සින්නක්කර ඔප්පුවකින් මිල දී ගත් රුපියල් ලක්ෂ තුන් සියයක් පමණ වටිනා කඩ කාමර තුනකින් කඩ කාමරයක් අනවසරයෙන් වෙනත් කාන්තාවකට පවරා දුන් බව කියමින් වේයන්ගොඩ පදිංචි කාන්තාවක කෑගල්ල දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයකුට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පර්චස් 27ක පමණ එම ඉඩම් කැබැල්ල ඔවුන් මිල දී ගත්තේ 2014 පෙබරවාරි දෙවැනි දා බවත්, එම වසරේ අගෝස්තු පළමු වැනි දා එහි එක් කඩ කාමරයක් අලුත්වැඩියා කරමින් සිටිය දී පොලිසිය පැමිණ සේවකයන් දස දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත්, ඉඩම හා කඩ කාමර තමාගේ යැයි සියලු ලියකියැවිලි සහ බදු ගෙවන ලේඛන පොලිසියට ඉදිරිපත් කළ ද පළක් නොවුණු බවත් එම කාන්තාව සිය පැමිණිල්ලෙන් කියන්නීය.
එදිනම සිද්ධිය සම්බන්ධයෙන් සීඅයිබී දෙක146/10 අංකයෙන් මාවනැල්ල පොලිසියටත්, 2014 අගෝස්තු 29 වැනි දා පොලිස් මූලස්ථානයටත්, 2014 සැප්තැම්බර 13 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළත් සහකාර පොලිස් අධිකාරීගේ බලපෑම මත විමර්ශන නතර වී ඇතැයි කියමින් එම සහකාර පොලිස් අධිකාරීට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.
උසස් පොලිස් නිලධාරියකු කීවේ වෙනත් කාන්තාවක ඉදිරිපත් කළ ඔප්පුවක් පදනම්කරගනිමින් පොලිසිය එසේ හැසිරී ඇති බවයි. එම ඔප්පුව ව්‍යාජ ඔප්පුවක් බවට වේයන්ගොඩ කාන්තාව පැමිණිලි කළත් ඒ ගැන පොලිසිය ක්‍රියාත්මක වී නැති බවත් එම නිලධාරියා කීවේය.
පොලිස් මූලස්ථානයෙන් ඇගේ පැමිණිල්ල පොලිස්පතිගේ අත්සනද සහිතව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීටත්, ඉන් පසු කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිටත් යොමු කළ බවත්, මේ වන තෙක් ඒ ගැන සාධාරණයක් ඉටු නොවුණු බවත් කියමින් එම කාන්තාව පොලිස් මූලස්ථානය හා දුක්ගැනවිලි දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ඒ රවීන්ද්‍ර වෛද්‍යාලංකාර මහතාට පැමිණිලි කර තිබේ.
ඒ ගැන අවධානය යොමු කළ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍යාලංකාර මහතා අයිජීපී/පීඒසී/0/1018/14 අංකයෙන් සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල් ඒ ජයසිංහ මහතාට ලිඛිතව දන්වා ඇත්තේ සිද්ධිය ගැන නැවත විමර්ශනයක් කරන ලෙසයි.
‘මෙම පැමිණිලිකාරිය තම අයිතිය තහවුරු කර ගැනීමට බදු ගෙවූ ලේඛණ පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කළ අතර මාවනැල්ල පොලිසියෙන් සහ කෑගල්ලේ සහකාර පොලිස් අධිකාරීවරයකු මේ සම්බන්ධයෙන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට තව දුරටත් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිව සිටි මැක්සි ප්‍රොක්ටර් මහතා විමර්ශනයක් සිදු කර ඇතත් එම විමර්ශන අතරමග අත්හිටුවා ඇත.‘ යනුවෙන් ද වෛද්‍යාලංකාර මහතා විසින් යැවුණු ලිපියේ සඳහන්ය.
පැමිණිලිකාර කාන්තාවගේ භුක්තියට හා හිමිකාරත්වයට අදාළ තීරණ අධිකරණය මගින් ගත යුතු බවත්, අයිතියේ සිටින පාර්ශ්වකරුවන් අධිකරණ නියෝගයකින් තොරව ඉවත් කිරීමට නෛතික ප්‍රතිපාදන පොලිසියට නැති බවත්, ඔවුන් සාපරාධී අයුතු ඇතුළු වීම යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම කිසිසේත් නීත්‍යනුකූල නොවන බවත් වෛද්‍යාලංකාර මහතා දන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ.අස්.පීත් ඉඩම් ගනුදෙනුවක පැටලේ?
දුමින්ද Friday, 13 February 2015 06:14 AM
වැටත් නියරත් ගොයම් කානම් (නදී)
විජයබාහු Friday, 13 February 2015 08:43 AM
මෙව්වට යහපාලනය ක්‍රියාත්මක නොකරන්නේ කිමද ? (නදී)
පාලිත Friday, 13 February 2015 09:27 AM
මේවා පටන් ගත්තේ ආස්චර්යමත් කාලේ. මේ යහපාලන කාලයයි (නදී)
සෙනරත් Friday, 13 February 2015 11:15 AM
මොන පාලනය ආවත් සියයට දහයක් පමණ වන මෙවැනි පොලිස් නිලධාරීන් කරන මෙවැනි වැඩ නවතන්න බැහැ (නි)