බොරළුගොඩ සිංහයා නමින් ඉතිහාසයට එක් වු පිල්ප් ගුණවර්ධන මහතාගේ බිරිඳවූ කුසුමා ගුණවර්ධන මහත්මිය පාර්ලිමේන්තුවේ කළ කතා එකතුව ඇතුළත් පුස්තකය එළි දැක්වීම පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහ මහතාගේ නිවසේදී පැවැත්විණි.

1912 මැයි 26 වැනිදා  මැද කැටියේ උපන් කුසුමා 1939 දි  පිලිප් හා විවාහා වීය සිය සැමියා සමඟ සමාජවාදී ව්‍යාපාරයට එක්වු ඇය ඔහු සමඟ සිර බත්ද කෑවාය

ප්‍රවීණ මාධ්‍යව්දී එස් පියසේන මහතා මේ පොතේ සංස්කාරකවරයාය

මරදාන එස් ගොඩගේ සමාගමෙන් එළි දැක්වු පුස්තකයේ පළමු පිටත සිරිසුමන ගොඩගේ මහතා  මාධ්‍යවේදී එස් පියසේන මහතා වෙත මෙහිදී පිළිගැන්විණි.

 

අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා සිය මවගේ ඡායාරූපයට මුලින් පුෂ්පෝපහර දැක්වීය.

ගීතාංජන ගුණවර්ධන පුතා  ,සහ ලක්මාලි ගුණවර්ධන දියණිය ද එහි වූහ

ලක්මාලි සිය මවගේ ජීවිත කතාව ද ලියුවාය

kkk DSC09996 DSC09994  DSC00005 DSC00009 DSC00035 DSC00046 DSC09986 DSC09994 DSC09996 kkk