ඒකාබද්ධ විපක්ෂය අද හදිසියේ කැඳැවූ මාධ්‍ය හමුව හදිසියේ කල් දැමීය.
බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේදී පෙරවරු 11.00ට පැවැත්වෙන බව මාධ්‍යවේදීන් වෙත එස්.එම්.එස් පණිවුඩ මගින් දැනුම් දී තිබූ අතර ඒ අනුව මාධ්‍යවේදීහු නියමිත වේලාවට එහි පැමිණ සිටියහ.
එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සේවකයෙක් පැවසුවේ මෙවැන්නක්තමන්ට දැනුම් දී නොමැතා බවයි.
ඉන්පසු මාධ්‍යවේදීහු ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක කතා කළහ.
ඔහු පැවසුවේ පෙරදින රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කළ දැනුම්දීමක් අනුව මාධ්‍යහමුව සූදානම් කළ බවයි. එය අවලංගු කරන ලෙස පෙරවරු 10.45 ට පමණ තමාට දැනුම් දුන්නත් ඒ වනවිට මාධ්‍යවේදීන්ට දැනුම්දීමට කාලය නොතිබූ බව ඔහු කිවේය.
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මාධ්‍යවේදීන් අමතන බව කලින් කියා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව ඔහොම තමා දැන් කොච්චර අපහාස කළාද පහු ගිය දින වල (බ)
මාධ්‍යයට කියන්න කාරණා නෑතිවෙලා..ඒකයි කල් දාල තියෙන්නෙ..පාර්ලිමේන්තුව පටන් ගත්ත දා පටන්, මේ අය රටට, ජනතාවට කරලා තියෙන දෙයක් තියෙනවද? හැම දේටම විරුද්ධ වෙලා, මාධ්‍ය සන්දර්ශන තිය තිය, මහින්දව නෑවත පත් කරන්න කියකිය, රටෙන් පඩි අරගෙන ලෝක බොරුවක් කරන්නෙ. (බ)
මෙහෙම කට්ටිය තමයි බලේ ගන්න පොරකන්නේ (බ)
ඒ ගමන ඒ ගොල්ලොත් ඉන්න කට්ටිය ආදර්ශයට අරගෙන වගේ (නි)
කපිල ඩුබායි, ඔයා තිලක් ඩුබායිගෙ කවුරුහරිද? මොකද දෙන්නම එකම විදිහෙ මෝඩ කතානේ කියන්නේ. (නි)
විකී, දැන් බලයේ ඉන්න අය මීටත් අන්තනේ. විදුලියවත් දීගන්න බැරුවනේ ඉන්නේ. (නි)
නෙලුම්, එතකොට ඉස්සර විදුලිය විසන්ධි වුණේම නැද්ද? (නි)
මොනවා නැතත් ප්‍රජාතන්ත්‍රවාදය නම් රටේ ස්ථාපිත වෙලා තියෙනවා. අද මිනිස්සු අතුරුදහන් වෙන්නේ නැහැ. අධිකරණය ස්වාධීනයි. නිතිය හැමෝටම එක සමානව ලැබෙනවා. ඒ නිසා අපි තව ටිකක් ඉවසීමෙන් බලමු. තාම අවුරුදු එකහමාරනේ (නි)
කියනන ඕනෑ කතා ටික හදාගන්න බැරිවුණ නිසාද දන්නෙ නැහැ මාධ්‍ය සාකච්ඡාව කල්දැම්මේ? (නි)
පිටබැද්දර මහත්තය, අමතක කරන්න එපා එදා රිචඩ් ද සොයිසා මහතාව නැති කළ අය තවම ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමේ ඉන්න බව.. එදා අතුරුදහන් වුනේ නැහැ , පේන්නම මරා දැම්ම..(බ)
කලිනුත් ඔහොමයි...එයාලට ඕන විදියට අපි ඉන්න ඕන කියලා හිතන් ඉන්නේ....(බ)
කලින් නොදන්වා කල්දාපු එක නම් මමත් අනුමත කරන්නේ නැහැ. අපරාදේ කාලය! (නි)
මොහාන් , මෝඩයෝ හැම තිස්සෙම හිතන්නේ අනික් අය මෝඩයෝ,තමන් තමයි නුවනක්කාරය කියල. ඔයත් අයිති වෙන්නේ ඒ ගණයට (බ)
ඌරන්ට පිරිසිදු කෑම දුන්නට රස නෑ.ඌරො ඉල්ලන්නෙ ජරාව.ඒකාධීපතිවාදී රටවල් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර වෙනස මේකයි.හිට්ලර් ගඩාෆි අදහපු මිනිස්සු හිටිය.නායකයෙකුගෙ වහලෙක් වෙන්න ආශාවීම මානසික ලෙඩක්. (බ)
විමල් මුම්බායි.මට කියන්න දෙයක් ඉතිරි කරලා නැහැනේ.අන්න එහෙම ලංකාවේඅයට තේරෙන භාෂාවෙන් කියන්න. (බ)
මාධ්‍යයට අසුබ කාලයක් (බ)
ඔහොම යන් (බ)