ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කැදවිම් අනුව පොලිසියේ හයදෙනෙක් අද (21) එම කොමිසමට පැමිණියහ.
ප්‍රකාශ ලබා ගැනීමට එන ලෙස කොමිසන් සභාව පොලිසියේ නව දෙනෙකුට ලිඛිතව දැනුම්දී තිබුණි.
සහකාර පොලිස් අධිකාරී දමින්ද ධර්මරත්න මහතා උසාවි කටයුත්තක් නිසා කොමිසමට පැමිණිමට නොහැකි බව දන්වා එවා තිබුණි. අසනීප තත්ත්වයක් නිසා කොමිසමට පැමිණිය නොහැකි බව හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක දන්වා තිබිණි.
අද (21) ප්‍රකාශ ලබාගත් පොලිසියේ කිහිපදෙනෙකුගෙන් තව දුරටත් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව මානව හිමිකම් කොමිසම කියයි.
එම නිලධාරින් හා සෙසු පොලිස් නිලධාරින් ලබන සතියේ මානව හිමිකම් කොමිසමට කැඳවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් සොරිම තමයි.(හේ)
සිද්ධිය කුමක් උවත්, මිනි මරලා තියෙන්නේ පොලිසියයි. ඉක්මනින්ම ඒ මිනි මරුවන්ට දඬුවම් දෙන්න කියලා අපි නිතියෙනුත්, දෙවියන්ගෙනුත් අයද සිටිනවා! (අ)
චණ්ඩි මොකද ඉක්මනට ලෙඩවෙන්නේ? දෙවියෝ අර අහිංසක අම්මාගේ මුහුණ බලලා වගේ (නි)
සාමාන්‍යයෙන් උසාවි යන්නේ කෝට් සාජන් . බැරිම වෙලාවක ලොකු කේස් එකෙක් නම් එස් අයි කෙනෙක් යනවා . අපි කලබොල නොවී බලා ඉමු . මේ උසාවි ගමන මෙයාගේ අවසාන උසාවි ගමන නොවෙයි. නමුත් පැමිණිලිකරු හැටියට යන අවසාන එක වෙන්න බොහෝදුරට ඉඩ තියනවා .(අ)
පොලීසිය කරන වැරදි සොයන්න පගා ගැන නැති විශේෂ කමිටුවක් තියෙන්න ඕන...මේකෙදි පොලීසිය තනිකරම වැරදි,,,,ඔය මේකට මුලිම්ම ගිය 6 දෙනාම සේවයෙන් දොට්ට දන්නා ඕන,,,,(හේ)
උදුල්ට ජයවේවා! (නි)
ස්වභාව ධර්මයෙන් ගැළවීමට නොහැකි බව සිහි තබාගැනීම හොඳයි. (නි)
යුද්ධය අවසන්කළ වහාම තිබුන පළමු කාර්යය පොලිසිය ප්‍රතිසංස්කරණය කිරීමයි. නමුත් ඒක කළේ නැති එකේ විපාක තමයි මේවා. මේකට තිබෙන එකම විසඳුම තමයි ප්‍රජා පොලිස් ක්‍රමවේදය. (නි)
ඒක පුදුමාකාර ලෙඩක්නේ! (නි)
තවත් සුරතල් කර කර ඉන්නේ මොකටද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
මේ පොලීසිය මකලා නැවත නිර්මාණය කරන්න ඕන. නරක නිලධාරීන් අයින් කළ යුතුය.(හේ)