ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් කොටුව දුම්රියපළ ඉදිරිපිට දැන් පැවැත්වේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එහි රැස්වී අයවැයේ ඇතැම් යෝජනාවලට එරෙහිව මේ විරෝධය පාති.
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් කොටුව දුම්රියපළ ඉදිරිපිට දැන් පැවැත්වේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එහි රැස්වී අයවැයේ ඇතැම් යෝජනාවලට එරෙහිව මේ විරෝධය පාති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානාම වගේ මිනිස්සු මේ රටේ ඉන්නතුරු හොරුන්ට තක්කඩියන්ට ජය මඟුල්. මොකද කරන සේරම දේවල් අනුමත කරනවනේ. (නි)
යමු යමු පෙරටම යමු... (නි)
මාලක මහතා, මේ වගේ වැදගත් තැනක ලියන්න දන්නේ නැත්තේ අඩුගානේ වැස්සකටවත් පාසල් ගිහින් නැද්ද? තමා අකැමති අදහසක් නම් වැදගත් ලෙස විවේචනය කරන්න ඉගෙනගන්න අනෙක් අදහසුත් බලලා. රජයේ සේවකයාගේ සිට දොස්තර දක්වා මේ අයවැයට විරුද්ධ බව දැනගන්න පත්‍රයක්වත් බලන්න දන්නේ නැද්ද? රූපවාහිනියක් ගෙදර නැද්ද? (නි)
අසාද් මහතා, ඔබතුමා වගේ උදවිය නම් මහින්දට විරුද්ධ ඇති. නමුත් මේ රටේ කුරිරු යුද්ධය අවසන්කරලා මේ රටේ සැමටම නිදහස ලබාදුන්නේ එතුමා බව ඔබතුමා නොදන්නේ ඔබතුමා 2009 න් පස්සේ ඉපදුනු කෙනෙක්ද? (නි)
මහින්දට මෙහෙම වුණේ අවුරුදු 10 කට පස්සේ ? මොකක්ද ඒ කතාව? අපි දන්නේ නැහැනේ ඒක. මහානාමම කියමුකෝ බලන්න පිළිතුර. (නි)
මාලක තමයි මේ වගේ සභාවක ලියන්න දන්නේ නැත්තේ. යන්න ගිහින් මුල ඉඳලා ඉගෙනගන්න. (නි)
මාලක, අසාද්, ඔයාලා මහානාමට බනින්නේ ඇයි? කවුරුහරි වැරදි නම් ලස්සනට විවේචනය කරන්න ඉගෙනගන්න. (නි)
ඉස්සර නම් ඔහොම ආවේ නැහැ නේද? (නි)
මේවා දකින අපි කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ. (නි)
සාමා නෝනාගේ ප්‍රතිචාර දෙකටම තුති! ඔබතුමිය නොදන්නවා ද දන්නේ නැහැ, 1948 පස්සේ කිසිම අයවැයක් මේ වගේ 2/3 න් සම්මත වෙලා නැහැ. ඒ වගේම බලය ලබාගෙන පළමු වසරේ කිසිම අයවැයක් මේ වගේ ජනතාව ප්‍රතික්ෂේප කරලා නැහැ. මහින්දගේ මුල් අවුරුදු 5 ඇතුළත මේවගේ දේවල් වුණේ නැහැ. නමුත් කිසිම අයවැයක් මේ වගේ ප්‍රතික්ෂේප වෙලා නැහැ. එජාපය බලය ලබාගත්තේ අවුරුදු 20 කට පසුයි. ඒත් පළමු අයවැයම අසාර්ථකයි නේද? (නි)
මෙයාලා ඒ කාලේ හැසිරුණු හැටිත් අපිට මතකයි (නි)
