IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඒ තරම් පිරිසක් මගේ ප්‍රසංගය නරඹන්න එයි කියලා හිතුවේ නැහැ

2016-04-07-ent-31

සිරස "සුපර් ස්ටාර්" තරු මාවතේ පැමිණි සුපිරි තරුවක් වූ සංඛ දිනෙත් ගායකයෙකු හා සංගීතඥයෙකු ලෙස වර්තමානයේ සංගීත ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වී සිටියි. දැනට ජනප්‍රිය ගීත කිහිපයක්ම එළිදක්වා ඇති සංඛ මේ දිනවල සිය අලුත්ම ගීතය හා මියුසික් වීඩියෝව එළිදක්වා තිබේ. දැනට ඉහළ රසික ප්‍රතිචාර මෙම ගීතයට ලැබෙන අතර, ඔහු ඒ පිළිබඳව පැවසීමට "තරුණයා" සමග මෙලෙස එක්විය.

 

2016-04-07-ent-29සංඛගේ "රෝස කල්පනා" ගීතය මේ දිනවල ජනප්‍රිය ගීතයක්ද නේද?

ඔව්. "රෝස කල්පනා" ආදර ගීතයක් වුණාට ටිකක් විතර ඒ සම්ප්‍රදායෙන් බැහැර වෙච්ච ගීතයක්. ලිව්වෙ ෂෙහාන් ගලහිටියාව. සංගීතය නිර්මාණය කළේ මම. මියුසික් වීඩියෝව තිසුර ඉඹුලානගේ. මා සමගින්, ජනප්‍රිය ටෙලි හා සිනමා නළුවන් වූ ධනුක ඩිල්ශාන්, දසුන් පතිරණ වගේම ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වුණ එරිකා මෙහි රංගනයෙන් දායක වෙනවා. දැනට මේ ගීතය ලංකාවෙ බොහෝ ගීත දර්ශකවල ඉදිරියටත් ඇවිල්ලා තියෙනවා.

 

මේ ගීතයෙන් පස්සේ සංඛගේ අලුත් නිර්මාණ මොනවද?

දැනට නිර්මාණ කිහිපයකට අතගහලා තියෙනවා. නමුත්, ඒවා කවදද එළිදක්වන්නේ කියලා තාම තීරණයක් නැහැ. මොකද, "රෝස කල්පනා" ගීතය තවමත් බොහෝ දෙනෙක් අතරේ ජනප්‍රිය වෙලා තියෙන නිසා. "රෝස කල්පනා" මම කාලෙකට පස්සෙ කළ නිර්මාණයක්. ඒ හින්දා මම හිතාගෙන ඉන්නේ මගේ රසික, රසිකාවියන්ට මේ ගීතය රසවිඳින්න තව කාලයක් ලබා දිය යුතුයි කියලා.

 

පසුගිය කාලේ ඔබේ නිර්මාණ අපි දැක්කේ නැහැ. ඒ ඇයි?

ජනවාරි මාසේ පැවැත්වුණ මගේ "සංඛ දිනෙත් ලයිව් ඉන් කොන්සට්" ප්‍රසංගයට සූදානම් වුණ නිසා පසුගිය මාස හය හතක කාලය තුළදී මගේ නිර්මාණයක් එළියට ආවේ නැහැ. පසුගිය මාස හය හත තුළ මම මේ ප්‍රසංගය සඳහා සූදානම් වුණා.

 

"සංඛ දිනෙත් ලයිව් ඉන් කොන්සට්" ප්‍රසංගයට ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා කියලා ආරංචියි?

ඔව්, ප්‍රසංගය පැවති මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයට 2000කට ආසන්න පිරිසක් ආවා, මේ ප්‍රසංගය නරඹන්න. මම බලාපොරොත්තු වුණේ නැහැ එවැනි රසික පිරිසක් මේ ප්‍රසංගය නරඹන්න එකතු වේවි කියලා. නමුත්, මට දැනුණා මා වටා විශාල රසික පිරිසක් ඉන්නවා කියලා. ඉතින් මම හිතනවා මේ ප්‍රසංගය සාර්ථක අන්දමින් පැවැත්වුණා කියලා.

 

ඉදිරියටත් මේ ප්‍රසංගය පවත්වනවාද?

දැනට නම් විශ්වවිද්‍යාලවලින් මේ ප්‍රසංගය නැවතත් පවත්වන්න කියලා ආරාධනා ලැබෙනවා. බලමු ඉදිරියට මට තියෙන වැඩත් එක්ක මේ ප්‍රසංගය සඳහා කාලය වෙන් කරගන්න හැකි වුණොත්, අනිවාර්යෙන්ම මේ ප්‍රසංගය මා දිගටම පවත්වගෙන යනවා.

 

2016-04-07-ent-28
2016-04-07-ent-30



අදහස් (0)

ඒ තරම් පිරිසක් මගේ ප්‍රසංගය නරඹන්න එයි කියලා හිතුවේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site