
(අමදෝරු අමරජීව )
වගා භූමියක කම්බි වැටකට සම්බන්ධ කර තිබූ විදුලි රැහැනකින් විදුලි සැරවැදී මියගිය තම එළුවා බේරා ගැනීමට ගිය දාසය හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැර වැදී මිය ගිය බව කුච්චවේලි පොලිසිය කියයි .
මෙලෙස මියගොස් ඇත්තේ කුච්චවේලි,සල්ලිමුනේ ,පදිංචි කුච්චවේලි අන්-නූරියා මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන අයුබ්කාන් මොහොමඩ් රිපාස් (16) නැමති සිසුවාය .
එළුවන් බැලීම සඳහා ඊයේ (10) සවස නිවසින් පිටව ගිය මෙම සිසුවා වඩලිකුලම් වගා භූමියක වැටක පැටලී මිය යන තම එළුවා බේරා ගැනීමට ගොස් මෙලෙස විදුලි සැර වැදී ඇති අතර බරපතල තත්ත්වයෙන් එම සිසුවා කුච්චවේලි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි .
අනවසර විදුලි රැහැන ඇද්ද වගා භූමිය අයිතිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමික කාර්මික ශිල්පියෙකු බව පොලිසිය සොයාගෙන තිබේ.
COMMENTS
වගා කරන්නත් ඕනෑ. ඒත් හොරුන්ගෙන් බේරාගන්න තමයි අමාරුවක් තියෙන්නේ පොලිසියට කිව්වාම සැක කවුද අහනවා. අල්ලලා දුන්නාම සති දෙකකින් ආපහු එවනවා. ගෙදර වත්තේවත් පොල් ගෙඩියක් තියාගන්න බැහැ. හොරුන්ට ඔත්තු දීලා කඩවලා ගන්නවා. ඔය අතරේ මල් පැලයක්වත් හදන්න බැහැ. ඒවා වැටෙන් පැනලා තාප්පෙන් පැනලා හොරකම් කරගෙන යනවා.