අමාත්‍ය එස් බී දිසානායක මහතා අද උඩුනුවර ග්‍රාම ලේකම් කාර්යාලය විවෘත කිරීමෙන් පසු ඔහුගේ අතේ තිබූ මුද්දේ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මැණික් ගලක් නැතිවූ බව ඔහු පැවසීය.
ටික වේලාවකට පසු ඔහුගේ මිතුරකුගේ නිවසේ නාන කාමරයේ තිබී මැණික් ගල සොයාගෙන ඇත.
ඇමැතිවරයා එම නිවසේ නාන කාමරයට ගිය අවස්ථාවේ මැණික් ගල වැටෙන්නට ඇතැයි සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ කොටි බෝම්බයකට එස්බී අහුවුණොත් මම උස්සන්නේ ඇමැතිගේ අත (බ)
අනේ ඉතින් කාගේ සල්ලිද මේ? (නි)
එතුමා රටට සේවය කරලා ගත් ගලක් වෙන්න ඇති. (නි)
ලක්ෂ පහේ මැණික් ගලක් නම් මොකක්ද..? ඔහොම ඒවයැ අද තියෙන්නේ? (නි)
පුදුම ගලක්නේ මේ ඇමතිතුමාගේ මුද්දේ තිබුණේ. මේ ඇවිදින මැණික් ගල විතරක් ලක්ෂ පහ නම් මුද්ද කීයක් විතර වටිනවද? මේක නම් දක්ෂ රන්කරුවෙකුගේ වැඩක් වෙන්න බැහැ, ඔහොම ගල් හැළෙනවා නම්. වැසිකිළි පෝච්චියේ එහෙම වැටුණා නම්..? ඇඟිලි දහයේ තව මුදු කීයක් තියෙනවද? මෙතුමා ඇවිදින ස්වර්ණාභරණ සාප්පුවක් වගෙයිනේ. හරි වටිනා මනුස්සයෙක් !!! (නි)
එක ඇඟිල්ලකම විතරක් ලක්ෂ 5ක්? (නි)
මේක හරි වැඩක්නේ. මේ දේශපාලකයෝ හිතන්නේ මැණික් ගල් බැන්දොත්, රත්තරන් සුර පැළඳුවොත්, පොල් ගැහුවොත්, දේවාල ගානේ ගිහින් යාතිකා කරවා ගත්තොත් ඔක්කොම හරි කියලා. රටේ දේපල, අහිංසක පොදුජනතාවට අයත් සම්පත් හොරකම් කරලා මේ කපේදී හරියන්නේ නැහැ. පව් පළදෙන්න පටන් ගත්තහම ඔය මොකකකින්වත් පිහිටක් ලැබෙන්නේ නැහැ. (නි)
එතුමාගේ දුප්පත් සල්ලිනේ දෙවියනේ! (නි)
මිනිස්සු කන්න නැතුව හූල්ලන වෙලාවේ නරක නැහැ මේ දුප්පත් ප්‍රවෘත්තිය (නි)
මහජන සේවයෙන් හම්බ කරපු සල්ලි වලින්නේ මේවා අරගෙන ඇත්තේ... (නි)
බලන්න එපායැ මෙයාලට තියෙන සල්ලි! (නි)
ලක්ෂ ගණන් වටිනා දේවල් මෙහෙම වැටෙන්න තරම් මෙයා ධනවතෙක් වුණේ කොහොමද? කවදාද වෘත්තියක් කළේ? වහාම කොමිසමක් පත්කරලා මේ ගැන හොයන්න (නි)
සබන් වලට ලිස්සලා වැටෙන්න ඇති. (නි)
ඕවා දුක්මහන්සියෙන් හම්බකළ මුදල් වලින් ගත් ඒවානේ (නි)
ගල ලැබුණත් වැටිලා නම් තියෙන්නේ අපලෙකට වෙන්න පුලුවන් (නි)
මිතුරාගේ නිවසේදී වෙනත් කාර්යයක් කරන අතරතුර ඕක වැටෙන්න ඇති (නි)
අනේ හොඳයි. දුක් මහන්සියෙන් හම්බකළ මැණික් ගල ලැබුණා... (නි)
ඔය ලක්ෂ 5 මොකද්ද දේශපාලඥයින්ට තිබෙන වත්කම් වල හැටියට? මෙතුමාගේ ගල වැටුනට යාළුවා නම් පළි නැහැ. (නි)
අනේ පවු! ඉතාමත් අමාරුවෙන්, දහදිය මහන්සියෙන් හම්බකරලා ගත් සොච්චමනේ. ඒකත් නැතිවුණාම කොච්චර හිතේ වේදනාවක්ද? (නි)
