(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඒ. ටි. එම්. කුටි තුළ රැඳී සිටිමින් විවිධ  පුද්ගලයන් මුලාකර ඔවුන්ගේ ඒ. ටී.එම් කාඩ්පත උපක්‍රමශීලීව සොරා ගෙන රුපියල් ලක්ෂ පනහකට (50 )කට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ විවිධ පුද්ගලයන්ට හිමි බැංකු 8කට අයත් කාඩ්පත් තිබී පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකරු කඩුවෙල රාජ්‍ය බැංකුවක් අසල රැදී සිටිමින් අවස්ථා 40 පමණ පුද්ගලයන් මුලාකර රුපියල් විසි ලක්ෂයකට ආසන්න මුදලක් වංචා වංචාකාරී ලෙස ලබාගෙන ඇති බව පොලිසිය කියයි.

සැකකරු ඒ අයුරින් මාලඹේ සහ බියගම ප්‍රදේශවල ද පෞද්ගලික සහ රාජ්‍ය බැංකු ඒ.ටී.එම් කුටි තුළ රැඳී සිටිමින් මුදල් වංචා කළ බවට පැමිණිලි රැසක් එම පොලිසිවලට ලැබී ඇතැයි සිදු කළ දීර්ඝ විමර්ශනය වැනි දී අනාවරණය වී ඇත.

සැකකරු එම සෑම සොරකමක් ම සිදු කර ඇත්තේ ජංගම දුරකතනයෙන් ඇමැතුමක් ලබා ගන්නා ආකාරයෙන් ඒ.ටී.එම් කුටිය තුල රැඳී සිටිමින් බව පොලිසිය කියයි.