මහානාම මහත්තයෝ, මහින්ද ඒකාධිපතියෙක් කියන එක ඔයා කියන දේ වලින්ම පැහැදිලියි. කටුනායක, රතුපස්වල සිද්ධි අහඹු ඒවාද කියලා දැනෙන්න තිබුණා වෙඩි වැදිලා මියගිය කෙනක් අතර ඔයාගේ පුතා හරි දුවක් හරි හිටියා නම්. මහින්දගේ අයවැය ගැන මොන කතාද? (නි)
මහානාම, ඔයාලා වගේ බදාගෙන විතරක් හිතන ආර්ථික විද්‍යාව දන්නෙ නැති අය ඉන්නකම් අයවැයක් හොද වෙන්න බැහැ (නි)
ඉන්ද්‍ර නෝනා කියන්නකෝ යහපාලෙනෙන් වුණ එක හොඳක්. අපිට නොවේ අර අල්ලපු රටේ අයට නම් එක හොඳක් නොවේ හොඳ ටොන් ගණනක් වුණා. ඉන්දියන් නිල පුවත්පත් බලා දැනුවත්වන්න රට යන දිශාව. මේ යන සැළසුම් වල ප්‍රතිඵල එනකොට ඔබතුමිය හෝ මම හෝ මේ පාඨකයෝ නැහැ. (නි)
කියනකොට එහෙමයි. ඒත් මෙයාලා කරනකොට මෙහෙමයි (නි)
එක් කෙනෙක් කියනවා රතුපස්වල හා කටුනායක සිද්ධි අහඹු සිදුවීම් කියලා. අසරණ මිනිසුන්ට වෙඩි තියලා මරලා දාන එකත් අහඹු සිදුවිමක්ලු. ඔක්කොටම කලින් ගිහින් මොළය පරික්ෂා කරගන්න. (නි)
පැහැසර මහතාගේ ප්‍රතිචාරයට තුති! මහින්ද මහතා ඒකාධිපති කෙනෙක් කියා මා පිළිගන්නවා. ඒ ඒකාධිපතිකම තමා 30 අවුරුදු ශාපලත් යුද්ධය නිමාකළේ. මුළු ලෝකෙම විරුද්ධ වුණත් මහින්ද මහතා තමා ඒ කුරිරු ත්‍රස්තවාදය අවසන් කළේ. පැහැසර මහතා, මේ අයවැය ගැන නොවේ අපි දුක්විය යුත්තේ, මේ රට යන දිශාව ගැනයි. කරුණාකර බඩ ගැන නොව රට ගැන හිතන්න පුරුදුවුණොත් හොඳයි නේද? (නි)
මට නාමල් දකිද්දී ගොඩක් දේවල් එයාගෙන් අහන්න හිතෙනවා (නි)
චාමික, ඔබට පමණක් නෙමෙයි ඩුබායි රටේ ඉන්න මටත් ගොඩාක් දේවල් නාමල්ගෙන් අහන්න තිබෙනවා. රටේ ඉන්න ඔක්කොම මෝඩයි කියලා වෙන්න ඇති මෙයාලා හිතන්නේ. (නි)
මේගොල්ලෝ දැක්කහම හරියට ආදරේ හිතෙනවා. රට, ජනතාව වෙනුවෙන් වීදි වලට බැහැලා උද්ඝෝෂණ කරන හැටි බලන්න. රටට පුදුමාකාර ආදරයක් තිබෙන බව පේනවා. (නි)
මේක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.... (නි)
සිංහල මිනිස්සුන්ට ඔක්කොම අමතක වෙනවා ඇත්ත හැබැයි තාම නම් කල් මදි මහත්තයෝ ..... (ර)
ජයවේවා ඔබට! අපි ඔබ සමඟයි (නි)
මම නම් කියන්නේ රාජ්‍ය සේවය නැතිකරන්න හදපු අයවැයක් කියලා මේක. පරාද කරන්න මේ අයවැය. (නි)
මෙතන තිබෙන මුහුණු ටික දැක්කහම තේරුම් ගන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂය මොකක්ද කියලා (නි)
