මොරටුව වේල්ස් කුමර විද්‍යාලයයේ ගුරුවරුන් කිහිප දෙනකුට සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයාට එල්ලවීයැයි කියන තර්ජන සම්බන්ධයෙන් මොරටුව පොලිසියට කළ පැමිණිලි ගැන නිසි විභාගයක් කර ගුරුවරනට බියකින් සැකයකින් තොරව රාජකාරි කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය පොලිස්පතිට ලිඛිතව දැනුම් දුන් බව එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
කළමනාකරන කමිටුව නියෝජනය කර ගුරුවරුන් කිහිප දෙනකුට සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්ට එලෙස තර්ජනය කර ඇති බවත්, මේ හේතුව නිසා පාසල් සංවර්ධන සමිතියේ ලේකම් එම තනතුරින් ඉවත් වී ඇති බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.
පාසල් පරිපාලනයට එරෙහිව සිදුවිය හැකි ක්‍රියාමාර්ග නතර කිරීමට කටයුතු කරන ලෙස ද විදුහල්පතිට, ගුරුවරුනට හා සිසුනට ගැටළුවකින් තොරව පාසල් කටයුතු කර ගැනීමට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස ද හෙතම ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දණගහන්න සැරසෙනු....! (නි)
අහෝ රටකට ගිය කලක්! මොනවා කියන්නද මොනවා කරන්නද කියා නොදනී (නි)
සේරම්, ඔබ කියනවා වගේ 'අනේ අපේ රටට ගිය කලක්'. මෙවැනි හැම සිද්ධියකින්ම පෙනෙන්නේ නීතියේ බිඳ වැටීමයි. ඕනෑම කෙනෙකුට ඕනෑම විකාර වැඩක්, තර්ජනයක්, අපරාධයක් කර ඉන් බේරී සිටීම ඉතාම පහසුයි. පොඩි අත්තක් අල්ලගත්තාම ඇති. (නි)
කරුණාකර වාර්ථාව සමිපූර්ණයෙන් දමන්න. තර්ජනය කර ඇත්තේ කවිද?මොනවා සමිබන්ධයෙන්ද? පැහැදිලිව ලියන්න. නැතිනමි මෙම වාර්තාවෙ ඇති වටිනාකම මොකක්ද? (නදී)
මේක හරිම කරදරයක් .. එක වෙලාවකට විදුහල්පතිට තර්ජන .. දැන් ගුරුවරුන්ට ..... ඔය ආදී ශිෂ්ශයෝ ටික තමයි පාසැල කන්නේ....මේ අයට ඕන කොහොම හරි සල්ලි කීයක් හරි කඩා ගන්න... එන එන එක ඒගොල්ලො එක්ක හිටියොත් හොඳයි. නැත්නම් එයා හොඳ නෑ... කානිවල් එකක් කරන්න තියෙනවානම් ඔය එක ප්‍රශ්නයක් වත් නෑ. (ස)