මහින්ද රාජපක්ෂ පරාජය වීමට හේතුව අනුන්ගේ පව්වලට කර ගැසීම, සාස්තර, නක්ෂත්රය විශ්වාස කිරීම ආදිය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ හොඳ අය පමණක් නොව හොරුන්ද සිටින බවත් ඒ මහතා කීවේය. තක්කඩියන්, කූඨ ව්‍යාපාරිකයන් ආදීන් ඒකාබද්ධ විපක්ෂයේ සිටින බව ඔහු කියයි.
COMMENTS
දේශපාලකයෙකුට සල්ලි හොරකම් කරන්නම ඕනෑ නැහැ. අනෙක් වැඩත් ඇති. (නි)
ඇත්ත කතාව කිවුවොත් අද රටේ ජීවත්වන්න බැහැ. තියන ආර්ථිකය පොඩි මිනිහට ජීවත්වෙන්න පුළුවන් තත්වයක් නැහැ. අනික රටවල් වල ඉඳලා ඕනෑ දෙයක් කියන්න පුළුවන්. ගිහින් බැලුවා නම් තේරේවි. (නි)
දේශපාලනයේ ඉන්න හොඳ මහත්තයෙක් (නි)
තමුන්ගේ රටට වඩා පක්ෂේ ලොකු මිනිස්සු එක්ක මොන කතාද? (බ)
කෙළින් කතාකරන නියම දේශපාලඥයෙක් (නි)
නිම්මිට කල්පනාව මාරුවෙලා වගේ (නි)
හැම පක්ෂයකින්ම නුසුදුස්සන් ඉවත්කළොත් අන්තිමට පාර්ලිමේන්තුවේ ඉතුරුවෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු ගණනක් (නි)
නිම්මි, "මෙතුමා හැමදාම ඇත්ත කතා කරපු කෙනෙක්" කියලා ඔබ කියන්නේ කොහොමද? කතාකරපු හැමදෙයක්ම හැමදාම ඔබ අහගෙන හිටියද? කවුරුහරි හැමදාම ඇත්ත කිවුවා කියලා කවුරුහරි කියනවා නම් ඒකම ගල් පැලෙන බොරුවක්! (නි)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ. (ර)
අනුර මෝඩ කතා කියන්න එපා. මෙතුමා හැමදාම ඇත්ත කතා කතා කරපු කෙනෙක්. එකයි තමුන්ගේ පැත්තේ ඉන්න මිනිස්සුත් වරදිකරලා තියනවා කියල කියන්නේ. මුළු රටම හොර කියද්දී නැහැ හොරෙක් නෙමේයි කියන මිනිස්සුන්ට වැදා මේ මනුස්සයා හොද නැද්ද? (ර)
ඉතින් ඇයි දැන දැනත් මේ ඒකාබද්ධ විපක්ෂයේ හොරු රැලත් එක්ක ඉදිරියට යන්න මේතරම් වලිකන්නේ?
හොඳ මහත්මා දේශපාලකයෙක්. ඇත්ත කතාකරන, ඉතා හොඳ, සැළසුම් සහිත අදහස් වලින් පිරි මහත්මයෙක්.නමුත් මෙතුමන්ලාගේ අදහස් වලට පක්ෂයේත් එහි නායකයන්ගෙනුත් තැනක් නැහැ. අර මෙතුමාම කියලා තියන කට්ටියට තමයි ඒ තැන. එ්ක මේ රටේ මිනිසුන්ගේත් අවාසනාව. (නි)
මොනවා කරන්නද ඉතින්? මුල ඉඳන්ම මේ කණ්ඩායමට එකතුවී සිටියත් මහත්මා තත්වය රැකගැනීමට ඇත්ත කීම ගැන පැසසිය යුතුයි (නි)
මහින්දට මොළේ තියෙනවා. මහින්ද සාත්තරකාරයෝ පිට තියලා නම්බුව බේරාගත්තා (නි)
හොරුන්, තක්කඩියන්, කූට ව්යාපාරියකන්ට පක්ෂ වලින් නාම යෝජනා ලැබෙනවා. ඒ අයට ඡන්දෙ දීලා දිනවන්නත් අපේ රටේ මිනිස්සු ඉන්නවා. ඔය ක්‍රියාපටිපාටිය නැති ලංකාවේ දේශපාලන පක්ෂයක් නැති තරම්. (නි)
මහින්ද පරාජය වුණා නොවෙයි, රටේ සම්පත් අයුතුලෙස තමාගේ පවුලේ බුදලයක් ලෙස අවභාවිතා කළා. ඔහු ශිෂ්ටසම්පන්න ජනතාව විසින් පරාජය කළා. (නි)
දේශපාලනය යනු වැදගත් රාජකාරියක් නම් වංචාව දුෂණය එම රාජකාරි රාමුව තුළ කොහෙත්ම තිබෙන්න බැහැ. නමුත් අද රටේ දුෂණයක් මංකොල්ලයක් සිදුවී තිබෙනවා නම් එතන දේශපාලකයෙකු වගේම දේශපාලනයට සම්බන්ධකම් තිබෙන කවුරුන් හෝ දායකත්වය සපයා තිබෙන බව රටේ සිදුවුණ සිදුවීම් වලින් පෙනීයනවා. ජනතාවට සිදුවෙලා තිබෙන්නේ මොවුන් කියන දේවල් අහගෙන සිට කිසිම විමුක්තියක් නොලබා මියයාමටයි. (නි)
කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. ඒ වෙලාවේ ජනතාව බොහොම කළකිරිලා හිටියේ ඔය හොරු ගැන. එ්ත් මහින්ද නිසා තීරණයක් ගන්න බැරුව හිටියේ. සමහරු ජනතාව එළෙව්වේ ඒකනේ. දැන්වත් කරුණු අවබෝධ කරගෙන කටයුතු කළොත් හොඳයි. ඒ වෙලාවේ කී දෙනෙක් නම් පිස්සු නැටුවද? ඒ අයව එළෙව්වා නම් මහින්ද අදටත් ඉන්නවා. (නි)
එහෙනම් ඇයි ඒ අය ඉවත්කිරීමට කටයුතු නොකරන්නේ දැන්වත්? නිකම් ලෝකෙට කෑ ගහලා වැඩක් නැහැ (නි)
සහතික ඇත්ත. හොඳ වෙලාවට කම්බා හොරු ටික කරණම් ගැහුවේ. නැත්නම් ඒකාබද්ධය හොර ගුහාවක් වෙන්න තිබුනා (නි)
ඉතින් ඕක අපිට කියන්නේ මොකද? අපි හොරුන්ට ඡන්දෙ දුන්නා තමයි. ඉස්සරහටත් දෙනවා. බලමු හැපිලා හොරුද දිනන්නේ අපිද දිනන්නේ කියලා.