(නිමන්ති රණසිංහ, එම්. ආර්. කේ. පින්තු සහ ප්‍රසංග පෙරේරා)
තම බිරිඳ පැහැරගෙන ගියැයි චෝදනා කරමින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් සම්බන්ධයනේ පරීක්ෂණ පවත්වන බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
මෙම සහකාර පොලිස් අධිකාරිවරයා රාත්‍රී 9.45ට පමණ ඔහුගේ නිල රථයෙන් තම බිරිඳ රැගෙන යන නුවර මාර්ගයේ ගමන් කරමින් සිටින බවට ලැබුණු තොරතුරකට ඔවුන් හඹා ගිය බවත්, පසුව ඔවුන් නුවර පාර දළුගම කැළණීය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වූ බවත් එම ස්ථානාධිපතිවරයා සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර තිබේ.
එහිදී දෙපාර්ශ්වය අතර යම් බහින්බස් වීමක් සිදුවී ඇති අතර අදාළ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලීසියට පැමිණ පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසියේ උසස් නිලධාරියකු සදහන් කළේය.
ඒ අනුව මෙම පැමිණීල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් සිටින බව ද කිරිබත්ගොඩ පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නාම නිරෝධායනයට යවන්න.
අනේ කාලේ වනේ වාසේ...
පාඨකයන් වන අප මේ දැනුවත් වන්නේ එක් පාර්ශවයක කතාවක් පමණකි. මෙයින් පෙනෙන්නේ මහජනතාව විසින් "මිලකළ නොහැකි වටිනා නිල ඇඳුම් අන්දවා ඇති බවයි". තම නිල ඇඳුමේ ගරුත්වය රැකීමට බැරි මෙවන්නන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් සදහටම පන්නා දැමීම ආයතන ප්‍රධානියාගේ වගකීමකි. තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් යනු ඕනෑම ස්ථානයක නීතිගරුක ලෙස ක්‍රියා කිරීමට හැකි අවංක, විනීත නිලධාරින් විය යුතුයි. මක්නිසාදයත් ඔවුන් පිළිබඳව මහජනතාවගේ වැඩි විශ්වාසයක් තිබෙන බැවින්. ඒ කෙසේවෙතත් මෑතකාලයේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෑතකාලයේ සිට අසීමිත ලෙස මඩ නාගන්නා බවත් අවංක පුරවැසියන් වන අප කණගාටුවෙන් සඳහන් කරන්නෙමු...
නිරෝධායනය කරන්න එක්කන් ගියා වෙන්න බැරිද?
රටේ ඕනෑ තරම් ගැහැණු ඉන්දැද්දී අනුන්ගේ ගෑණු පස්සේ යන්නේ, උන්නැහේගේ තනතුරේ තියෙන බලපුළුවන්කාර කමටද? ඔවැනිම වැඩක් අග්රවිනිශ්චයකාරතුමෙකුත් කළා...මේ රටේ නීතිය කුමක්ද?
සංචරණ සීමා අස්සේ මේ ASP කොහොමද නිල වාහනයෙන් පුද්ගලික ගමන් ගියේ. වහාම අත්අඩංගුවට ගන්න.
අපොයි ලැජ්ජාවයි
කැමැත්තෙන් යාමක් වගේ
එක ගෙයි කන්න ගිහින්...
අයියෝ ලංකාවේ පොලිසියේ අය අනුන්ගේ ගෑණු දිහා අැහැක් ඇරලා බලන්නේ නැහැ. මොකද එතරම් හැදියාවක් තියෙන අය ඉන්නේ.. මාධ්‍ය ප්‍රකාශක ඕකට අපේ ටීම් එකට කොහෙන්ද ගෙනාපු ගෙම්බෙක් ඇතුළු වෙලයි කියලා.. එහෙ පොලිසිය තමයි ලෝකයේ හොඳම පොලිසිය වෙන්නේ... නුදුරු දිනයකදී මොකද ඒ තරම්ම වැදගත් විදිහට තමයි වැඩ කරන්නේ...!!!
හපොයි අජිත් රෝහන මහත්තයො, 84000 න් තව කෙනෙක් මෙන්න. දැන් කරන්න තියෙන්නෙ ඔබතුමා අස්වෙන්න දෙයියෝ...
හංගල තියෙන ආයුධ පෙන්නන්න නෙවෙයි නේද ගෙනියල තියෙන්නේ.
ඕනැම මනුස්ස සමාජයක සාමාන්‍යයෙන් දෙවල් - විවාහ කාන්තාවක් තවත් පුරුෂයෙකු සමග පැනයාමේ සිදු වීම ඕන තරම් රටේ වෙනවා! මෙතන ගැටලුව වි ඇත්තේ දෙපාර්ශවයම පොලිස් නිළධාරින් වීම, ඒ නිසාම එය එය සමාජ මාධ්‍යට ලොකු ප්‍රවෘත්තියක්!
මේක පැහැරගෙන යාමක් නෙවෙයි වගේ පැනලයාමක්
නැ . අත්තට හංගගෙන තියෙන රහස් ආවුද පෙන්වන්න තමයි එක්ක ගිහින් තියෙන්නෙ .
තමන්ගේ වෘත්තියේ ගෞරවය රැකෙන පරිදි වැඩ කිරීම කළයුතුයි මේ නිලධාරින්
පැහැරගෙන යාමක් වුණේ නම් එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්.. කාන්තාවගේ කැමැත්තෙන් යමක් වුණාද දන්නේ නැහැ. ඒත් එහෙම කළ යුතු වන්නේ නීතියේ පිහිට පතමින් මිසක් වාහනයෙන් ගෙන යාම නොවේ...