උඩරට අයහපත් කාලගුණයත් පහත රට යල කන්නයේ වගාව අවසන් අදියරට පිවිසීමත් සමඟ කෙසෙල් මුව කැකිරි වැනි එළවළු හැර සෙසු එළවළු මිල බෙහෙවින් වැඩි වී ඇත.
බෝංචි,කැරට්,ලික්ස්,අර්තාපල්,තිබ්බටු,මාළු මිරිස් හා කරවිල කිලෝව රුපියල් 240 ට ආසන්න වී ඇත.මුරුංගා හා දඹල කිලෝව රුපියල් 200කි.වට්ටක්කා කිලෝව රුපියල් 120 කි.ගෝවා හා බිට්රූට් රුපියල් 55-60 අතර මිලක පවතී.
එළවළු හිඟය හා මිල වැඩි වීම ජනවාරි අග දක්වා පවතිනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩු කෘෂිකර්ම පර්යේෂණ හා පුහුණු ආයතනය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළවළු ටිකත් කාලා පාරිභෝගිකයාවත් කන්නේ බලවතුන් විසිනුයි. (නි)
පාරිභෝගිකයාගෙන් අපට වැඩක් නෑ. මිල වැඩිවෙන එක ගොවියාට කෙසේ වෙතත් අතරමැදියාට හොඳයිනේ. (බ)
තව ටික දවසකින් කියාවි එළවලු හා පාරිභෝගිකයව අතරමැදියන් වටකරගෙන කනවයි කියලා නේද.(දිල්)