ඉස්සර පස්වාන්දහසකට බුදුවෙන්න කියලා වැඳවැටුණු ගැත්තොත් දැන් අහක බලාගෙන යනවා. ඒ වුණාට ඉස්සර විමාන වලින් දෝලාවෙන් වැඩමකරපු අය පයින් යන එක නම් එයාලගේ ශරීර සෞඛ්‍යයට යහපත් (නි)
නදී, ඇයි රාජ්‍ය බැංකු? ඒවටත් මොනවා වෙන්න යනවද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
ඒකාබද්ධ විපක්ෂයක් ඉන්න බව දැනගන්න මේවා කරන එක වටිනවා (නි)
ආ! මේ නාමලුත් ඉන්නේ.... (නි)
නගවු හඬ අසරණ ජනතාව වෙනුවෙන්.. නගවු හඬ ජනතාගේ කුසගින්න වෙනුවෙන්, අනාගත දරු පරපුර වෙනුවෙන්... (නි)
ගමන අමාරුයි , බාදක වැඩියි , තව ගොඩාක් දුෂණ හා විමර්ශන කොමිසමට ගෙන්වයි , නමුත් ජය නියතයි , අපි ට පුළුවන් පමණින් අපි දායකත්වය දෙනවා රට වෙනුවෙන් . ඔබතුමන්ලාට ජයවෙවා . (ර)
ඔබගේ සටනට අපේ සහය! (නි)
මහින්ද මැතිතුමාගේ අගය දැන් තමයි තේරෙන්නේ (නි)
බුද්ධික, නාමල් ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද? පියා, මව, සහෝදරයෝ හා බාප්පලා, මාමලා ඔක්කොම දවස ගානේ ප්‍රශ්න කරනවා. නමුත් නාමල් නොසැළී, නොබියව එනවා කියන එක කොච්චර ලොකු දෙයක්ද කියලා පිළිගන්න වෙනවා නේද? වෙන කෙනෙක් නම් පස්සෙන් ගිහින් නඩු ඉවත් කරගන්න කියාවි, සමාව දෙන්න කියාවි, රජයේ සාක්කිකාරයෙක් වේවි. නාමල් වැරදි කළ බව අපිත් පිළිගන්නවා. නමුත් රට පාවාදෙන්න බැහැ නාමල් වැරදි කළා කියලා. නාමල් වැරදි නම් අල්ලලා නීතිප්‍රකාරව හිරේ දාන්න මාධ්‍ය සංදර්ශන නැතුව (නි)
රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසාකාපු අයට විරුද්ධව රටම උද්ඝෝෂණය කරන්න කාලය ඇවිල්ලා. රටේ නීතියක් කියලා දෙයක් තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න මේතරම් ප්‍රමාදවීම ගැන නම් තිබෙන්නේ පුදුම කණගාටුවක්. (නි)
නීතියක් රීතියක් තිබෙන රටක නම් මේ වෙනකොට මෙතන සමහරු ඉන්නේ මහදෙගර යකඩ කූරු ගණන් කර කර. (නි)
මේ අය තව අවුරුදු2 ක් යන්න ඉඩ දුන්නා නම් අපේ රටත් සොමලියාවක්, ඉතියෝපියාවක්,උගන්ඩාවක්,කෙන්නියාවක්,සුවසිලන්තයක්,බංගලිදේශයක්... කරලම තමයි පස්ස බලන්නේ.ඒ ගහපු "හතර වරම් ගැහිලි" වලට මතු වුපදින පරම්පරා 100 ක් නය ගෙවන්න සිද්ධ වෙනවා.(අ)
මහානාම - කඳාන.ඇත්තටම ඔහේ කන්නේ තනකොලද නැතිනම් රට පුන්නක්කුද ? (අ)
අනේ මන්දා! මේ මහජන විරෝධය නම් එච්චර සුබ නැහැ (නි)
රට කාපු හොරු ඔක්කොම එකට බලාගන්න පුළුවන් මේ වගේ වේලාවකදී තමයි.මහින්දගේ සාටකේ එල්ලිලා ගොඩයන්න බලාගෙන ඉන්න දේසපාලන අනාථයෝ ටිකයි අනාථයන්ගේ කරපිටින් බලේ ගන්න දඟලන රාජපක්ෂ වරුනුයි. (අ)
