අාඩිගල ගම්මිරිස්වැවේ අලහකෝන් සිය බිරිය හා දරු තිදෙනා සමග දුක සේ පැල්පතක ජීවත් වීම ගැන ලංකාදීප එසැණ පසුගිය ජනවාරි පළමු වැනිදා වාර්ති කිරීමෙන් පසු එසැණ පාඨකයන් පිරිසක් එක්ව ඔවුනට ඉඩමක් මිලට ගෙන පරිත්‍යාග කර තිබේ.
එහෙත් එම ඉඩම් කැබැල්ලේ නිවසක් ඉදිකිරීමට තරම් ඔවුනට වත්කමක් නොමැති බවත් තවමත් ජීවත් වන්නේ බිත්ති පුපුරා ගිය පැල්පතේය.
නිවසේ ඇතැම් බිත්ති පෙරළී යාමට බෙහෙවින් ආසන්න බැවින් දරු තිදෙනා ද සමග බයෙන් ජීවත් වන බව සිරියාවතී මහත්මිය කීවාය.
කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන මෙම දරුවන් වැසි දිනට මෙම නිවසේ මැටි පොලවේ උල් දිය දාන විටදී ඉටිරෙදි එලාගෙන සීතලේ ගුලි ගැසී නිදා ගනිති.
ඔවුන් සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය - 0721408944
එච් එච් සිරියලතා මැණිකේ නමින් කොමර්ෂල් බැංකුවේ ගලේවෙල ශාඛාවේ ගිණුම් අංකය - 8090026704
ජනවාරි පළමු වැනි දා පළ වූ පුවත - ‘ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ පැත්තෙ සැපපහසු ගෙවල්වල ඉඳගෙන ආණ්ඩුවෙන් දෙන සහනාධාර ගන්න අයගෙ සහනාධාර ටික කපලා මේ අහිංසක මනුෂ්‍යයින්ට දෙනවා නම් කොයිතරම් පිනක්ද? (නි)
සැප කාර් ඉල්ලන අය ඉන්නේ කොහෙද? ඔවුන් එම තැනට පත් කරන්නේ දුප්පතුන් (බ)
සෑම මිනිසකුටම සැප පහසුවෙන් ජීවත් වෙන්න බැහැනේ. මේවගේ අයත් ඉන්න ඕනේ (බ)
ලංකාවේ ඉන්න කවුරුහරි මූලිකත්වය සහ වගකීම ගන්නවානම් මට පුලුවන් උදව් කරන්න. මේ නිව්ස් එක කියවන ගොඩක් අය ඇති එහෙම උදව් කරන්න බලාගෙන (බ)
අයිරාංගනී, මන්ත්‍රීලා කියන්නේ සැප විදින ඉපදිච්ච උදවිය. පෙර පින.මහජනතාවගෙන් බදු අරගෙන ඒගොල්ලෝ සුපිරි වාහනවල යන එක ඇත්ත. ඒ ඇරෙන්න වාහන පර්මිට් අරගෙන ඒ සල්ලිවලින් රජ සැප විදින එකත් ඇත්ත. පිටරට පවුල් පිටින් සවාරි යන එකත් ඇත්ත. හැබැයි අපි කාගේවත් සැපතට ඊරිසියා කරන්න හොද නැහැ. (බ)
මේ වගේ ස්ථාන තවත් තියෙනවා. තොරතුරු දෙන්න පුළුවන්. (බ)