නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්ෂය විසින් ලබන මස 5 වැනි දා පැවැත්වීමට නියමිත ජනබලය - කොළඹට උද්ඝෝෂණය පැවැත්වීම සඳහා දැනටමත් කොළඹ නගරයේ ස්ථාන පහක් නීත්‍යානුකූලව වෙන්කරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (29) පැවසීය.
උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලමින් ආණ්ඩුව උසාවි නියෝග ගන්නා බැවින් එම ස්ථාන සම්බන්ධයෙන් දැන්ම යමක් හෙළිදරව් කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කීය.
මෙය සාමකාමී උද්ඝෝෂණයක් ලෙස පවත්වන බවත් උද්ඝෝෂණය අවසානයේදී සත්‍යග්‍රහයක් පැවැත්වීමට කටුයතු කරන බවද ඔහු කීය.
ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසාවෙන් මිනිස්සු එනවද? නැතිනම් ප්‍රෙද්ශීය සංවිධායකයෝ අරන් එනවද?
මොන මෝඩ කතාද? ඕවා වෙන්කර ගත්තු කන්තෝරු වල කට්ටිය ඒ වගක් දන්නේ නෑ කියලද කියන්නේ? ඔය කාටවත් කයිවාරු ගැහිල්ල මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා ජන බලයක් හදන්න ආත්ම ශක්තියක් නැහැ. තියෙන්නේ එකම පුද්ගලයෙකුගේ ආකර්ෂණය පස්සේ එල්ලිලා මහ දවාලේ හීන දකින එක විතරයි.
බලය තියන කාලේ හරියට වැඩ කරානම් තවමත් බලයේ ඉන්නවා. දැන් අපේ කාලේ කනවා නිකන්.
කරුණාකරලා ඕක නගරයෙන් පිට තැනක තියා ගන්නවද? මොකද අපිට වැඩට ඇවිත් පාරේ රස්තියාදු වෙන්නේ නැතිව වෙලාවට ගෙවල් වලට යන්න තියෙනවා. අපිනම් ඔය එක රැළියකටවත් එන්නේ නැහැ. මොකද, අපි දන්නවා ඔයගොල්ලෝ ගමේ මිනිස්සුන්ව පක්ෂ වලට කඩලා බේද කරලා, ඔය දෙගොල්ලම එකතුවෙලා නගරවල සුර සැප විඳින බව.
උද්ගෝෂණය කරන්නේ ඉදිරියටත් වාහන පර්මිට් ගන්න වෙන්නැති