ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑමක් ඇති නිසා ඇඹිලිපිටියේ සාදයේ ගැටුමින් මියගිය එක්දරු පියාගේ මරණයට වගකිවයුතු බව කියන පොලිස් නිලධාරින් අත්අඩංගුවට නොගන්නා බව නිතීඥ විජිත ජී. පුංචිහේවා මහතා පවසයි.
ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත්වරයා 27දා දුන් නියෝගය අනුව එදින සාක්කි දුන් මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිය දුන් සාක්කියෙන් කියවුණු සැකකරුවන් දෙදෙනකු පොලිස් මුලස්ථානයේ සේවය කරන නමුදු ඔවුන් අත්අඩංගුවට නොගන්නේ පොලීසිය අධිකරණයටත් ඉහළින් ක‍්‍රියා කරන නිසාදැයි ජනතාවට සැකයක් මතුවන බවත් නීතීඥවරයා පැවසුවේ ය.
‘මහේස්ත‍්‍රාත්වරයා පැහැදිලි නියෝගයක් දුන්නා සාක්කිකාරිගේ සාක්කියෙන් කියවෙන සැකකරුවන් සියලූ දෙනාම අත්අඩංගුවට ගන්න කියලා. ඇත්තටම එහෙම නියෝගයක් දීම අවශ්‍ය නෑ. පොලිසියට පුළුවන් විමර්ශනයේදී අනාවරණය වන සැකකරුවන් අත්අඩංගුවට ගන්න. එහෙම නොවුන නිසා තමයි රජයේ නිතීඥ දිලීප පිරිස් විශේෂ ඉල්ලිමක් කරලා එහෙම නියෝගයක් ලබාගත්තේ. තියන ප‍්‍රශ්නය තමයි දැන් පැය විසිපහක් ගතවෙලා තියන මොහොත වනවිටත් ඔවුන් අධිකරණයක් හමුවට හෝ පොලිසියකට බාරවීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් හෝ නෑ. මොන හේතුවක් මත ඉහළ පොලිස් නිලධාරීන් නිද්‍රාශිලිව කටයුතු කරන්නේ දැයි මම දන්නේ නෑ. මේ නිසා මහජනතාවගේ නොසන්සුන්තාවක් ඇතිවෙනවා. අධිකරණය දීපු නියෝගයක් ක‍්‍රියාත්මක නොකිරිම පිළිබඳව පොලීසිය ගැන කනස්සල්ලක් ඇතිවෙනවා. මේක ඉතා කණගාටුදායක තත්ත්වයක්’ යැයි පුංචිහේවා මහතා කීවේය.
පොලීසියේ ඉහළම නිලධාරියකුගේ කකුලෙන් ඇදීමක් නිසා සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා බවත් පරීක්‍ෂණ හරියට කිරීමටවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටවත් යුහුසුළු නොවන්නේ ඔවුන්ගේ බලපෑම නිසා බවත් මෙය පොලිස් දෙපාර්තමේන්තුවටම මහා නිග‍්‍රහයක් බවත් නීතිඥ පුංචිහේවා සඳහන් කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරිනම්, කොන්ද කෙලින් තියන සුදුස්සෙකුට දීල නම්බු පිටින් ගෙදර ගියානම් ඉවරනේ.අහිංසකයන්ට තමයි හැම තැනින්ම කෙනහිලි. (බ)
අනේ විජිත් ..ගරු පොලිස්පති තුමාට ඔහොම කියන්න එපා අනේ.දැන් වයස හින්දා ඇස පේනවා අඩු ඇති.දැක්ක ගමන් අත්අඩංගුවට ගනීවිනේ...(බ)
දැන් ලංකාවේ පොලිස් කොමිසමක තියෙද්දිත් මෙහෙම නම් තව මොනවා කියන්නද. මෙය යහපාලන රජයකින් නොවිය යුතු දෙයක්ද (බ)
හොඳයි නේද යහපාලනය? (නි)
