IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඒ නම කියන්නකෝ

2016-08-18-ent-08මේ දවස්වල නිතර නම කියැවෙන සුප්‍රකට කොමිසමක ඉහළම තනතුරක් දරන නෝන කෙනෙක් පසුගියදාක අලුත් කඩේ පැත්තෙදි කළුකෝට්කාර යාළුවො කස්ටියක් හම්බ වුණා. 

මේ නෝන යහපාලන කස්ටිය අතරේ ජනප්‍රිය කෙනෙක් වුණාට විපක්‍ෂ කස්ටිය එයා ගැන මනාපයක් නැති නිසා නෝන විපක්‍ෂයෙ හිතවත්තු වන කළුකෝට්කර යාළුවන් එක්ක කතා කරද්දි විහිළුවෙන් වගේ අපූරැ ප්‍රශ්නයක් ඇහුවලු...

"ඔයාලගෙ කස්ටිය මට ලස්සන විහිළු නමක් දාලය කියල ආරංචියි" නෝන කිව්වා...

"මොකද්ද අනේ ඒ නම. අපි නම් දන්නෙ නැහැ..." එයා කළුකෝට්කාර මිත්‍රයෙක් කිව්ව.

ඊළඟට කොමිසමේ නෝන අකුරැ තුනක නමක් කියලා ඒක නේද මට දාපු නම කියල මිත්‍රයගෙන් ඇහුව.

ඒත් මිත්‍රය උත්තර දෙන්න ගියේ නැහැ. හිනාව තද කරගෙන නිකම් හිටියා...

ඊළඟට ආයෙත් නෝන කතා කළා "කමක් නැහැ... කෝකටත් නම දාපු අයට කියන්න මම ඒ නමට හුඟක් කැමැතියි... ආසයි කියලා..." එහෙම කියපු නෝන යන්න ගියා...

එතුමිය ගියා. හිනාව තදකරන් හිටපු කළුකෝට් මිත්‍රයට හයියෙන්ම හිනා ගියාලු... හිනාවෙලා ඉවරවෙලා මෙහෙම කිව්වලු... 

"එයා දන්නෙ නැහැ ඇත්තටම දාපු නම මොකද්ද කියල.. ඕක නෙවෙයි එයා ඔය නමේ අකුරැ මාරැ කරගෙන..." කළුකෝට් උන්නැහේ කිව්ව... එතකොට එතන හිටපු එයාගෙ තවත් මිතුරෙක් කිව්ව ඉතින් තෙපර බාන්නෙ නැතුව හරි නම කියපන් කියල..

"අපෝ මට පුළුවන්ද මෙතන කැත වචන කියන්න" කියපු කළුකෝට් යාළුවත් මාරැ වෙලා ගියා. 

 

DESHAYA



අදහස් (0)

ඒ නම කියන්නකෝ

රිතික් Tuesday, 23 August 2016 03:37 AM

අනේ ඒ නම කියන්නකො කවුරුහරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site