89 කලබල කාලයේ සිසුවකු (16) මරා දැමීයැයි අට වසරක සිර දඬුවම් නියම වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතා ගොනු කළ අභියාචන පෙත්සම අවසන් වන තුරු රුපියල් ලක්ෂ 20 මුදල් හා රුපියල් ලක්ෂ 60ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස පානදුර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියෝග කළේය.
ජුනි 18 වැනි දා දඩුවම් නියම වූ සිල්වා මහතා තමා නිවැරදි බව කියමින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් හොරණ මිනිස්සු අපි දන්නවා මෙයාගේ ක්‍රියා කලාපය (ස)
මොහු නිදහස් වෙයි (ස)
මමත් මොහුව දන්නවා. මගේ යහළුවෙකුගේ පැමිණිල්ලක් ප්‍රමාද නැතුව විසදලා දුන්න. රාජකාරියේදී ඉතාමත් තද වුණත් අවංක දක්ෂ නිලධාරියෙක්. මේ වගේ නිලධාරීන් අපේ පොලිචේ සේවයට අවශ්‍යයි .(අ)
තමා නිවැරදි නම් ඒ වැරැද්ද කළේ කවුද එතකොට. (බ)
පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු අමානුෂික නිළධාරියෙක්. (ස)
මෙවැනි වැඩිහිටි නිලධාරියෙක් පොඩි දරුවෙක් මරා දැමුවා නම් ඔහුට දියයුතු දඩුවම මොකක්ද? දරුවාගේ දෙමා පියන්ගේ මානසිකත්වය කුමක්ද? ඔහුගේ දරුවෙකුට උනානම්? (ර)
ඔහු අවංක පොලිස් නිලදාරියෙක්. මෙය ඔහු කලාද නැද්ද කියල අපි කොහොමද දන්නේ. මොහු පගා ගහන හොර වැඩ කරපු නිලදාරියෙක් නෙමෙයි . දක්ෂ නිලදාරියෙක්. (ස)