IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඒ දේ වුණේ නැත්නම් දුක හිතෙනවා

20160317_Jithmi1'රෑට මං හීනෙන් ඇවිදින්' කියන ගීතයත් සමග බොහෝ දෙනා ඇයට ආදරය කළහ. ජිත්මි අබේරත්න යෞවනයේ ළාබාල ගායිකාවකි. පසුගිය කාලයේ ඇගේ හඬ අවදි නොවූවාය. ඒ පිළිබඳව අපත් සමග ඇය පැවැසුවේ මෙවන් අදහසකි.

"පසුගිය දවස්වල පැවැත්වූ සිරස queen තරගයට සහභාගී වුණා. ඉතිං ඒ මාර්ගයෙන් තවත් අවස්ථාවක් ලැබුණා අවුරුදු වැඩසටහනක් කරන්න. ඉතිං මේ දවස්වල ඒ සඳහා සූදානම් වෙනවා. ගොඩක් මට ආදරය කරන රසික රසිකාවියන් සිතනවා ඇති මම සංගීතයෙන් ඈත් වුණා කියලා. මම කවදාකවත් සංගීතයෙන් ඈත් වෙන්නේ නැහැ. නමුත් මේ අවුරුදු වැඩසටහන සංගීතයත් සමග නිර්මාණය වුණ වැඩසටහනක්. මේ හේතු නිසා තමයි මට අලුතින් ගීතයක්වත් කරන්න ඉඩක් ලැබුණේ නැත්තේ. නමුත් හිතන් ඉන්නවා සිංදුවක් කරන්න. ඇත්තටම කිව්වොත් මම පොඩි ප්‍රමාණයක් පමණයි වීඩියෝ ගීත නිර්මාණය කරලා තියෙන්නේ. එකෙනුත් රොමේෂ් අයියත් එක්ක ගායනා කරන 'රූට මං' කියන ගීතය ගොඩාක්ම ප්‍රසිද්ධියට පත්වුණා. ඒ ගීත එළිදැක්වූවේ 2011 වර්ෂයේදී. අදටත් මට රසිකයන් ආදරය කරන්නේ, මාව හඳුනන්නෙ ඒ ගීතය නිසයි. ඉදිරියේදී මගේ ගීතයක් එනවා කියලා රසිකයන්ට කියන්න කැමතියි. නමුත්, මම ඉස්සරහට වෙන්න තියෙන දෙයක් සැලසුම් කරන්නේ නැහැ. මොකද ඒදේ වුණේ නැත්නම් දුක හිතෙන නිසා සහ දෙයක් කරනවා කියලා පොරොන්දු
දීලා කරන්න බැරි වුණොත් කියන බයට. අලුතින් සිංදුවක් කරන්න සූදානම් වුණොත් අනිවාර්යයෙන්ම කියන්නම්."

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ජිත්මි අබේරත්න Facebook ගිණුමෙන්

 

20160317_Jithmi2



අදහස් (0)

ඒ දේ වුණේ නැත්නම් දුක හිතෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site