IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


එළඹෙන වසරේ ප්‍රසංගයක් සමගින් මගේ ගීත ඇල්බමය එළිදකිනවා

2016-09-13-ent-136

"ගගන සරන්නට" ගීතයෙන් රසික ජනාදරයට පත් රූනි මේ වනවිට විවිධ ශෛලියේ ගීතවලින් රසික හදවත් ආකර්ෂණය කරගෙන තිබේ. ඔහුගේ නවතම ගීතයේ වීඩියෝව මේ සතියේදී එළිදැක්වීමට නියමිතය. අපි ඒ පිළිබඳව කතාබස් කිරීමට රූනිව "අද" ට සම්බන්ධ කරගතිමු.

 

මේ දවස්වල මගේ එළියට එන්න තිබෙන ගීතය තමයි මගේ ගිටාරය කියන ගීතය. එහි වීඩියෝව නිකුත් කරනවා මේ සතියේ. ආර්.එස්. තමයි නිර්මාණය කළේ. චරිත දිසානායක විසින් පද රචනා කර දර්ශන රුවන් දිසානායක සංගීතවත් කළ ගීතයක්. ලතින් ඇමෙරිකානු විදියට තමයි මෙම ගීතය නිර්මාණය කළේ. මේ ගීතය හොඳ තැනකට එයි කියන විශ්වාසය තිබෙනවා. එමෙන්ම ආසන්නයේදී තවත් නිර්මාණ කිහිපයක් එළිදැක්වුණා. විශේෂයෙන්ම වසන්ත දුක්ගන්නාරාලයන් ලියූ ක්ලියෝපැට්‍රා සහ ඇනා, රාවණා වැනි විවිධ ශෛලීන්හි ගීත කිහිපයක් මෑත කාලයේ නිර්මාණය වුණා. ඒවා තවම එළිදක්වා නෑ. එමෙන්ම චිත්‍රපට කිහිපයකම ගීත කිහිපයක් නිර්මාණය කළා. ටෙලිනාට්‍ය කිහිපයකත් ගීත ගායනා කළා. හොඳ නිර්මාණ එක්ක ගමනක් යෑම තමා මගේ අරමුණ.

 

මෑත ලංකාවේ තිබෙන සංගීත ප්‍රවණතා මොනවද?

2016-09-13-ent-134මේ පවතින දේත් එක්ක ලංකාවේ ප්‍රමිතිගත සංගීතයට හොඳ ඉල්ලුමක් තිබෙනවා. හොඳ සංගීතඥයන් කිහිපදෙනෙක් බිහිවෙලා තිබෙනවා. සුරේෂ් මාලියද්ද, මහේෂ් විතාන, දර්ශන රුවන් දිසානායක, නවරත්න ගමගේ, නයන කරුණානායක යන සංගීතඥයන්ගෙන් බිහිවන ගීතවලට සම්බන්ධ වීම ගැන සතුටක් තිබෙනවා. මම මේ යන රැල්ලට යන්නෙ නෑ. අභාවයට පත්වෙලා තිබෙනවා වැලඳගන්න දේවලුත් එක්ක සමහර සංගීතඥයෝ ඉන්නවා රැල්ලට සංගීතවත් කරන සහ ලියන. අඬන දොඩන සින්දුත් එක්ක ගත්තාම මාධ්‍යවලත් ඒකාකාරී එකම ගීත රටාවක් එක්ක ගමන් ගන්න දේවල්. සමහර වෙලාවට අහන්නත් බැරි තරම්. ඒ වචන සහ සංගීතය බොහෝ තැන්වල එහෙමයි. නමුත් මේ යන රටාවත් එක්ක නොයන ගී පද රචකයන් ඉන්නවා. අමිල තේනුවර, රවි සිරිවර්ධන, රජී වසන්ත වෙල්ගම වැනි විශිෂ්ට ගණයේ පද රචකයෝ ඉන්නවා. ඒ අයත් එක්ක වැඩ කරන්න ලැබිලා තිබෙනවා. මම විශේෂයෙන්ම ස්තුති කළ යුතු පුද්ගලයෙක් තමයි චරිත දිසානායක. අපිත් මේ ඉන්නෙ මිල මුදල් පස්සෙ යන ගමනක නෙවෙයි. හොඳ දෙයක් මිනිස්සුන්ට දෙන්න සහ මතු පරපුරට ඉදිරියට දෙන්න තමයි මේ කටයුතු කරගෙන යන්නෙ.

මම විවිධ ශෛලියේ ගීත ගායනා කර තිබෙනවා. ස්පාඤ්ඤ, ලතින්, රොක් වගේ විවිධ ශෛලීන්හි ප්‍රමිතිගත නිර්මාණ රාශියක් සිදුකර තිබෙනවා. ඒවා මේ දිනවල ප්‍රචාරය වෙනවා. මම පවතින ප්‍රවණතාවන්ට නොයා හොඳ දේකින් එළියට එන්න ලැබීම ගැන. ලබන අවුරුද්දේ ප්‍රසංගයක් එක්ක මගේ ගීත ඇල්බමය නිකුත් කරනවා. චරිත දිසානායකගේ අහස මීඩියා වෙතින් තමයි එම ඇල්බමය එළිදක්වන්නෙ.