පොලිසිය ප්‍රතිසංවිධානය කළයුතුයි. එහෙම නොකළොත් මේ රටේ ආපසු ජනතා නැගිටීමක් සිද්ධවෙන එක වළක්වන්න බැහැ (නි)
බය වෙන්න එපා. දැන් යහපාලනයක්නේ තියෙන්නේ (නි)
දැන් කරන්න තිබෙන්නේ පොලිස්පති උසාවි ගෙනවිත් , රිමාන්ඩ් කරන එකය. (බ)
මොන වගේ නීතියක්ද මේ? (නි)
විජිත් මහත්මයා සමඟ මගේ අදහසත් එකඟයි (නි)
ඇත්තටම ලංකාවේ ජනාධිපතිටවත් බලයක් නැහැ දැන්. ලංකාවේ පොලිසියට තරම් නේද ? මම රටේ නායකයනම් මුළු ශ්‍රී ලංකා පොලිසියටම සීල් තියල හමුදාව. යටතට දෙනවා එහි පාලනය ....? (බ)
ඇස් ගෙඩි වලට හෙණ ගහලද මන්දා මේ වගකිවයුත්තන්ගේ? (නි)
වැරදිකරුවන් තාම නිදැල්ලේ (නි)
සුරාවට ගිජුුවීමේ ආදීනව නේද මේ? එදා තමන්ගේ මුදලින් බෝතල් දෙකක් බිවුවා නම් ඉවරනේ. මින් ඉදිරියටවත් සිතා බලන්න. (නි)
නීතිය තදබලව ක්‍රියාත්මක කරන හැටි පෙන්විය යුතුයි. ‘බෙදන්න හැඳි දෙකයි‘ කිව්වාලු. (නි)
මෙන්න යහපාලනය!! (නි)
අනේ අපේ මකුළු දැල් නීතිය..! නිවට ඇම්බැට්ටයා දුටුවම එළුවාත් රැවුල පානවලු..(බ)
යහපාලනයේ හැටි මෙහෙම තමයි. හිරුණිකාලට එකක්, හිමි නමට තව එකක්, මොවුන්ට මොන ක්‍රමයද? (නි)
ඇත්තටම උසාවිය විසින් ලබා දෙන ලද නියෝගයක් නොපිළිපැද සිටීම නීතියට අනුව උසාවියට අපහාස කිරීමකි. උසාවියට අපහාස කිරීමක් සම්බන්ධයෙන් පියවර ගැනීමේ බලය ගරු අභියාචනාධිකරණය සතුයි.මෙවර උසාවියට අපහාස කර ඇත්තේ පොලිපති විසින් බවක් අපිට හැඟේ.මහින්ද මහත්තය ඉන්න කාලේ නියෝජ්‍ය පොලිස්පති වරයකු වූ වාස් ගුණවර්ධන අත් අඩංගුවට ගත්තේ මෙතරම් ජනතා කැළඹීමක් ඇති නොවී තිබියදීය . යාපනයෙන් සහකාර පොලිස් අධිකාරී වරයෙකුත් නීතියට ඉහළින් තබා ජනාධිපතිවරයාට පමණක් හිමිවන මුක්තිය ලබා දී ඇති බව පෙනේ. අනේ දෙවියනේ අපේ රටට ගිය කලක් ? (බ)
නීතිය ක්‍රියාත්මක කිරීමට, අණදීමට නොහැකි අය ගැන කුමක් පවසන්නද? (නි)
දැන්නම් අපිට යහපාලනය ගැන ඇත්තේ කළකිරීමක් (නි)
අපිට නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. හාමුදුරුවන්ට එක නීතියක්, එක්තරා මන්ත්‍රීනියකට තව නීතියක්, පොලිසියේ අයට තව නීතියක්. මොකක්ද මේ වෙන්න යන්නේ
හැබැටම එ්ක එතකොට අධිකරණයට අපහාස කිරීමක් නෙමෙයිද? (බ)
ගරු.පොලිස්පතිතුමනි.ලැජ්ජයි.මම ඔබනම් තව මොහොතක්වත් ඔය වගකිවයුතු තනතුරේ රැඳී සිටින්නේ නැහැ. ඒ මම මගේ ප්‍රතිපත්ති නිසි ලෙස රකින නිසයි .ගරු අධිකරණයෙන් කළ නියෝගයට පිටුපාන්නට තරම් උද්දච්ච පිරිසක් ඔබ යටතේ සිටින්නේ නම් තවත් මොන කතාද.තීරණය ඔබසතුයි. කෙසේ වෙතත් ඔබ තවදුරටත් ඔය " උතුම්, නීතිගරුක,විනය ගරුක ආසනයේ " අසුන්ගෙන සිටීමෙන් පෙනෙන්නේ ,ඔබත් නීතියට පිටුපාන ..නීති විරෝධී පුද්ගලයෙක් බවයි.(බ)