එච්.අයි.වී. ආසාදිතයකුට වුවද අසාධාරණයක් නොවිය යුතු බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27(2) (ඇ) වගන්තිය යටතේ සෑම ළමයකුටම අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකමක් ඇති බවද අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.
අගවිනිසුරු මෙලෙස සඳහන් කළේ තම දරුවා එච්.අයි.වී. ආසාදනය වී ඇතැයි පැතීරි කටකතා හේතුවෙන් පාසලකට ඇතුළත් කර නොගැනීම එරෙහිව හා එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කුලියාපිටිය ප‍්‍රදේශයේ මවක අධ්‍යාපන අමාත්‍යවරයා ,වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතූළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම ළමයා රජයේ පාසලකට නොගත්තේ මන්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් නෙරීන් පුල්ලේ මහතා අගවිනිසුරුගෙන් ප‍්‍රශ්න කර සිටියේය.
ළමයා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කර ඇති බවත් අධාපන අමාත්‍යාංශය ප‍්‍රමුඛ රජය මැදිහත් වීම මත සියලූ වියහියදම් සිදුවන බවත් ඔහු කීවේය.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා කියා සිටියේ දරුවා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය ගත් පසුව රජයේ අවධානය යොමු වූ බවයි. එතෙක් කිසිදු රජයේ පාසලකට ළමයා නොගත් බවත් ඕ කීවාය.
කෙසේ නමුත් සිද්ධිය දැනට විසඳී ඇති බැවින් පෙත්සම මඟින් ඉල්ලා සිටි සහනද ලැබී ඇති හෙයින් අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එහෙත් යම් ගැටළුවක් ඇති වුවහොත් පෙත්සම්කාරියට මෝසමක් මඟින් කරුණු ඉදිරිපත් කොට යළි නඩුව කැඳවීමට හැකි බවද අධිකරණය දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොකක්ද අගවිනිසුරු තුමනි මේ රටේ මිනිස්සුන්ගේ කුහක කමනේ. දැන් පෙන් නැද්ද මේ රටේ මිනිස්සුන්ව කොටියාගෙන් බේරා ගත්ත නායකයට කරන දේවල්? (බ)
එ්කට ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ දරුවෝ බලන්නකෝ කොච්චර පොහොසත් වෙලාද කියලා. (නි)
වයඹ අධ්‍යාපන බලධාරීන් මෙම දරුවාට වන්දි මුදලක් ගෙවිය යුතුයි.දැන් මේ ප්‍රශනය හරිගියා කියලා ළමයාගේ මුලික අයිතීන් කඩවුණ එක හිලවු කරන්න බැහැ. ත්‍රිත්ව විද්‍යාලයට ගන්නවා කිවුවහම තමයි අනෙක් ඔක්කොටම මේ ප්‍රශ්නය ගැන අඩුගානේ අහන්නවත් හිතුනේ. (නි)
දරුවාට කළේ අසාධාරණයක්. අපිත් ඒක අනුමත කරන්නේ නැහැ (නි)
දරුවෙකුට ලැබියයුතු මූලික අයිතිවාසිකමක් අධ්‍යාපනය. ඒක ලබානොදීම නම් බොහොම වැරදියි (නි)
දුමින්දගේ කතාවට මමත් එකඟයි. (ර)
