ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක්, ස්වාධීන පොලිස් කොමිෂමක් හා ස්වාධීන අල්ලස් කොමිසමක් ආදී ආයතන මේ වන විට ස්ථාපිත කර ඇති බැවින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (එෆ්.සී.අයි.ඞී) අවශ්‍යතාවයක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ජනාධිපති කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම වැනි ආයතනයන්ට වංචා දූෂණ පිළිබඳ විමර්ශන භාරදීමෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය යොදාගෙන පෞද්ගලික පළිගැනීම් කරන බවට රජයට එල්ල වන චෝදනාද ඉවත් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙය තමන්ගේ මතය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පක්‍ෂයේ අනෙකුත් අය දරන්නේත් මෙවන් මතයක් බවට තමා විශ්වාස කරන්නේ යැයි ද සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොබෙදී ඉදිරියට යා යුතු බවට මේ වන විට ප‍්‍රාදේශීය මට්ටමින් මතයක් ඇති වෙමින් පවතින බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පක්‍ෂය නොබෙදී එයට ඉදිරිපත්වීම ස්ථිරවම සිදුවනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආයතනය අවශ්‍යයි .මේ කට්ටිය බයවෙලා ඉන්නේ.කුඩුවට දමාවි කියලා. (බ)
තාම ඉතින් දෙන්න තුන්දෙනානේ ඇතුලට ගියේ , තව ටිකක් ඔහේ ඉමු මොකෝ කලබල බයද ? (බ)
ඇයි බය, මූල්‍ය වැරදි නොකළ අයට එෆ්සීඅයිඩි එකෙන් ප්‍රශ්නයක් නැහැ. වැරදි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවට බහුතරයක් විරුද්ධයි වගේ. (බ)
බයද? (බ)
එපා කියන්නෙම හොරු ... මේ හදිසි යේ එපා කියන්නේ මොකද? (හේ)
හොරු අල්ලන් බැරිව යයි මේක නැති වුනොත්(හේ)
බලාගෙන ඇමතිකම.....(බ)
අපි දන්න කාලෙ ඉඳල බලයට පත්වෙන අයට බලයෙන් පහවෙච්ච අයගේ වැරදිවලට දඬුවම් කරනවා වගේ මහා සද්දයක් දාලා පස්සෙ ලිස්සල යවනවා. (ම)
රෑ ඩැනියල් දවල් මිගෙල්...(බ)
අපි දන්නවා සමහර උන්නැහේලා බයෙන් ඉන්න බව ! (බ)
වරදක් කළේ නැත්නම් එෆ්සීඅයිඩිය අහෝසි කරන්නේ නැහැ. එයින් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා (බ)
කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා වගේ .(බ)
මොකද පරණ කරපුව මතක් වෙනකොට බයද ?(බ)
හොරු තමයි පොලිසිය දැක්කහම බයවෙන්නේ. මට නම් ඕක තිබුනත් එකයි, නැතිවුණත් එකයි. (නි)
වරදක් කරලා නැත්නම් මොනම එෆ්සීඅයිඩියකටවත් බයවෙන්නේ මොකටද? (නි)
කලින් වගේ විනිසුරුවන්ට , පොලිසියට දේසපලකයෝ අණ දෙනවා කියලා හිතන අයට තමා ඔය පළිගන්නවා කියන අදහස එන්නේ. නමුත් මේ යන විදියට එහෙම දෙයක් පේන්න නැ. වැරදි කරපුවාට සාක්කි තියෙනවා නම් තමයි ඇක්ෂන් ගන්නේ. (ම)
මේකේ සමහරු ලියලා තියන දෙවල් ඇත්ත (නි)
එෆ්සීඅයිඩිය රජය විසින් ස්ථාපිත කළේ මහා පරිමාණ හොරුන්, වංචාකාරයන්, කුඩුකාරයන් ...... වගේ අය කොටුකරගෙන දඬුවම් කිරීමට බව අපේ ඇමතිතුමාට අමතක වුණේ නැහැ නේද? එහෙනම් මොකද ඒක එපා කියන්නේ? (නි)
නිදහස් පක්ෂය කෑව අය ගැන අපිට ඇත්තේ පුදුම තරහක් (නි)
එෆ්සීඅයිඩියෙන් මෙතෙක්කල් රටට වූ සේවයකුත් නැහැ. මෙවැනි පටු අරමුණු නිසා වෙන්නේ ඊළඟ බලය මාරුවීමේදී තව තවත් පළිගැනීම ඉදිරියට යාම මිසක් රටේ ආර්ථික සමාජ සුබසිද්ධියක් නෙමෙයි. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ කවදාවත්. (නි)
යහපාලනය අවසන් කරන්න මෙතුමාට උවමනා වුණාට මේක ජනතාවගේ ආශිර්වාදයක්. (නි)