ජිනීවා යෝජනාවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් රට පුරා සමුළු පවත්වන බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මෙහි ආරම්භය ලෙස ලබන 19 වැනිදා සවස 3.30 ට කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ජාතික සමුළුවක් පවත්වන බව ඔහු කීවේය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමෙන් ශ්‍රී ලංකා රජයට ඉතිරිවුණු රුපියල් මිලියන 300 යොදාගෙන වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට සහන ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා ජන්දෙන් ජයගත් නොගත් සැමදෙනෙක්ම වාගේ ජාතික ආණ්ඩුවට එකතු වෙලා. ඉතිරි මහත්වරු විපක්ෂයේ. විපක්ෂ නායකතුමා දෙමළ සන්ධානයේ. (ස)
මීළඟ මැතිවරණයෙන් මේ අය අතරින් පාර්ලිමේන්තු යන්න කාටද පුලුවන්? (නි)
දේශපාලන විහිළු සපයන්න නම් එපා (නි)
රටට කරන විනාශයක මහත.(ම).
ඔහොම යමුකෝ! (නි)
ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ මේ කණ්ඩායමද? (නි)
ලංකාවේ ජීවත්වන්නේ 60% ක්ම බඩ ගැන පමණක් හිතන, කම්මැලි, බේබදු, පරගැති ,අපි උගතුන් යැයි සිතන අයයි. මෙවන් ජනතාවක් සිටින රටක් කෙසේ සංවර්ධනය වෙයිද? (නි)
ප්‍රතිරෝධීන්ට වඩා වන්දිබට්ටයන් භයානකය (බ)
එකසත් ජාතික පක්ෂයේ හා ජනාධිපති තුමා ගේ සත් ක්‍රියාව කොතරම් ද කියනවා නම් දවස ගානේ එක එක හේතු හදා ගෙන රණ විරුවෝ හිර ගෙට තල්ලු කරනවා , ජාත්‍යන්තරේට හා ඩයස්පෝරාවට අවු 5 කට ගන්න බැරි දේවල් මේ ද්‍රෝහී රජය යටතේ මාස දෙකෙන් ගත්තා , ඇයි මහින්ද ජාත්‍යන්තරේ ඉල්ලන දේවල් නොදුන්නේ ? අතින් හෝ පවුලේ බුදලෙන් යන නිසාද ? ජිනීවා වලදී රට හා රණවිරුවෝ පාවා දීම නිවැරදි හා අනුමත කර මින් නිර්මාල්, උයන්ගොඩ ඇතුළු එන් ජීඕ වලින් යැපෙන විශ්වවිද්‍යාල ඇදුරන් හතලිස් ගානක් අත්සන් කරද්දී , නිකන්ම නිකන් කිසිවෙක් ලබා නොගත් මහා ඇදුරන් 71 දෙනෙක් එළිපිට විරෝධය පළකරමින් අගමැති හා ජනාධිපති තුමාට ලිපි යැවීම් හරහා පැහැදිලි වන්නේ කුමක්ද උගත් ප්‍රබුද්ධ පාඨකයනි . දැනගැනීම පිණිස මේ ගොඩනැගිල්ල පමණක් නොවේ මේ අදූරදර්ශි ආණ්ඩුව විවෘත කරන ( මේ දක්වා ) සැම පාරක්ම , විදුහලක්ම , ගොඩනැගිල්ලකම ආරම්භ කළේ පහුගිය රජයයි . මේ ආණ්ඩුවත් පටන් ගනිවි මීට වඩා ලොකු දේවල් හැබැයි දකුණු ශ්‍රී ලංකාවේ නොවේ උතුරු ශ්‍රී ලංකාවේ (බ)