තවමත් උඩුනුවර අතහැරලා නැහැ වගේ. වෙන කොහේහරි හොයාගන්න වෙයි. (නි)
අවුරුදු ගානක් තිස්සේ පඩියෙන් එකතු කරලා ඉතුරු කරගත් සල්ලිනෙ. දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි කවදාවත් නැතිවෙන්නේ නැහැ. කිසිම හොරකමක් කරන්නේ නැති අවංක ඇමතිතුමෙක්. (නි)
හරිම කොට ඇඟිලිනෙ තියෙන්නෙ... (නි)
මධූ, ඔබ දේශපාලනයට ඉතා සුදුසුයි (නි)
මා දන්නා තරමින් මොහු ඉතාමත් දැහැමි දක්ෂ දේශපාලනඥයෙක්, මොහු ලංකාවේ ජනාධිපතිකමට සුදුසුයි. පොඩි අඩුපාඩුත් තියෙනවා (බ)
මෙයාගේ මොලේවත් මෙච්ච්ච්ර වටින්නේ නැතුව ඇති (බ)
නාන කාමර වල මැණික් ගල් වට්ටන්න තරම් එයා කවදාද ජිවිතේට රැකියාවක් කළේ? ව්‍යාපාරයක් කළේ? (නි)
මෙයාලා හරිම අවංක මිනිස්සු. දුක් මහන්සියෙන් උපයාගත් මුදල් වලින් ගත් දේවල්නේ. කවදාවත් ඒවා නැතිවෙන්නේ නැහැ. ඉතින් එ්කනේ පරාද වෙලත් කොහොමහරි ආයෙත් අර දේශපාලන නරාවළටම ගියේ. (නි)
ඔව් දුක්මහන්සියෙන් හම්බකළ මුදල් වලින් ගත් ඒවා තමයි. තව ගෙයකුත් දුක්මහන්සියෙන් හම්බකළ මුදල් වලින් හැදුවනේ (නි)
නිදන කාමරේ තිබුනානම් තමයි ප්‍රශ්නය (බ)
ඒකාලේ ඉස්කෝලේ යන්න බයිසිකලයක් වත් තිබුනේ නැහැ නේද (බ)
අලුතෙන් ලැබුන මන්ත්‍රී දීමනාවල් තියෙනවනේ , ඔය වගේ මැණික් ගල් තව ඕනෑතරම් ගන්න පුළුවන් වෙයි. (බ)
ලක්ෂ පහක ගලක් නිසා සෑහෙන ලොකු ඇති. ඇඟිල්ලේ තරමට ඕනෑ ඉදිමුම කියන්නේ නිකන්ද? (නි)
ලංකාවට ගොඩක් දුර යන්න තියෙනවා (බ)
88 ශ්‍රී ලංකා එකෙන් ඡන්දෙ ඉල්ලන් එනකොට තැපැල් 90ක් තිබුනේ දැන් කොහොමද (බ)
අනේ! කොහොමද වැඩ අපේ දේශපාලඥයින්ගේ? (නි)
" මුද්දේ විතරක් ලක්ෂ 5ක මැණික් ගලක්?" කාලය මැවූ වෙනසක අරුමේ! අපි තව තවත් මේ වගේ දේශපාලකයන් බිහිකරන්න ඕනෑ. අපිට නැතත් ඒ අයටවත් දෙවියෝ බලන්නේ නැතෑ (නි)
මේවා සාධාරනව හම්බකළ සල්ලිද? මේවා ගැනත් හොයලා බලන්න (නි)
ඔය ගල මොන වර්ගයේ ගලක්ද දන්නෙ නැහැ. මම කිවුවේ ගලේ නම... (නි)
කිසිම අභ්‍යන්තර වටිනාකමක් නැති ගොඩක් මිනිස්සු තමුන්ට වටිනාකමක් ඇති කරගන්න මිල අධික රත්තරන් මුතු මැණික් පළදිනවා. මෙතුමා ගැන මුළු රටම හොඳ හැටි දන්නා නිසා වැඩිය මොකුත් ඕනෑම නැහැ. (ර)
එන එන පාරට එන එන ආණ්ඩුවට පැන පැන ඇමතිකම් අරගනිමින් ඒ ඒ අයට කෑ ගහන් ඉන්න හේතුව දැන් පේනවා නේද? (ර)
ලංකාවේ හැමදේකම තියෙන්නේ බොරුව, වංචාව දීනකම කියන වචන නේ (බ)
කොහොමත් පෙරලුන පැත්ත හොඳේ කියන මිනිහෙක් බොහොම දුක් මහන්සිවෙලා පුංචි ගෙයක් හදාගත්ත මිලියන 60 විතර පුංචි මුදලක් ගියේ (බ)
ටිනාකම අඩු නිසාලු කාන්තාවෝ රන් අබරණ පලදින්නේ තමන්ගේ වටිනාකම වැඩි කරගන්න.මේකට කාන්තාවෝ තරහ වෙන්න එපා.(කෞ)