කාන්තාවන් සඳහා වැදගත් පනතක් ඉදිරිපත් වූ අවස්ථාවේ එක් පවුලක් වෙනුවෙන් හඬනගන කණ්ඩායමක් පාර්ලිමේනුතුවේ අවිනීතව හැසිරුන බව චන්ද්‍රානි බණ්ඩාර ඇමිතිනිය පැවසුවාය.

බාධා කළ පිරිස අතර හිටපු ඇමැතිවරියක ද සිටි බවත්, බාධා කිරිම් මැද පනත සම්මත කර ගත් බවත් ඇය කීවාය.

කුමාරයෙක් නිදහස් කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ලොකු උත්සාහයක් ගන්නේයැයි ද, පවුල් පාලනයට ජනවාරි අට වැනි දා තිත තැබූ බව ද බණ්ඩාර මහත්මිය සඳහන් කළාය.