මහා සංඝරත්නයයි , විශ්ව වීද්‍යාල ඇදුරන් ටිකයි ( එන් ජී ඕ වලින් පඩි හා පහසුකම් නොගන්න ) , රණ විරුවන් ටිකයි පාරට බැස්සාම තේරේවි අපේ මෛත්‍රීපාල ජනාධිපති තුමා එජාපෙ පත් කර ගත්ත එකේ ප්‍රතිපල , ඉවසන්න තව ටික කාලයි මධුසමය , ජිනීවා වලින් නඩු අහන්න , ශාක්ෂි දෙන්න කට්ටිය ආපු ගමන් තමා නියම යුද්දේ . ඔන්න දැන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතත් අයින්කරන්නලු පොරොන්දු වූ ලෙස . එතකොට අත්අඩංගුවේ රදවා ගෙන ඉන්න සියලුම දරුණු කොටි , සිංහල අපරාධකරුවෝ , කුඩු කාරයෝ , මිනි මරුවෝ ටික එළියට ආවම ආඩම්බර වෙන්න පුළුවන් වේවි කරපු උදාර මෙහෙය ගැන . සියලුම සුළු හා මහා පරිමානයේ ව්‍යාපාරිකයෝ නම් දැනටමත් ආඩම්බර වෙනවා කර ගත්ත මෙහෙය ගැන . කුස්සියට අඩු පාඩු එන කොට , තෙල් මිල නගින කොට , නොව 20 ආයේ බදු අලුත් කරන කොට තේරේවි මෙහෙයේ වටිනා කම (බ)
පසුගිය දේශපාලන පෙරලිය සම්පුර්ණයෙන්ම කුජිත මාධ්‍ය වික්‍රමයක්. ලංකාදීපේ ඉදිරියෙන්ම සිටිනවා.(ම)
තම දරු පවුල් සිර බාරයට ගනිද්දී , නැති නඩු පටලවද්දී , මේ සියලු දෙනා තවමත් රට වෙනුවෙන් තවමත් නොසැලී අභීත ලෙස අදහස් ඉදිරිපත් කරනවා , මෙයාලත් සුදු කොඩියක් ගහගෙන ජුදාස් ආණ්ඩුවට මුක්කු ගැහුවා නම් , මොන නඩුත් නැහැ , මේ වගේ දේශපාලන පෙර පාසල දරුවන් ගෙන් කතා අහන්නෙත් නැහැ , දැන් ඔබතුමාලා කියන්නේ , මේ රජය , ජනාධිපති තුමා කරන කියන දේ හරියි , අති ශ්‍රේෂ්ඨයි කියා කියා ඉන්නද ? රනිල් අගමැති තුමා කටේ බලයෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ බලය නැති කරලා , මෛත්‍රී පාල මහතා , නිල බලයෙන් මහජන ඡන්දෙන් තේරී පත්වුණු මන්ත්‍රී වරුන්ව සිර අඩස්සියේ දාල , ආණ්ඩුවට එරෙහිව කතා කළොත් නඩු වැටෙයි , ආසන සංවිධායක කම් නැති වෙයි කියලා , එත් මේ සියලු දෙනා ඊට බය නොවී රට වෙනුවෙන් කතා කරනවා , වැඩ කරනවා . අැයි නිකන් ඉන්න පුළුවන් නේ ආණ්ඩුවේ ඇමති කට්ටක් සුප්පු කර කර , මේ වගේ ප්‍රජාතන්ත්‍ර වාදය සිර කරගෙන් හිටි ආණ්ඩුවක් හෝ නායකයෙක් 1948 ඉඳන් තාම මම නම් අසා හෝ දැක නැත . මහින්ද රාජපක්ෂ මහතා මේ වාගේ පාර්ලිමේන්තුවේ කතා කිරීමේ බලය අහිමි කළාද ? (බ)
මේ ආණ්ඩුව ජිනීවා හරහා මේ රටේ නිදහස් ස්වරිබාවය පාවා දුන්න . මේ දක්වා කිසිම නායකයෙක් නොකළ විදිහට රට පාවා දුන්න , දන බොරු නඩු පටලවා ගෙන , බොරු චෝදනා හද හද අපේ රණ විරුවෝ පෝරකේට දක්වනවා , ඒ වීරෝධාර රණ විරුවනට යන්න වැල් නැහැ , පැන්ෂන් නවතලා , පඩි නවතලා , මෙතන අදහස් දාන උදවිය ඉන්නවා ඒ පවුල් හා කතා කල , හෝ ඒ පවුල් වල සාමාජිකයෝ , නැහැ නේද ? (බ)