 

රූනි කියන චරිතය බිහිවෙන්නෙ කොහොමද?

මම මුල් අවධියේදී සංගීතයට යොමුවුණේ සංගීත කණ්ඩායමක් සමගිනුයි. විශේෂයෙන්ම බටහිර ගීත තමයි ගායනා කළේ. මම සංගීත කණ්ඩායම් බොහොමයක ගීත ගායනා කළා. අනතුරුව තමයි මගේම කියන ගීත කිහිපයක් නිර්මාණය කරන්න හිතෙන්නෙ. ෆියෝනා කියන ගීතය නිර්මාණ කරන්නෙ එතනින්. හිරු ගෝල්ඩන් අවෝර්ඩ්ස්හිදී සමනල සංධ්වනියේ ගගන සරන්නට ගීතය නිර්දේශ වෙනවා. අමරසිරි පීරිස් සහ කසුන් කල්හාර එක්ක. මම හිතනවා මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය එයයි කියා. එතනින් එහාට මම නිර්මාණත් එක්කයි ආවේ.

 

අලුත් පරම්පරාවේ හැසිරීම කොහොමද?

මම දකින විදියට අපේ ප්‍රවණතාවට ආස කරන පිරිසක් ඉන්නවා. ඒ අතරේ මිල මුදල් පස්සේ යන සංගීතය පිළිබඳ කිසිම දැනීමකින් තොරව මාෆියාවලට ලියන අයත් ඉන්නවා. මියුසික් තියා සින්දුවක්වත් ලියාගන්න බැරි අය කම්පැනි හරහා රිඟින් ටෝන්වලින් මුදල් හොයන්න උත්සාහ කරනවා. අවසානයේ ගායකයන්වත්, ගී පද රචකයන්වත්, සංගීතඥයන්වත් නෙවෙයි අවසානයේ සල්ල හොයන්නෙ. කොහේවත් නැති අතරමැදියො. ඔවුන් අද ලංකාවෙ ඉන්න කෝටිපතියෝ. ඒ වගේ දෙයක් අපේ රටේ පවතිනවා. විශේෂයෙන්ම නිර්මාණකරුවන්ට වටිනාකමක් තිබිය යුතුයි. එය ඉදිරියේදී නිවැරදි වේවි, හොඳ දේ ඉස්මතු වේවි.

 

අන්තර්ජාලය ඔස්සේත් ගීත ප්‍රචාරය වෙනවා. මේවායේ නිසි ඇගයුම් නිර්මාණකරුවන්ට ලැබෙනවාද?

අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන නිර්මාණවලට ගෙවන ක්‍රමවේදයක් නෑ. මමත් අද වෙනකම් කිසි දෙයක් ලබලා නෑ. සමාගම් කිහිපයක් තිබෙනවා, අපි දන්නෙත් නෑ අපේ ගීත සමහර වෙලාවට ප්‍රචාරය වෙන්නෙ කොහේද කියලවත්. එය වළක්වාලිය යුතුයි. ගායකයාට සංගීතඥයාට හා පද රචකයාට ගීතයේ අයිතිය ලබාදිය යුතුයි. ඒ තිදෙනා හරහා දැනුවත් වෙලා තමයි ඕනෑම තැනක ප්‍රචාරය විය යුත්තේ.

 

මතක් කළ යුතු අය

විශේෂයෙන්ම මතක් කළ යුතුම අය අතරේ ඉදිරියෙන්ම ඉන්නේ අම්මා සහ තාත්තා. එය මෙතෙක් ප්‍රකාශ කර නෑ. මම මෙවන් ඉසව්වක ඉඳීවි යැයි ඔවුන් කිසි විටෙකත් හිතුවෙ නෑ. මම මුල් කාලෙ සංගීතය කරපු කෙනෙක් නෙවෙයි. මම ක්‍රීඩාව පැත්තටයි යොමුව හිටියේ. මගේ අනාගතය ගැන ඔවුන්ට ලොකු ප්‍රශ්න තිබුණා. අද ඔවුන් අප්‍රමාණව සතුටු වෙනවා. ඔවුන්ගෙන් මට ගන්න දේවල් තිබුණෙ නෑ. ඔවුන් මට දුන්න එකම දේ තමයි, සමාජයේ හැසිරෙන්න පුළුවන් විදියට ජීවිතයක් දුන්නා. හොයලා බැලුවා. ඒ වගේ දෙමාපියො දෙන්නෙක් හමුවුණු නිසා මගේ ගමන මම හදාගත්තා. අයියා, නංගි ඇරුණම මට මෙතෙන්ට එන්න උදවු කළ දර්ශන, නයන, චරිත දිසානායක මතක් කළ යුතුමයි.

 

සටහන ඉඳුනිල් සින්දු

 

2016-09-13-ent-137
2016-09-13-ent-135



අදහස් (0)

එළඹෙන වසරේ ප්‍රසංගයක් සමගින් මගේ ගීත ඇල්බමය එළිදකිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 125 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 681 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site