මිනුවන්ගොඩ ආඬිඅම්බලම පාරේදි ත්‍රී රෝද රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් හය හැවිරිදි දැරියක් මියගිය බව පොලීසිය කියයි. ඉදිරියෙන් ගිය ලොරියකින් වැටුණු එළවළු ගෝනියක වැදීමෙන් ත්‍රී රෝද රිය පෙරලී මෙම අනතුර සිදුවිය
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළවළු මල්ල දැරියට මරු කැඳවයි
සරත් Wednesday, 03 July 2013 08:34 AM
නොසැළකිලිමත් ප්‍රවාහනය... (නි)
නිමල් Wednesday, 03 July 2013 08:47 AM
අපරික්ෂාකරී බර වාහන රියදුරෙකු සහ සහයකයෙකු නිසා අහිංසක දැරියකට ජීවිතය අහිමි විය.රටට සහ දෙමාපියන්ට සම්පතක් අහිමිය. අපරික්ෂකාරී රියදුරු අමනයන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුය. රියදුරු බලපත්‍ර වලට,වාහන වලට නොයෙකුත් නීති පනවන මහත්තුරුනි, මේ රියදුරු අමනයන්ට දැඩි දඬුවම් දීමට නීති පනවන්න. (නි)
ලුම්බිණි Wednesday, 03 July 2013 08:47 AM
පොඩි අනතුරක් වුනත් ජීවිත නැති වෙනවා. ත්‍රී රෝද රථ ප්‍රධාන පාර වලින් අයින් කළයුතුයි. මේවා සුදුසු වාහන තදබද නැති පාරවල් වලට. (නි)
අසේල Wednesday, 03 July 2013 08:57 AM
භාණ්ඩ ප්‍රවාහනය සඳහා නීති සැකසිය යුතුයි.විවෘත ලොරි වැනි වාහන වල භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ආරක්‍ෂිත ආවරණයක් හෝ දොරගුළු දමා වැසිය හැකි ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කල යුතුයි. අධික ලෙස භාණ්ඩ පටවාගෙන යන හෝ ඉහත කී ක්‍රමය අනුගමනය නොකරන්නන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි.එහෙත් මේක ශ්‍රී ලංකාව නිසා මාගේ යෝජනාව දේශපාලුවෙක් විසින් කපා හැරීමටත් ඉඩ ඇත.මෙම ඛේදජනක සිද්ධියට ගොදුරුවූ අහිංසක දරුවාට නිවන් සුව අත්වේවා ! (නි)
ලකී ජයසූරිය ලන්ඩන් Wednesday, 03 July 2013 03:41 PM
භාන්ඩ ප්‍රවාහනය විදිමත් කළයුතුය.නීතිය තිබුනට ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ . පව් අහිංසක ජීවිත. (නි)
ආනන්ද පිටබැද්දර Wednesday, 03 July 2013 09:11 AM
පිපෙන්නට පෙර මිලින වූ පුංචිම පුංචි මල් කැකුලට නිවන් සුව පතමි (නි)
සුදත් ශ්‍රී Wednesday, 03 July 2013 09:17 AM
ප්ලාස්ටික් කූඩ වලින් එලවළු ප්‍රවාහනය කළා නම් ඔය අනතුර සිදුනොවෙන්න ඉඩ තිබුනා. (නි)
ඩී.උපුල් Wednesday, 03 July 2013 12:46 PM
ලංකාවේ මාර්ග අනතුරු වැඩිවෙන්න හේතුව හොයන්න කවුරුවත් නැහැ. සුද්ද දාල දුන්න පාරවල් ටික ටික ලොකු කර කර තාවකාලික පැලැස්තර අලවන එක තමයි හැමදාම කරන්නේ. අපේ රටේ ඇත්තම මහා මාර්ග පධතියක් ඉඳි වෙලා නීති රීති සංශෝධනය වුන දවසට මෙවන් අකල් මරණ අවම වේවි. (දී)
සෑම් Wednesday, 03 July 2013 12:57 PM
ඇන්ටෝ, ලංකාවේ තරම් නීති ඇති රටක් වෙන කොහෙවත් නෑ.... ඕනෑම නීතියක් පළවෙනි මාසය, දෙක පමණයි... අනික පොලිස් රාළහාමිලාටත් අමතක වෙනවා පරණ නීති, එයාලටත් මතකයේ තබාගන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ? (දී)
සුරේශ් Wednesday, 03 July 2013 09:54 AM
ලුම්බිණි, මෝඩ කතා කියන්න එපා. එතකොට පොඩි මිනිස්සු යන්නේ මොකෙන්ද? (නි)
ඇන්ටා Wednesday, 03 July 2013 09:55 AM
ඔය ලගදි ගේනවා නේද නීතියක් එළවලු ප්ලස්තික් ඇසුරුම් වල ගෙනියන්න ඕනෑ කියලා. මොකද දන්නෙ නැහැ නේද ඒ නීතියට වුනේ. (නි)
සුගත් Wednesday, 03 July 2013 04:39 PM
ශ්‍රී ලංකාවෙන් ත්‍රීරෝද රථ සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න (නි)
එස්.එල්.ටී.කේ. Wednesday, 03 July 2013 10:25 AM
ලුම්බිණි, කූඩය පයින් ගිය කෙනෙක් මතට වැටුනා නම්, පයින් යන එකත් තහනම් කරනවා ද ? (නි)
සරත් Wednesday, 03 July 2013 04:44 PM
ලුම්බිණි කියන්නේ මෝඩ කෙනෙක් බව තවම තේරුම් ගන්න බැරිවුනාද? පහුගිය දවසක දේවාලයකට තෙල් බෙහෙත් කෙමක් කරගන්නත් ගියා කියලා ලඟදි දවසක රූපවතී අක්ක දාලා තිබුන මතකයි! (නි)
කුමාරි Wednesday, 03 July 2013 10:39 AM
ලංකාවේ නීති අපරාධකාරයන්ට වාසි වෙන ආකාරයටයි තියෙන්නේ.ඕනෑම දෙයක් කරලා හිරේ ගියත් ඇප දීලා ටික දවසකින් නිදහස් කරනවා.ඉතින් මිනිසුන් වගකීමක් නැතුව ඉබාගාතේ වැඩ කරනවා.මේ ක්‍රමේ වෙනස් වෙනකන් හැමදාම මේ වගේ දේවල් අහන්න ලැබෙයි (නි)
ෂෙරිෆ් Wednesday, 03 July 2013 10:47 AM
පව් අසරණ මල් කැකුළ, දෙමාපියන්ට කොතරම් දුක හිතෙන්න ඇද්ද? (නි)
රැවන් Wednesday, 03 July 2013 11:35 AM
ලුම්බිණි, එහෙනම් පාපැදි,මෝටර් සයිකල් ,පයින් යන මිනිසුන්වත් සියලුම මාර්ගවලින් ඉවත්තළ යුතුයි...... මෙමදැරියට නිවන්සුවපතමි (අ)