ගමගේ මහතා, මේ තමා නියම විපක්ෂය. මට කියන්නකෝ ලංකාවේ කවදාද විපක්ෂයක් ආණ්ඩුවේ අයවැයට සහය දුන්නේ? 2/3 පාර්ලිමේන්තු ඡන්දය දීපු අයවැය කොච්චර සාර්ථක වෙන්න ඕනෑද? නමුත් මොකද වුණේ? මුළු රටම විරුද්ධ වුණා. ආණ්ඩුව පත්වී මාස 4 යි, නමුත් ජනතාවට එපා වුණා. මහින්දට මෙහෙම වුණේ අවුරුදු 10 කට පස්සේ. ඒත් මේ වගේ අයවැයට විරුද්ධව මිනිස්සු පාරට බැස්සද? රතුපස්වල හා කටුනායක සිද්ධි අහඹු සිදුවීම් (නි)
යහපාලනය නිසා මේ අයට නම් පාඩු ඇති එහෙත් යහ පාලනය නිසා ස්වාධින කොමිසන් සභා බලාත්මක වුනා ,අධිකරණය ස්වාධින වුණා . වැඩිවුන බඩු මිල අඩු කෙරුවා (,පැට්‍රල් මිල ,ගැස් මිල ) මෙගොල්ලොන්ටත් වැඩක් එපැය .(අ)
මහානාම තමන් ආදරය කරන චරිතයක් කළ වැරදි සධාරනිකරණය කරන්න දඟලන කොට එ මෝඩකම පේනවා. හරකෙක් වුණාට උම්බෑ කියන්න එපා කියල පැරණි මිනිස්සු කිව්වේ කට කහනවට නෙවෙයිනේ. (අ)
එදා දුරදිග නොබලා වැඩකළ නිසා තමා ඔය අද පාරට බහින්න වුණේ. නැත්නම් කොහෙද ඉන්නේ මේ වෙනකොට? (නි)
කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. පෙරටම යන්න. අපේ උණුසුම් සුබ පැතුම්! ඔබට ජයෙන් ජයම වේවා! (නි)
රටට කල සේවය වෙනුවෙන් මහින්දට ලැබෙන්න ඕනේ ගෞරවය ලැබෙනවා.එකේ තර්කයක් නැහැ. (කෞ)
අනේ ඔයාලා ගෙදර ගිහින් වැඩක් කරගන්නකෝ (නි)
අපි දන්නවා සටනට එන්න හේතුව. කොහොම වුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන බව කියන්න පුළුවන් මේවා දැක්කහම. කොහොම වුණත් අපි මේ ආණ්ඩුව වට්ටන්න නම් දෙන්නේ නැහැ (නි)
රට යන අත සිතාගන්නත් අමාරුයි (නි)
මුහුණු ටික දැක්කහම නම් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ (නි)
ආ මේ ඉන්නේ කට්ටිය ... කෝ ඕනෑම කෙනා නැහැනේ...... (නි)
ආ! කට්ටිය හුඟ කාලෙකින් දැක්කේ.... (නි)
අපි වෙනුවෙන් පාරට බැස්ස ඔබ සැමට අපේ ප්‍රණාමය! අපි ඔබ සමඟයි (නි)
ඇයි මහත්වරුනේ 2500කින් කන්න බොන්න පුළුවන් රටක මෙපමණ උද්ඝෝෂණ? (නි)
කෝ අපේ විමල් මහත්තයා නැද්ද? (නි)
පහුගිය රජය කාලේ මේ විදිහට පාරට බැස්සා නම් මොනවා වෙයිද? ඒ කාලේ මෙහෙම පාරට බහින්න බොහෝ කාරණා තිබුනා. ඒත් මිනිස්සු බයට නිහඬ වුණා. අද ඒ කාලය නොවේ. යහපාලනයේ හොඳ දේවල් ගැනත් කියන්න පැකිළෙන්න එපා (නි)