පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් ස්ථාපිත කර ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වහා අහෝසි කළ යුතු යැයි හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා කොළඹ මහජන පුස්තකාලයේ අද (22) පැවති ජනහිතවාදී කලාකරුවන්ගේ විද්වත් කතිකාවේදී පැවසීය.
පොලිසිය හා උසාවිය ඇතුළු නීතිඥ ක්ෂේත්‍ර සතුව බලතල පවතිද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය අවශ්‍යතාවයට අනුව රටේ විවිධ දේශපාලනඥයින් අපහසුතාවයට පත් කිරීමට මෙම ආයතනය ස්ථාපිත කරගෙන ඇති බව හිටපු අගවිනිසුරුවරයා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට මධ්‍යස්ථ ජනතාවගෙන් අබමල් රේණුවක සැළකීමක් ලැබෙයි කියලා මට නම් හිතෙන්නේ නැහැ (නි)
ගණන් ගන්න එපා මහත්තයෝ. ඔබතුමාට බණින අයට පසුවට තේරෙයි (නි)
කියන්නේ මොනවද කියලා එයාම දන්නේ නැහැ.පවු! කොහොම හිටිය කෙනෙක්ද මේ? (නි)
ඔබතුමාගේ කාලයේ සිදුවූ දේවලුත් අපිට හොඳට මතකයි (නි)
අද රටේ දේශපාලනය පත්වෙලා තියෙන තත්ත්වයට කවුරු කවුරුත් වගකියන්න ඕනෑ (නි)
එතකොට ඔයා දීපු වැරදි තීන්දු අහෝසි කරන්නේ කවුද?(ම)
කාලෙන් කාලෙට කරපු දේවල් සහ කියපු දේවල් ගැන පසුතැවිලි වෙන තවත් මහත්මයෙක් (ම)
රටේ ජනතාවගේ දැනගැනීම සදහා ඔබතුමා මේ බව හෙළි කළාට ස්තුතිවන්ත වෙමු. (අ)
මේයාට මොලේ හොද නැහැ. (අ)
ජනහිතවාදී කලාකරුවන්ගේ විද්වතා මෙයාද? (ම)
දෙකොන මාරුවෙලා (බ)
ඇයි මේ බය වෙලා (බ)
මෙයා මොනවා කියනවද (බ)
අපිට දැනගන්න ඕන මේ කතාව කරන පුද්ගලයා කලාකරුවෙක්ද කියලා.. වෙලාවකට නින්දෙන් ඇහැරිලා වගේ කියනවා මහින්ද හොරා කියලා.. ඊට පසුව නැවත කියනවා එහෙම නෑ කියලා.. මේ මිනිස්සු දැමිය යුත්තේ කොහෙද කියලා ඔබම තීරණය කරන්න.. (බ)
මහින්ද කියන්නේ මේ රටේ හිටිය පාලකයෙක් මිසක් මේ රටේ අයිතිකාරයා නෙවෙයිනේ නේද?තරුණ පරම්පරාව ඒක හොදට දන්නවා..(බ)
ඇයි ඉතින් ඕකට ඔච්චර බය?වැරදි නැත්නම් ප්‍රශ්න කරලා එවනවනේ. (නි)
ප්‍රවේශමෙන් මහත්තයෝ! මට නම් තේරෙන්නේ නැහැ ඔබතුමා කියන්නේ මොනවද කියලා (නි)
මේ ආයතනය පිළිබඳ නීතිමය ගැටළුවක් තිබෙන බවනේ මේකෙන පෙනෙන්නේ. ඇයි මේක නිවැරදි කරලා හොරුන්ට දඩුවම් දෙන්න බැරි (නි)
එදා කළ වැරැද්දකට ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියලා කිවුවේ කවුද කියලයි මම මේ කල්පනා කළේ (නි)
කවුරු කියන දේවල්ද දැන් අපි පිළිගන්නේ? (නි)
මෙතුමා නින්දෙන් අවදිවෙලා වගෙයිනේ කතාකරන්නේ? (නි)
ඔබතුමා අගවිනිසුරු වශයෙන් දීපු තීරණ කැකිල්ලේ තීරණ හා සමානයි හම්බන්තොට හෙල්පින් සම්බන්ධව කර අරින්න බැරිවෙයි . (ම) .
