ලබන මැයි 3 වැනිදා සිට දෙසතියක් ඇතුළත කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගොස් කටඋත්තර දෙන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා යෝෂිත රාජපක්ෂ හා නිශාන්ත රණතුංග ඇතුළු සීඑස්එන් නාලිකාවේ මූල්‍ය නඩුවට සම්බන්ධ බව කියන පස් දෙනාට අද නියෝග කළේය.
මැයි 5 වැනිදාට නඩුව කල් දැමූ අධිකරණය නොතීසි ලද විට යළි උසාවියේ පෙනී සිටින්නැයි ද සැකකරුවන්ට නියෝග කළේය. යෝෂිතගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද එහි පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කුණු බෙංගාල බොක්කට වගේ අන්තිමට වැරදිකාරයො රාජපක්ෂලා විතරයි. අනිත් ඔක්කොම පැත්ත මාරු කරලා සුදනෝ වෙලා. (ර)