පරාජිතයෝ (බ)
අපේ රටේ නියම විපක්ෂයි මේ .(ම)
මේ හතරදෙනා දැක්කහම මට දුකක් දැනෙනවා (නි)
ජනතාව මේ මහත්වරුන්ට ලබාදුන් බලගතු විපක්ෂ කණ්ඩායම අද යහපාලනය සමඟ එකතු වෙලා. අඩු තරමින් විපක්ෂ නායකකම පවා අතහැර ගිහිල්ල. ජනතාවගේ දුක සැප බලන්න කණ්ඩායම වෙලා මැද්දේ තනිවෙලා.(ම)
පන්සිළු, පරාජිතයන් වන්නේ ඔබ අප ඈතුලු සියලු ජනතාවයි. පරාජයන් ගොඩ ඒමට කටයුතු කරන්න. (ම)
ආණ්ඩුව හරි මගට ගැනීම විපක්ෂයේ වගකීම. (ර)
කුසුම්, ඔයාගේ අදහස නම් හරියටම හරි. (නි)
අමුතුවෙන් මෙයාලට ඒකාබද්ධ වෙන්න දෙයක් තිබ්බද.? (ර)
ඒකාබද්ධ විපක්ෂයක් වුණාට නම් කමක්නැහැ, බලලෝභී විපක්ෂයක් නොවී (නි)
ප්‍රනාන්දු කියන කතාව ඈත්ත. ඒ විතරක් නෙමෙයි අපේ ජාතියේ බහුතරය මොහොතකින් අතීතය අමතක කරන අය. (ර)
අනේ බන්දුල මාමේ ඔයාලගේ අවුරුදු දහයක කාලේ ඔය වගේ දේවල් උනානම් මේවා දැන් කියා කියා ඉන්න ඕනද? නේද ? හරිම පවු අනේ මෙයාල නේද? (ස)
මොක උනත් මේ දවස්වල හවසට වහිනවා. (ර)
මේ සමලුවෙන් මොකද වෙන්නේ.? (ර)
මොනවා වෙන්නද? ජනාධිපතිවරණයේදී මහා මැතිවරණයේදී විදෙස් කුමන්ත්‍රණ සිංදුව ගැහුවා. වැඩක් වුණාද? දැන් ඒ පාර අලුත් සිංදුවක් ගහන්න යන්නේ. වැඩක් නැහැ. දැන් රටේ ජනතාව සූදානම් නැහැ නැවත වරක් රැවටෙන්න (නි)
ප්‍රථමයෙන් කොළඹට අතුරු මැතිවරණයක් ලබාගත්තා නම් හොඳයි, ඔබේ යෝජනා ජනතාව පිළිගන්නවාද කියා සොයන්න. (නි)
මොකක් කරනවා ඉතින්. (ර)
මේ වැඩේට ආණ්ඩුවට උදව් කලොත් මොකද.? (ර)
රටට වැඩක් ඇති දෙයක් නම් කලට කමක් නැහැ. (ර)
මොන උනත් ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුයි. (ර)
කාලය කන අය (බ)
මේ හතර දෙනා අනේ මන්ද ඒගොල්ලෝ අවුරුදු 21 විතර පාලනය කළා නේද? ඒ කාලේ කරපු කියපු දේවල් මතක නැතුව ඇති.දැන් අපේ රටේ ඉන්නේ බුද්දිමත් මිනිස්සු ඔයාලට රැවටෙන්නේ නැහැ. (ස)
කාලයක් විදුලි පුටුව වික්කා. ඊට පස්සේ ෆෙඩරල් වික්කා. දැන් ජිනීවා විකුනනවා. හැබැයි මෙයාල කිහිප දෙනෙක්ට ඇමතිකම් දුන්නොත් ජිනීවා සමුළුවෙන් රටට ලොකු ගෞරවයක් වුනා කියල පුරසාරම් දොඩවයි. මට දුක මේ කට්ට කයිරාටික දේශපාලකයින් ගැන නෙමෙයි. මෙයාල කියන දේ හිස්මුදුනින්ම පිළිගන්නා මෝඩ මිනිස්සු ගැනයි. (ස)
මේකට ගැලපෙන නම ඒකාබද්ද විපක්ෂය නෙමෙයි. (ර)
ආයෙත් රටේ ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)