IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


එස්.එම්ගේ ඇප ඇයැදුමට 16 කරුණු කියන්න කියයි

(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්ධන දීමනාව වැටුපට එක්කර තිබියදී උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් තමන්ට වසර 16 සිර දඩුවම් පැනවීමට එරෙහිව අභියාචන ගොනු කර ඇති හෙයින් තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඉදිරිපත් කළ ඇප ඇයැදුම් සම්බන්ධයෙන් අගොස්තු 16 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා  අද නියම කළේය.

ඇප ඇයැදුම්පත් කැඳවු අවස්ථාවේ ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

ඉන්ධන දීමනාව වැටුපට එක්කර තිබියදී උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගැනීමේ චෝදනාවන්ට එස්.එම්. රංජිත් මහතා සහ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය වරදකරුවන් කරමින් ඔවුන්ට වසර 16 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්‍ෂ 02 බැගින් දඩ නියම කරමින් කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පැනවු තීන්දුවට හා දඬුවමට එරෙහිව ඔවුන් අභියාචනාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇත.

උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සහ ඔහුගේ නෑනා වන හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ගොනු කළ මෙම අභියාචනයන් වල වගඋත්තරකරු වශයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නම් කර ඇත.

ඔම අභියාචනයට අසා තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සහ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඇප ඇයැදුම්පත් ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

එස්.එම්ගේ ඇප ඇයැදුමට 16 කරුණු කියන්න කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 294 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 639 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site