ජනක, යුද්ධය එයා තනිවම අවසන් කළේ නැහැ. ජනාධිපතිතුමාගේ නියෝගයෙන්, ආරක්ෂක ලේකම්ගේ උපදෙස් මත, විශ්‍රාම නොගන්වා අවැසි සියලුම දේවල් සමඟ යුද හමුදාවේ සහයට නාවික, ගුවන්, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ අලුතින් පිහිටුවාදුන් සිවිල් ආරක්ෂක බලකායේද සහයෝගය මත අවසන් කරන ලද්දක් (නි)
සමාජගත ප්‍රශ්න සහ නීතිය අතර වෙනසක් තියෙන බව තේරෙන්නේ නැත්ද?(අ)
එතකොට වයඹ කුලියාපිටියේ අධ්‍යාපන බලධාරීන්, පාසල් බලධාරීන් වැරැද්දක් කළේම නැද්ද...? ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නවාද ..? පෙත්සම් කෙසේවෙතත් රජය මේ බලධාරීන්ගේ හිතුවක්කාර පිළිවෙත ගැන විනය පියවරක් ගත යුතුමයි. (නි)
මෙ ළමයා ගන්න ඔය පම්පොරිගහන සිංහල බෞද්ධ එකම පාසලක්වත් තිබුනේ නැද්ද ලංකාවේ. අන්තිමට එයාට පිහිට වුණේ කිතුනු පාසලක්. (අ)
නිම්මි කොටියාගෙන් රට බේරාගත්තේ. අපේ රණවිරුවෝ. ඒ අය තමයි සටන් කෙරුවේ ඔය කියන කෙනා කවුද . හසලක රණවිරුවා මරාගෙන මැරුණා ඒ අයට තමයි කියන්නේ. නායකයෝ කියලා සමහරු සිතල කාමර වල ඉදගේන අණදුන්නා (අ)
චන්දි ගේ අදහසට මමත් එකඟ වෙනවා. අධ්‍යාපන බලධාරීන්ට ක්‍රියාත්මක වියයුතු ක්‍රමව්දයක් දෙන්න තිබුණු අවස්ථාව මගහැරීම අනාගත සිසුවෙකුට මෙවැන්නක් නොවීමට ගතහැකිව තිබු මහඟු අවස්ථාව මගහැරීමක්. (බ)
ජපානයේ මිනිස්සු ආගම් අදහන්නෙ නැති කට්ටිය වැඩියි. ඒත් අනිත් මිනිස්සු ගැන හිතනවා. මීනී මැරැම් අඩුයි. ඒකට ලෝකෙම උතුම් රට පම්පෝරි ගහන අපේ රට? (බ)
ඔව් නිම්මි ඔයා හරි. කුහකකම මතකනේ අපිටත්. ඒ නායකයා යුද්ධය අවසන්කළ ජනරාල්ට කරපු දේ.... (නි)
නිම්මිගේ කතාවට මමත් එකඟයි. සරත් ෆොන්සේකා මහත්තයාට කළ හිංසා වලට ඒ කරපු අයට පළදෙන්නම ඕනෑ. එයා නොහිටින්න තාමත් යුද්ධය. (නි)
කුමාර්, අනේ කෝ ඔය කියන බෞද්ධ සංදර්ශන දාපු බලවේග? ඔය සංවිධාන වල ඉන්න කාටවත් මේ ළමයට වුණ අසාධාරණය පෙනුනේ නැද්ද? මේකද ඔය කියන බෞද්ධකම සහජීවනය? නියම සහජීවනය මොකක්ද කියලා තේරෙනවද දැන්? මේ පාසල තුළ සෑම ජාතියකම ළමුන් සිටිනවා. සහජීවනය අත්දකින්න ඕනෑ නම් යන්න මෙතනට (නි)
අපේ රටේ මිනිසුන්ට අමතක වීමේ රෝගය හැදිලා නේද (බ)
නිම්මිත් ඔය රටේ අයගෙම කෙනෙක් කියලා මතක තියාගන්න. (නි)
ඒත් තමන්ගේ ළමයා අනතුරේ දාන්න කවුද කැමති වෙන්නේ? (නි)
මිනිසුන්ට තර්කානුකූලව හිතන්න බැහැ. භීතිකාවක් තිබෙනවා (නි)
අප්පච්චි රට දියුණු කළ තරම පේනවානේ මේ සිදුවෙන දේවල් වලින්ම. (නි)
මුලින් මාත් හිතාගෙන හිටියේ ඔය ගමේ මිනිසුන් මෝඩයි කියලා. නමුත් හිතෙනවා ගමේ මිනිසුන්ගේ ලොකු වැරැද්දක් නැහැ කියලා. මේ දරුවාගේ අනාගතය දීප්තිමත් කිරීමට ඔහු ජීවත්වූ පරිසරයෙන් වෙන්කර පුනරුප්තාපනය කළයුතුය. (නි)
දෙමාපියන්ගේ ගැටළුකාරී තත්ත්ව වලට අහිංසක දරුවන්ගෙන් පළිගන්න එක වැරදියි (නි)
විනිසුරුතුමනි ඔබතුමා ලොකු ආදර්ශයක් හැමටම (කෞ)