ විහිළුවටද?
ඔන්න යකෝ බලල මල්ලෙන් එලියට පන්නා
ඒක ඔයා ඊයේ රෑ දැකපු හීනයක්.
අහිංසකයින්, කවදාවත් පෙළපාලි යන්නේ නැහැ. මෙතන නායකයින් ප්‍රසිද්ධියේ කියනවා. රට පෙරලනවා කියලා. පැරදිලා, නඩු කියලා, සොරාගත් රටේ දේපල රාජ සන්තක වෙලා මිනීමරපුවට සාක්ෂි දෙන්නවෙලා. මේ වගේ කට්ටියගේ පෙළපාලි අහිංසක වෙන්නේ කොහොමද? මරු විකල්ලෙන් එන්නේ එක දවසක්... අවේ කුරුඳු පොලු මිටි බැඳලා. වාහනය ඇතුලේ මහින්ද හරියට වැඩ කෙරුවානම් මෙතරම් දඟලන්න අවශ්‍ය නැහැ... එය දන්නවා බලය ගන්න. අමාරු බව කෝ? සුමනදාස නැකත. හැදුවද පිටත් වෙන්න.
මුළු කොළඹම වටලා අලුත් ආණ්ඩුවක් අරං ගෙදර එනවා’ - පවිත්‍රා මන්ත්‍රී තුමිය මෙහෙමෙ කියලා තියනවා . උද්ඝෝෂණය සාමකාමී එකක් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කියනවා , ?????
සිරිමාල් කොහෙන්ද ඉන්ෆොමේෂන් ලැබුනේ කියාත් උත්තර දෙන්න ලැහැස්ති වෙන්න වැඩේ සිද්ධ වුනොත්... බොරු කෙලින්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා.
පොලිස්පති කෙනෙක් සාමාන්‍යයෙන් ගෙම්බෙකුට බය නැහැ. ඒත් පොලිස්පති කෙනෙක් උනාම කාගේ කාගේත් පෙර කෙරුවාව දන්නවා. ඒකයි එතුමා කල්තියාම අනතුරු ඇඟෙව්වේ. ඒ නිසා හොර වැඩ,මැර වැඩ දැන්ම නවත්වා ගන්න. සාමකාමී ලෙස වැඩේ කරන්න. නැතිනම් ඔන්න වැඩ වරදිනවා.