
(නිමන්ති රණසිංහ)
ආපදා කළමනාකර අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින් භාවිතා කර රජයට පාඩු කළැයි අල්ලස් චෝදනා ලැබ සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා එම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්ති ප්‍රකාරව නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුවලින් චූදිත නිදහස් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
වර්ෂ 2010ක් වූ නොවැම්බර් මස 14 දින හෝ ඊට ආසන්න දිනයකදී ආපදා කළමණාකරණ අමාත්‍යවරයාව සිටියදී අයුතු සහගත ලෙස හෝ නිතිවිරෝධී ලෙස තමාවෙත වාසියක් සිදුකිරීමේ චේතනාවෙන් ස්වකීය ධූරය කෙලින්ම හෝ අන් ආකාරයකින් පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටු කිරීමට එනම් 2010 නොවැම්බර් 14 දින සිට 2015 ජනවාරි මස 20 දක්වා වූ කාලය තුළ හදීසි අවස්ථා ප්‍රතිචාර ඡාලය යටතේ ආපදා කළමණාකාර මධ්‍යස්ථානය වෙත ලබා දී තිබූ රුපියල් එක්කෝටි අනුපන් ලක්ෂයක් හෝ ඊට ආසන්න වටිනාකමක් ඇති ඩබ් ලිව් පී කේ අයි 4666 දරන නවතම ලෑන්ඩ් කෲෂර් ජීප් රථය තමා වෙත මුදා හැරීමට අවශ්‍ය කටයුතු කිරීම සදහා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් වූ සිත්ති මරීනා මොහොමඩ් යන අයව පෙළඹවීමෙන් 1994 අංක 20 දරන පනතින් සංශෝධිත අල්ලස් පනතේ වරදක් සිදුකර ඇතැයි චූදිතට එරෙහි පළමු චෝදනාව විය.
ඉහත සදහන් ජීප් රථය තමා වෙත මුදා හැරීම සදහා අවශ්‍ය කටයුතු කිරීමට ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් වූ සිත්ති මරීනා මොහොමඩ් යන අයව පෙළඹවීමෙන් සහ අයුතු සහගත ලෙස හෝ නිති විරෝධී ලෙස තමා වෙත වාසියක් සිදුකාරීමේ චේතනාවෙන් හා ආණ්ඩුවට පාඩුවක් සිදුකිරීමේ චේතනාවෙන් හෝ එසේ විය හැකි බව දනිමින් මෙම වාහනය 2011 අප්‍රේල් 08 දින සිට 2014 ජුනි 21 දින දක්වා චූදිත තම භාවිතයට ගැනීම මත එම වාහනයේ නඩත්තුව වෙනුවෙන් රුපියල් හැත්තෑ තුන්දහස් තුන්සිය තිස් හතරයි ශත අනූ තුනක හෝ ඊට ආසන්න මුදලක් වැය කිරීමට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පෙළඹීමෙන් අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදුකර ඇතැයි දෙවැනි චෝදනාව ලෙස සදහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නෑ කිව්වත් යනඑන මං නැති හිඟන්නෙක් වගේ එජාපයෙන් කොළඹ නගරාධිපති වුණු පවුසි පක්‍ෂ මාරුකර මැතිණියත් එක්ක වැඩකරලා මන්ත්‍රී වුණා. ලංකාවේ බස් චැසි සෑදීම විනාශ කළා. ඉන්දියාවේ සම්පූර්ණ කල බාල චැසි සහිත බස් වැඩි මිලට ගෙනත් දේශීය කර්මාන්තය විනාශ කළා...
තවත් ඉතිරිව තියෙන නඩු කොපමණ තිබේද තිබේනම් ඒවාටත් එසේම වේවා කියන්නෙ නඩු බලවා අවසානයේ පාලකයො බලය අත්හැර යාවිදෝ කියලා සිතෙන නිසාය