ඒ කාලේ හරියටම නීතියටම වැඩ වුණාද? (නි)
මම නම් මොකුත්ම කියන්නේ නැහැ මේවට (නි)
මෙතුමාට අර අමතකවෙන ලෙඩේවත් හැදිලද? (නි)
කාලෙන් කාලෙට එක එක කතා කියන මෝඩ මනුස්සයෙක්. (බ)
තවත් මොන කතාද මහත්තයෝ? (නි)
මේකේ හොඳක් දකින කෙනෙක් ඇත්තෙම නැද්ද? (නි)
ඇයි මහත්තයෝ මේක නීතිවිරෝධී කියන්නේ? (නි)
මිනිස්සු මේවා පිළිගනීද කියලා අපි බලමුකෝ (නි)
සමහරුන්ට සරත් එන සිල්වා වීරයෙක් අවංක විනිසුරු කෙනෙක් , තවත් අයට ඔහු පාවා දෙන්නෙක් , බලයේ සිටි කාලයේ දුන් තීන්දු ගෙන දුක් වනවා කියූ කෙනෙක් , පසුව කියූ දෙයට හාත්පසින් වෙනස් ක්‍රියා කරන්නෙකු , බුද්ධිමත් ජනතාව හොඳ නරක දන්නා නිසා , මෙවන් ප්‍රතිචාර වලින් වැඩක් නැහැ. (ර)
රටක හිටපු අග්‍ර විනිශ්චකාරවරයෙකුගේ තනතුරේ වටිනාකම බාල්දුවට ලක්නොවන ලෙස ක්‍රියාකළ යුතුවේ. (නි)
මොකද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනෑ කාලේ මොකටද මේ අපහාස විඳින්නේ? ඉහළ තත්ත්වයේ සිටි අයට බලය නැතිවුණාම බොළඳ වෙනවද කොහෙද. (නි)
අනේ මන්දා! අපිට නම් මේවා ගැන දැනුමක් නැහැ. මෙතුමා කියන දේ හරිවෙන්න පුලුවන් (නි)
මොකද මෙච්චර කලබලවෙලා? (නි)
කොහොමත් හොඳ දෙයක් කරනකොට බාධා එනවා තමයි (නි)
හොරු අහුවෙනවට සමහරු නම් බොහොම අකමැතියි වගේ (නි)
එතුමාගේ පැත්ත තමයි මමත් ගන්නේ. අපිටත් මේක ප්‍රශ්නයක් (නි)
සරත් සිල්වා වැනි විද්වතුන් අපේ රටට ආඩම්බරයකි.ජනතාව රවටමින් හා ගොනාට අන්දවමින් දේශපාලුවන් කරන විගඩම් හමුවේ බය නැතුව කතාකරන්න වෙන කාටද පුලුවන්? (නි)
සෙනරත්,රටේ ජනතාව දැනගත යුතු බොහෝ දේ තිබෙනවා. ඒ අතර පොලිස් ආඥා පනත කියන්නේ මිනිසාගේ එදිනෙදා ජීවිතයට එතරම් අදාළ දෙයක් නොවෙයි. හැබැයි මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න හේතුවුණ සිද්ධි සරත් එන් සිල්වාට අමතක වුණාට ජනතාව ඒවා අඩුවශයෙන් අගෝස්තු 17 දක්වා හෝ මතකයේ තබාගත යුතුමයි. (නි)
මට නම් මේ කතාවේ වැරැද්දක් පෙනෙන්නේ නැහැ (නි)
සමහරුන්ට උදේ කියන දේ දවාලටත්, දවල් කියන දේ රෑටත්, රෑට කියන දේ උදේටත් මතක නැහැ. (නි)
ඇයි හැමෝම මේකට අකමැති? (නි)
ඔබ උගතෙක්, නීති විශාරදයෙක්.ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්.කුමකින් කුමක් කරාවිදැයි විශ්වාස කිරීමට අසීරුයි (නි)
එෆ්සීඅයිඩිය නීතිවිරෝධී නම් ඇයි නඩුමඟට යන්න බැරි? (නි)
කතා වලට අපි රැවටුණ කාලය ගියා (නි)
බැරිද ඉතින් මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න? (නි)
පොලිසිය පෙනෙනකොට දියවන්නාව මතක්වෙනවා සමහරුන්ට. (නි)
මේ කියන දේවල් පිළිගන්න පුලුවන්ද? (නි)
එක දවසකට ජනතාවගෙන් සමාව ගන්නවා. දැන් තව එකක් කියනවා (නි)